ප්ලේටෝ, සිරකූස් නුවර ඩයොනිසියස් රජු සමඟ සම්බන්ධ වුණේ දාර්ශනිකයෙකු ලෙසයි. ඔහු රජුට රාජ්‍ය පාලනය පිළිබඳව උපදෙස් දුන්නා. ප්ලේටෝගේ අදහස වුණේ දාර්ශනිකයන් රාජ්‍ය පාලනය කළ යුතුයි කියන එකයි. ඒ වගේම දාර්ශනිකයන්ට රාජ්‍ය පාලනයේ යෙදෙන්න පුළුවන් නම් සාධාරණ සමාජයක් ගොඩනගන්න පුළුවන් කියලා ඔහු විශ්වාස කළා. නමුත් ප්ලේටෝ සහ ඩයොනිසියස් අතර මත ගැටුම් ඇති වුණා. ප්ලේටෝව සිරගත කිරීම්වලට පවා ලක් වුණා. හයිඩෙගර්, 1933 දී නාසි පක්ෂයට බැඳුණා. ඔහු එම පක්ෂයේ දේශපාලන අරමුණු වලට සහයෝගය දුන්නා. ඔහු විශ්ව විද්‍යාලයේ රෙක්ටර් ධුරය පවා දැරුවා. හයිඩෙගර්ගේ ක්‍රියාකාරකම් බොහෝ විවේචනයට ලක් වුණේ, ඔහු නාසිවාදයට සහයෝගය දුන්නා කියන චෝදනාව මතයි.

ඔහුගේ සමහර ලේඛනවලත්, නාසි අදහස්වලට සම්බන්ධකම් තිබෙන බවට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත්, යුද්ධයෙන් පසුව හයිඩෙගර් ඔහුගේ නාසි සම්බන්ධය ගැන පසුතැවුණා කියලා කිසිම තැනක සදහන් වෙන්නේ නැහැ.මෙම සිදුවීම්, දාර්ශනිකයන්ගේ අදහස් සහ ඔවුන්ගේ ක්‍රියාවන් අතර ඇති සම්බන්ධය පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීමට අපට අවස්ථාව සලසනවා. ෂ්මිට් වැනි චරිත ගැන කතා කරන විට, ඔහුගේ දාර්ශනික අදහස් ඔහුගේ පෞද්ගලික අදහස්වලින් වෙන්කර හඳුනාගත යුතුද, නැද්ද යන්න තීරණය කිරීම වැදගත් වෙනවා.

අපි මෙහිදී මැක්ස් වෙබර්ගේ වැදගත් සංකල්ප දෙකක් වන “සාක්ෂාත්කරණ ආචාර ධර්ම” (Ethics of Ultimate Ends) සහ “වගකීමේ ආචාර ධර්ම” (Ethics of Responsibility) අතර වෙනස ගැන කතා කරමු. මේවා දේශපාලනය සහ සමාජ ක්‍රියාකාරකම් තේරුම් ගැනීමට උපකාරී වන වැදගත් සංකල්ප දෙකක්. සාක්ෂාත්කරණ ආචාර ධර්ම යෙදී(Ethics of Ultimate Ends)පුද්ගලයා තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා, තමන්ගේ විශ්වාසයන්ට අනුව කටයුතු කරනවා. මෙහිදී අරමුණ ඉතා වැදගත් වෙනවා. යම් පුද්ගලයෙක් යම් සදාචාරාත්මක මූලධර්මයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්, ප්‍රතිඵලය කුමක් වුවත්, එම මූලධර්මයට අනුව කටයුතු කරනවා. උදාහරණයක් ලෙස, විප්ලවවාදියෙක් තම අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙළඹිය හැකියි. ප්‍රතිඵලය කුමක් වුවත්, තම විශ්වාසයන් වෙනුවෙන් පෙනී සිටීම මෙහිදී වැදගත් වෙනවා. වගකීමේ ආචාර ධර්මයෙදී (Ethics of Responsibility)වෙන්නේ ක්‍රියාවන්හි ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරනවා. යම් ක්‍රියාවක් කිරීමේදී, එහි ඇති විය හැකි ප්‍රතිඵල ගැන සිතා බලා කටයුතු කරනවා. දේශපාලනඥයෙක් තමන් ගන්නා තීරණවලින් ඇතිවන ප්‍රතිඵල ගැන වගකීමෙන් කටයුතු කරනවා. ප්‍රතිඵල හොඳ නැත්නම්, ඔහු වගකිව යුතුයි. දේශපාලනඥයෙක් තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ගැන සැලකිලිමත් විය යුතුයි.
“සාක්ෂාත්කරණ ආචාර ධර්ම” තුළ, ක්‍රියාවෙහි අරමුණ (අධිෂ්ඨානය) වැදගත් වෙනවා. ප්‍රතිඵල එතරම් වැදගත් නැහැ. “වගකීමේ ආචාර ධර්ම” තුළ, ක්‍රියාවන්හි ප්‍රතිඵල වැදගත් වෙනවා. ප්‍රතිඵල ගැන සිතා බලා කටයුතු කිරීම මෙහිදී වැදගත් වෙනවා. වෙබර් විශ්වාස කළේ දේශපාලනයේදී “වගකීමේ ආචාර ධර්ම” වැදගත් බවයි. දේශපාලනඥයෙක් තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ගැන වගකීමෙන් කටයුතු කළ යුතුයි.ඉතින්, මේ දෙකම වැදගත් ආචාර ධර්ම වර්ග දෙකක්. නමුත් දේශපාලනයේදී “වගකීමේ ආචාර ධර්ම” වඩාත් වැදගත් වෙනවා. මොකද දේශපාලනඥයෙක් තමන්ගේ ක්‍රියාවන්ගෙන් සිදුවන දේ ගැන වගකීමෙන් කටයුතු කළ යුතුයි.

Mandis Murrukkuwadura





