ලොව පුරා ප්රගතිශීලි ජනයාගේ මහත් ආදරයට හා ගෞරවයට පත් මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායේ රදවාගෙන සිටී.
ගාසා තීරයට මානුෂීය ආධාර ගෙන ගිය 12 දෙනෙකු රැගත් මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායල හමුදා විසින් ඔවුන්ගේ යටතට ගැනීමෙන් පසු ඊශ්‍රායල වරාය නගරයක් වන අෂ්ඩෝඩ් වෙත රැගෙන ගොස් තිබෙන බව බීබීසී ඇතුලු ලෝක ජනමාධ්‍ය වාර්ථා කරනවා.
ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පවසන පරිදි ස්වීඩන් ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් ඇතුළු යාත්‍රාවේ සිටින පිරිස “හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සහතික කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා අනුව සති අන්තය වෙද්දී බොහෝ විට මෙම ක්‍රියාකාරීන් 12 දෙනාම පිටුවහල් කිරීම හෝ ඔවුන්ට නඩු විභාගයක් පැවත් වීමට ද ඉඩ ඇත.
ඊශ්‍රායල නාවික අවහිරයකට එරෙහිව ගාසා තීරයට “සංකේතාත්මක” ආධාර ප්‍රමාණයක් ගෙන ඒම මැඩ්ලීන් හි අරමුණ විය.
බ්‍රසීලය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ තුර්කිය යන රටවල පුරවැසියන් මෙම නෞකාවේ සිටිති. ඔවුන් අතර යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රංශ මන්ත්‍රීවරියක වන රීමා හසන් සහ අල් ජසීරා හි ප්‍රංශ මාධ්‍යවේදියෙකු වන ඕමාර් ෆායාඩ් ද වෙති.
ජාත්‍යන්තර ඇමනෙස්ටි සංවිධානය ඊශ්‍රායල් බලධාරින් වෙත කල විශේෂ නිවේදනයක් මගින්, යාත්‍රාවේ සිටින 12 දෙනාගේ “ආරක්ෂාව” සහතික කරන ලෙස ඉල්ලා ඇත.

ගාමිණී මුතුකුමාරණ-Gamini Muthukumarana