යුද්ධයෙන් දිනුවෙක් නැත…

2009  පෙබරවාරී 13 තමා මම වසර දෙකක දේශපාලන රැදවියකුව සිට නිදහස ලැබුවේ. නඩු පැවරීමට තරම් කරුණු නැතිබව නීතීපති කියූ නිසයි එසේ මුදා හැරියේ.

ඒ අවුරුද්දේ මැයි පෙලපාලීයේත් අපි යුද්ධයට විරුද්ධව පෙලපාලී ගියා.

මැයි 19 සැම තැනම යුධ ජය සැමරුම් පෙලපාලී, කිරිබත් දන්සල් තිබුනා. අපේම රටේ දෙමළ ජනයා තමන්ගේ වේදනාවන් සඟවා ගෙන රහසේ හැඩුවා.

ඒක යුධ විරෝධින්ටත් අනතුරුදායක කාලයක්.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ” ජනතාව ප්‍රකෝපවී කරන දේවල් වලට තමන්ට වගකිව නොහැකියි” යැයි කියා සිටියා.

ඒක දෙවෙනි වුනේ 1977 මැතිවරණ ජයෙන් පසු ජේ.ආර් පොලීසියට නිවාඩු දීපු එකට. පරාජිත දේශපාලන පක්ෂ වලට සහ අනුගාමීකයින්ට එරෙහි ප්‍රචංඩත්වය දියත් වුනේ එහෙම 

රජයේ කාර්යාලය යුධ ජයට සුභ පතලා මහින්දගේ , ගෝඨාභය සහ යුධ නායකයුන්ගේ චායරූප දාලා බැනර් දැම්මා.

එදා මම මරදාන දුම්රිය ඩීසල් විදුලි ධාවනාගාරයේ හිටියේ. ජ.වි.පේ, ශ්‍රී ලංකා එකේ දේශපාලන ආධාරකාරයින් සුභ පැතුම් බැනරයක් දාන්න සල්ලි එකතු කරනවා. රත්නායක තමා සල්ලි එකතු කලේ .

මගෙනුත් සල්ලි ඉල්ලූවා.” මම  ඔයවගේ වැඩවලට සල්ලී දෙන්නේ නැහැ” කීවම ඔහු ගියා. ඔහු මැරයෙක් ලෙසත් ප්‍රසිද්ධ කෙනෙක්. ” කාපේරී රත්නායක ” කියලා තමා දුම්රියේ ඔහුව හැදින්නුවේ . මම නිදහස් වෙලා ආපු වෙලාවේ එහි ආවෝත් ගහලා පන්නන්න රත්නායකට ජ.වි.පේ අය (. ඔවුන් මගේ සමකාලීනයින් ) බාරදීලා තිබුනා.

රත්නායක මට ඒක කියලා කිව්වා “මට පිස්සුද සරත් ඔයාට ගහන්න .. මම ඔයාව නොදන්න කෙනෙක්ද කියලා ” ඉතින් මැරයෙක් වුනත් මම සල්ලී දෙන්නෑ කීවම  ඔහු ඒක ඉවසුවා.

යුද්ධයෙන් දිනුවෙක් නෑ පරාජිතයින් මිස

දැන් ලංකාවේ බොහෝ අය ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍යයේ පලස්තීන ජනයාට එරෙහි වර්ග සංහාරයට එරෙහී වෙනවා .හැබැයි ඊට සමගාමීව ලංකාවේ සිදුවූ වර්ග සංහාරයක ජය ඉහලින් සමරනවා . ඔවුන්ගේ සහකම්පනයේ තියෙන්නේ ද්විත්ව සදාචාරයක්

දෙමළ ජනයා වෙනම රාජ්‍යයක් ඉල්ලා මරාගෙන මැරෙන “බෝම්බ බවට පත්කල ” දකුනේ සිංහල අධිපතිවාදී දේශපාලනය ගැන කතානොකර එය විග්‍රහ කල හැකිද?

” හේතුව සඟවා ථලය ගැන කතාකිරීම ” යුක්තිසහගත ?

දෙමළ ජනයාගේ නිදහස් අභිලාශයන් උදෙසා ඔවුන් අවතීර්ණ වූ අරගලයේ”දේශපාලන දෘෂ්ටියේ සහ උපායමාර්ගීක කරුණු ගැන අපට විවේචන තිබිය හැක ” එහෙත් එය නිදහස් අරගලයක් ය.

පාලකයින් ඇවිලවූ ජාතීවාදී උගුලේ දකුණේත් , උතුරේත් පීඩිත දෙමාපියන්ගේ දරුවන්ට  ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවීය.

පාලකයෝ ලෝකේට ණය වී උතුරට බෝම්බ හෙලීය. ලෝක බැංකුවෙන් ලබාගත් ණය පවා යුද්ධයට වැය කලහ. ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමට හේතුවූ මෙම කරුණ දකුනේ වමේ සිට දකුණට වු සියල්ලෝ සගවන්නේය

උතුරේ දරුවන්ට ගිණි අවි දැරීමට වාර්ගීක නොසලකාහැරීම් බලකෙරින.

දකුණේ අති බහුතර දරුවන්ට විරැකියාව යුද අවි දැරීමට බලකෙරින.

යුධ මෙහෙයවූ උන්ට වෙඩි උන්ඩයේ සිට මීනී පෙට්ටිය දක්වා යුද්ධය ලාබ දායි ව්‍යාපාරයක් වීය..

1948 දී නිදහසින් පසු දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආකෘතියක් නිර්මානය කිරීමට බහුතර සිංහල දේශපාලුවන්ට අවැසි නොවීය. දෙමළ ජනයාගේ සාධාරණ දුක් ගැනවිලි, ඉල්ලීම් වලට පිලිතුර උන්ඩය වීය..

ශ්‍රී ලංකා මාතාවගේ එක් දරුවෙක් සිංහල කතාකරන අතර අනෙක් දරුවන් ( දෙමළ සහ මුස්ලිම්) දෙමළ කතාකරයි. දෙගොල්ලෝටම ඇගේ ආදරය , රැකවරණ  එක සමානව භුක්ති විඳීමට අයිතියක් ඇත.

යුද්ධයෙන් මියගිය සහ සදාකාලීක ආබාදිතවූ  සෙබලුන්ගෙන් 99.99% කුඩා කාලයේ අපේක්ෂා ව සොල්දාදුවෙක් වීම විය නොහැක (I hope to be a soldier.)පාලකයින් ඔවුන්ගේ අපේක්ෂාවන් මැරූහ. ප්‍රභාකරන් සහ දෙමළ ජනතා නිදහස් සටන් කරුවන්ද උපදින විට අවි දරා සිටියේ නැත.

සරත් මද්දුමාගේ
(ලංකාවේ හිටපු වෘත්තීය සමීතී , දේශපාලන ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීයෙක්.දේශපාලන සිරකරුවෙක්.)

More From Author

ජිවිතේ ගීතයක් වගේ වෙලාවකට,

අපි අපේම ද ..( දිගු කෙටිකතාව 2 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348