තවත් වෙලාවකට හිත් දවන තවන සරදමක්.
මේ අන්ත දෙකක එහෙට මෙහෙට වීසි වේවි, කාලයත් එක්ක ම නොයෙකුත් ජීවන අත්දැකීම් ලැබුවාම තේරෙනවා මේ එකක්වත් ස්ථිරව පවතින දේවල් නෙවෙයි කියලා.
දුකක් ලැබුණත්, පොඩ්ඩක් ඉවසලා හිටියොත්,
සමහරවිට තව මිනිත්තු කීපයකින් වෙන්න පුළුවන්, පැයකින්, දවසකින් දින කීපයකින්, සතියකින්, මසෙකින්, ඒ සියලුම මනෝ භාවයන් වෙනස් වෙනවා.
එක්කෝ
සතුටකට පෙරලෙනවා.
එහෙම නැත්නම්,
සමාධිමත් සිතිවිල්ලක් ඇති වෙනවා.
එහෙමත් නැත්නම්,
තිබුණාටත් වඩා ශෝචනීය තත්ත්වයක් වෙන්නත් පුළුවන්.
ඉතින් කුමට හඬා වැටෙමුද..?
කුමට සිනා සළමුද.. ?
කුමට සුසුම්ලමුද…?
මේ මොහොතේ මනෝ භාවයන් මේ මොහොතේ ඇති සැටියෙන් දැක විඳ ගැනීමත්,
ඊ ළඟ මොහොතේ ඇති විය හැකි ඕනෑම අවස්ථාවකට හිත සූදානමින් තබා ගැනීමත් තමයි දැනට මං දකින හොඳම තත්ත්වය.
මේ මොහොතේ මං සමාධියෙන්.
සහනයෙන්.
ඊ ළඟ මොහොතේ ඕනම සිද්ධියකට උපේක්ෂා සහගතව මුහුණ දීමට සූදානමින්.
එහෙම ඉන්නකොට,
ඔන්න හිත සතුටින් පුරවන සිදුවීමක් වෙනවා.,..
ඊට වඩා දෙයක් නෑ ඉතින්,
ඒ සිතිවිල්ලේ,
සිදුවීමේ,
තදින් බැඳෙනවා.
අනේ ඒත් තව ටිකකින්.,
හිත කඩා වැටෙනවා.
තවත් ටිකකින්
‘අයියෝ.. ඕවා මොනවද..?
ඔයිට වඩා කොච්චර අමරු අවස්ථාවන් මං විඳ දරා ගෙන ඉඳලා තියෙනවද..? ‘
කියලා හිතලා..
අනේ වෙනදා වගේම තත්පර, විනාඩි, පැය, දවස්, සති, මාස අවුරුදු, ගෙවනවා.
මේ අතරතුර අපි ජිවිතේ විඳිනවා,
විඳවනවා..,
ගෙවනවා…,
යන්න දවස ආවාම යන්න යනවා..
ඔබට මට හැමෝටම වෙන්නේ ඔහොමයි.
ඒ නිසා සෑම සිදුවීමක්ම, දෙයක්ම, මනසට, හදවතට අනවශ්‍ය බරක් ලෙස නොගෙන හිටියාම හරී පහසුයි.
මානසික ව්‍යාධීන්, අසමතුලිත තත්ත්ව ඉබේ පහව යාවී. සැහැල්ලුව, සැනසීම නිරන්තරව ඔබ මා සමඟ වේව්.
ඉතින් එහෙනම්,
ආදරේට ආදරෙන්,
සිනහවට සිනහවෙන්,
අවංක කමට අවංකව,
හදවතට සැහැල්ලුවක් දීලා ඉන්නයි තියෙන්නේ.

දර්ශනී අබේසිංහ..✍





