භාණ්ඩ නිෂ්පාදනය එහි සමාජ ස්වරූපයෙන් පංති සබඳතා අනුව ඉතිහාසය පිරික්ෂා බැලුව හොත් නිෂ්පාදිත භාණ්ඩ යුගයෙන් යුගයට පරිණාමීය ලක්ෂණ සහිතව හදුනා ගත හැකිය.

මානව ශ්‍රමය, ස්වභාවධර්මය සහ නිෂ්පාදිත භාණ්ඩ අතර සමාජ මැදිහත් වීමක් ලෙස සැලකිය යුතුය යන්න කාල් මාක්ස් zThe German IdeologyZ
කෘතියෙහි සදහන් කරන්නේ; “නිෂ්පාදන ක්‍රියාවලියේදී මිනිසා ස්වභාවධර්මය මත පමණක් නොව මානව සම්බන්ධතා මත ද ක්‍රියා කර නිෂ්පාදිත භාණ්ඩය, සාමූහික ශ්‍රමය හා ජීවන මාර්ගය සමග සාමූහික ක්‍රියාකාරකම් හරහා අන්‍යෝන්‍යව හුවමාරු කරගෙන, එකිනෙකා සමග නිශ්චිත සම්බන්ධතා හා නව සබඳතාවලට ඇතුල් කරගෙන සමාජ සම්බන්ධතා තුළින් ස්වභාවධර්මයේ ම පමණක් නිෂ්පාදන ක්‍රියාවලියට මුල පුරයි” යනුවෙනි.
මාක්ස්ගේ සංකල්පයෙන් ඇඟවෙන්නේ: නිෂ්පාදනයේ සමාජ ස්වරූපය සහ එහි ද්‍රව්‍යමය හා ජීවී බලවේග අඛණ්ඩව පරිණාමය වෙමින් පවතින ස්වාභාවික ලෝකයෙන් වඩ වඩාත් හඳුනාගත හැකි බවයි. එය නිශ්චිතව ම ස්වාභාවික මානව නිෂ්පාදනයක් දක්වා වර්ධනය කිරීම සඳහා ශ්‍රමය යතුර දරන බවයි.
වැඩ කරන ජනතාගේ වර්ධනය නැමති විෂයෙහි නිෂ්පාදනයේ සෑම නව අදියරක් සමග සහ ස්වභාවධර්මය කෙරෙහි ඔවුන්ගේ නිශ්චිත සබඳතාවලට අනුරූප වන, යම් ‘සංවිධාන රාමුවක්’ මානව ඉතිහාසයේ වරින් වර පැන නැගුණ අතර මනුෂ්‍යත්වයේ සාමූහික ඉතිහාසයක් හැඩගස්වා ගත්තේ සංවිධාන වීම තුළය. මනුෂ්‍යත්වයේ ඉතිහාසය වර්තමානයේ ද නිර්ණය කරන්නේ ස්වභාවධර්මය තුළ ගොඩනැගෙන ශ්‍රම සාමුහිකත්වයකිනි. එවිට ශ්‍රමය යනු සංවිධාන ප්‍රපංචයකි.
මාක්ස්වාදී දර්ශනය තුළ මානව ඉතිහාසය සම්පූර්ණයෙන් ම ස්වාභාවික භෞතිකයෙන් වෙනස් කළ ආකාරය පහත පරිදි දැක්විය හැකිය: “මානව නිෂ්පාදන සඳහා අවශ්‍ය ස්වාභාවික තත්වයන් බල නොපාන ලෙස ස්වභාවධර්මයේ ස්වාභාවික නිෂ්පාදනයට වෙනස්ව විකෘති අවශ්‍යතාවයක් වෙනුවෙන් ධනේශ්වර සමාජය එය වඩ වඩාත් වෙනස් කර ඇත.“ ඇත්ත වශයෙන්ම, මානව නිෂ්පාදනයට සමාජ විද්‍යාත්මක ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන බව මාක්ස් පෙන්වා දෙන්නේ: “ස්වභාවධර්මය සමග නිෂ්පාදන ක්‍රියාවලිය අස්වාභාවික හා අකාබනික තත්වයන් සමග මානව ශ්‍රම එකමුතුවක් ලෙස ධනේශ්වර සමාජය කටයුතු කරන බැවින්, ඓතිහාසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන ස්වභාවධර්මය සමග මානව සම්බන්ධය එකතු කර ගැනීමට නොහැකි අස්වාභාවික තත්වයක් ඇතිකර ගැනීමක් පමණි සිදුවෙමින් පවතියි” යනුවෙනි.
කෙසේ වෙතත්, මාක්ස් සඳහන් කරන ස්වාභාවික තත්වයන්ගෙන් මානව පැවැත්ම වෙන් කිරීමට ධනේශ්වය කරන නිෂ්පාදනය නිසා ස්වභාවධර්මයෙන් වියුක්ත සහසම්බන්ධය ව්‍යසනයක් දක්වා ගමන් කරාවි යන ප්‍රස්තූතය ද සහිතවය.

එය වර්තමානයේදී ගෝලීය උණූසුම සහ ගෝලීය දේශගුණ විපර්යාසවලින් තහවුරු වී තිබේ. එය ස්වභාවධර්මයේ සිට ධනය නිෂ්පාදනය ස්වයංක්‍රීයකරණය කිරීම සංකේතවත් කරයි නම් ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය ස්වභාවධර්මයේ පවතින ස්වාභාවිකත්වයෙන් පිටුපා යන බව දැක ගත හැකියි. මෙහිදී මාක්ස් අවධාරණය කරන්නේ: “ශ්‍රමයේ සහ ස්වභාවධර්මයේ එකතුවක් ලෙස පාදක වන මූලික සාධකය ශ්‍රමය සූරාකෑමේ මාධ්‍යයන් ලෙස ධනේශ්වර කොන්දේසි භාවිතා කිරීම මගින් සිදුවන්නේ ස්වභාවධර්මය විසින් ස්වාභාවිකවයෙන් තීරණය නොකළ මාර්ග ඔස්සේ බවය.” මාක්ස් තවත් පොදු විවේචනයක් මෙයට සම්බන්ධ කරයි: “නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතා අතර අපෝහක මූලධර්මය තුළින් ඉතිහාසයෙන් ලැබුණා වූ චින්තනය නිවැරදිව ස්ථානගත කිරීමෙන් තොරව ධනේශ්වර විකෘති කොන්දේසි මානව සමාජය සංවර්ධනයේ නියත, ස්ථිතික අංගයක් ලෙස වර්ධනය කරයි” යනුවෙනි.
මාක්ස් ධනේශ්වර පාලකයන්ගේ විකෘති දැක්ම විවේචනය කරන්නේ ස්වභාවධර්මයේ ම ප්‍රතිනිෂ්පාදනයෙන් ලබන විමුක්තිය විසන්ධි කර මානව නිෂ්පාදනය, සමාජය සහ ස්ථිතිකත්වය ව්‍යාකූල කරන බවයි.
මාක්ස් යෝජනා කරන්නේ ස්වභාවධර්මය මානව බලපෑම්වලින් බැහැරව හෝ ස්ථිතිකව හෝ නොව මානව නිෂ්පාදනයේ ස්වාභාවිකත්වය මත පදනම්ව ගමන් කළ යුතු බවයි. සමාජීය සහ පංති-සූරාකෑමේ ධනේශ්වර ස්වභාවය (ප්‍රතිවිරෝධී) මානව පරිණාමීය අකණ්ඩත්වයෙන් වෙන කරන ප්‍රධාන බලවේගය වී ඇති බවයි. මානව නිෂ්පාදනය සහ එහි ස්වාභාවික තත්ත්වයන් සමාජයීය වශයෙන් නිපදවන අසමතුලිතතාවයන් වලට වඩා ස්වභාවධර්මය මත ස්වාභාවික අර්බුදවලට මානව සමාජයට දොස් පැවරීම විහිලු සහගතය. ඊට හේතුව, ස්වභාවධර්මය විසින් ස්වයං-සිද්ධව සපයනු ලබන මානව ශ්‍රමය විසින් සෘජුවම සපයනු ලබන ස්වාභාවික නිෂ්පාදනය කොන්දේසි මගින් සොබාදහම, මානවයා සහ ශ්‍රමය යන ඒකාබද්ධ සහභාගීත්වය සහිත ක්‍රියාවලියක් බවය. එනම් මාක්ස් මානව නිෂ්පාදනය ස්වභාවධර්මයේ ස්වාභාවික භූමිකාවක් ලෙස නිවැරදිව හඳුනා ගනියි.
මාක්ස්ගේ ඉදිරි දර්ශනය රැඳී ඇත්තේ මානව නිෂ්පාදනය සමාජ නිෂ්පාදනයක් ලෙස තවදුරටත් ස්වාභාවික තත්වයන් සහ සීමාවන් ගැන ස්වාභාවිකත්වයෙන් තොරව කතා කළ නොහැකිය යන ප්‍රස්තුතය මතය. ඒ වෙනුවට, කුමන ස්වාභාවික තත්වයන් ලෙස හෝ භාවිත අගයන් ලෙස හෝ ගණන් ගනු ලබන්නේ ද ධනය නිෂ්පාදනයේ සීමාවන් මොනවා ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයිම මගනි. නිෂ්පාදනය සොබාදහමේ ස්වාභාවිකතවයට හාත්පසින්ම වෙනස් නම් ස්වභාවධර්මයේ මානව පරිණාමයෙන් එහි අවශ්‍ය නිෂ්පාදන කොන්දේසි විසන්ධි කරන්නේ නම්, මේ ගමන් කරන ධනපති ආකෘතිය ව්‍යසනයක් දක්වා ගමන් කරනු ඇත.
කිසියම් මානව නිෂ්පාදන පද්ධතියක ස්වාභාවික තත්වයන් සමග ස්වභාවධර්මය හඳුනාගත හැකිය යන උපකල්පනය පසුගිය කාලය පුරාම සමාජයේ කතා බහට ලක් වූ මාතෘකාවකි. මෙම උපකල්පනය යටතේ, පාරිසරික තිරසාර හැකියාව හෝ පාරිසරික අර්බුදය දැනට ප්‍රමුඛ නිෂ්පාදන සබඳතාවයන් හැර වෙනත් කොන්දේසි නිර්වචනය කළ නොහැක.
යම් පාරිසරික පද්ධතියකට අවශ්‍ය ස්වාභාවික තත්වයන් මගින් සමස්ත ස්වභාවධර්මය හඳුනා නොගන්නේ නම්, එම සිතුවිල්ල මත පදනම්ව ජෛව විවිධත්වය හා සොබාදහම ව්‍යසනයක් දක්වා ගමන් නොකර ක්‍රමානුකූලව හොඳ අතට හැරෙන බව කෙනෙකුට සිතිය හැකිය. එය මනසින් කරන විග්‍රහයක් විනා සමස්ත ස්වාභාවිකත්වයෙන් වෙන් වුණ විශ්ලේෂණයකි. මෙය මාක්ස්ගේ දෘෂ්ටියට අනුව මානසික උපකල්පනයක් පමණි.
මානව නිෂ්පාදනය ඔවුන්ගේ නිෂ්පාදනයේ කොන්දේසිවලින් සමාජ ස්වභාවයට සාපේක්ෂ ඉතිහාසය ස්වාභාවික භෞතිකයේ අංගයකි. ස්වාභාවික භෞතිකවාදය මාක්ස්වාදයේ ප්‍රධාන දාර්ශනික සංකල්පයයි. අපට සමාජයේ සහ සොබාදහමේ සුසංයෝගී පරිණාමයක අවශ්‍යතාවය ඓතිහාසිකව හා අනාගතයේ ද වැදගත් නිසා ව්‍යසනයට විරුද්ධව ස්වාභාවික පරිණාමයකට ඉඩ සැලසීම මානව අවශ්‍යතාවයකි. ව්‍යසනය තුළින් අහිමිවීම හඳුනාගත් මාක්ස්ට හෝ මාක්ස්වාදයට හෝ ස්වාභාවික භෞතිකවාදයට හෝ දොස් පැවරීම තුළින් මාක්ස්වාදී දෘෂ්ටියට කිසිදු හානියක් නොවන්නේය. ස්වභාවධර්මය සමග මානව නිෂ්පාදන කොන්දේසි සහ ධනයට ගැති අර්ථ දැක්වීමකින් ප්‍රාග්ධනය ගොඩගසා ගැනීම විකෘති අවශ්‍යතාවයකි. එය ලෝකයේ සෑම රටකම සිදුවීගෙන යන ස්වාභාවිකත්වය විනාශ කරන තැනට වර්තමානය වන විට පත්වී අවසන්ය. මෙම අර්ථයෙන් ගත් කල, සමාජය සහ ස්වභාවධර්මයේ වඩාත් සමගාමී පරිණාමයක් පිළිබඳ දැක්ම රඳා පවතින්නේ සූරාකෑමට ලක් නොවන සමාජ සම්බන්ධතා මගින් සාදන ලද මානව නිෂ්පාදන තත්වයන් සහ ස්වභාවධර්මය අතර ස්වාභාවික සහසම්බන්ධය මගින් බව පැහැදිලිය.
ස්වභාවධර්මය අදාළ වන්නේ ද ස්වාභාවික භෞතිකයට සෘජුවම මුහුණ දෙන විකෘති ආකාරය අනුව නොවේ. ස්වාභාවිකත්වය ස්ථාපිත කිරීමට නැවත අවශ්‍ය වන්නේ භෞතිකය ස්වාභාවිකත්වය තුළින් ස්වාභාවිකව ගොඩනැගීමට ඉඩ දීම තුළින් පමණි. ඓතිහාසික භෞතිකවාදය ස්වභාවධර්මය කොන් කළේ කවදා ද සහ කෙසේ ද යන්න මෙම ආන්තිකකරණය තාර්කිකව හෝ භෞතිකවාදීව හෝ පංති පදනමක හෝ නියෝජනය කළේ ද යන්න ව්‍යසනයේ ස්වභාවය මෑත කාළීනව ගෝලීය උණුසුම සහ ගෝලීය දේශගුණ විපර්යාස වලින් පැහැදිව දැක ගත හැකිය.
මෙහිදී නැවතත්, ස්වාභාවික භෞතිකය වටහා ගැනීමට පරමාණුවේ ආරම්භක අවස්ථාවේ සිට විශ්වයේ විදාරණය දක්වා හඳුනාගැනීම වැදගත්ය. එවිට විශ්වයේ ස්වාභාවික භෞතිකවාදයේ සිද්ධි වාචකය හඳුනාගත හැකි වනවා පමණක් නොව විශ්වයේ ස්වාභාවිකත්වය ආරම්භවන්නේ පරමාණුවෙන් බව අවබෝධ වන්නේය. එවිට ප්‍රායෝගික වැදගත්කම තර්කයෙන් පැහැදිලි නොකර ස්වාභාවික භෞතිකයේ අවසාන ස්වාභාවික සීමාවන් හෝ ස්වභාවයට සාපේක්ෂව මානව පරිවර්තනය වඩාත් ඵලදායී ලෙස ප්‍රතිනිර්මාණය කළ හැකි බව අවබෝධයට පැමිණිය හැකිය.

චමිල් ජයනෙත්ති.- Chamil Jayaneththi





