විල්හෙල්ම් රීච් ඔහුගේ ජීවිතයේ දිගු කාලයක් නිහඩවම තමා මාක්ස්වාදියෙකු ලෙස හදුනා ගැනීමට කැමති විය. ඔහු මනෝ විශ්ලේෂණය පිළිබඳ ඔහුගේ පර්යේෂණ සඳහා මාක්ස්වාදයේ විද්‍යාත්මක විදික් ක්‍රම යොදා ගත් අතර මෙය ෆ්‍රොයිඩ්ගේ බොහෝ න්‍යායන් බිඳ දැමීමට වගේම අලුතින් වර්දනය කරලිමටත් ඉවහල් විය.
එක් අවස්ථාවක දී ඔහු ට්‍රොට්ස්කිට සමීප වූ නමුත් පසුව ඔහු ඔහුගෙන් ඇත් විය. ඔහුගේ ජිවිතේ සැලකිය යුතු දෘෂ්ටිවාදාත්මක පරිවර්තනයකට භාජනය වී ඇති බව ඔහුගේ ජිවිත කතාව කියවනකොට පෙනේ, සමහර විට බාහිර බලපෑම් හෝ පෞද්ගලික කලකිරීම නිසා එය එසේ සිදුවුවා විය හැකිය.
මාක්ස්වාදය වැළඳ ගැනීමේ සිට පසුව එය ප්‍රතික්ෂේප කිරීම හෝ සංශෝධනය කිරීම දක්වා වූ මෙම ගමනේදී, න්‍යාය සහ භාවිතය අතර පරස්පරතා සමඟ පොරබදමින් සිටි හෝ මාක්ස්වාදී නීත්‍යානුකූලභාවය ප්‍රකාශ කරන ඒකාධිපති පාලන තන්ත්‍රයන්ගෙන් පීඩාවට පත් වූ 20 වන සියවසේ බුද්ධිමතුන් කිහිප දෙනෙකුගේ අත්දැකීම් ඔහුගේ ජිවිත කතාව තුල නිතැතින්ම පිළිබිඹු කරයි.

උදාහරණයකට නිකොලායි බුකාරින්ව ගතහොත් මුලින් ප්‍රමුඛ බොල්ෂෙවික් න්‍යායාචාර්යවරයෙකු වූ ඔහු පසුව ස්ටාලින් විසින් ඔහුගේ මරණ දඬුවමට පෙර ඔහුගේ අදහස් කිහිපයක් ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.ඒ වගේම ආතර් කොස්ට්ලර්

Darkness at Noon(1940) ස්ටැලින්වාදය යටතේ දෘෂ්ටිවාදාත්මක ප්‍රතික්ෂේප කිරීමේ මානසික වධහිංසා නිරූපණය කළ නවකතාකරුවෙකි. ඉග්නාසියෝ සිලෝන් සමාජවාදී පරමාදර්ශ පාවාදීම දුටු පසු ඒකාධිපතිවාදය විවේචනය කළ කොමියුනිස්ට්වාදියෙකි.
වගේම ලෙස්සෙක් කොලකොව්ස්කි ඕතඩොක්ස් මාක්ස්වාදයේ සිට එහි ඓතිහාසික ඉදිරිපත් කිරීම් පිළිබඳ තියුණු විවේචනයකට යොමු වූ පෝලන්ත දාර්ශනිකයෙකි. මුල් විප්ලවවාදී ශුභවාදී බව සහ පසුකාලීන කලකිරීම අතර ආතතිය බොහෝ විට 20 වන සියවසේ දේශපාලන චින්තනයේ පුළුල් අර්බුදය මෙහිදී පිළිබිඹු කරයි.
විල්හෙල්ම් රීච් (Wilhelm Reich, 1897–1957) යනු මාක්ස්වාදය, මනෝවිශ්ලේෂණය (psychoanalysis), සහ විද්යාත්මක පර්යේෂණ අතර සබඳතා ගොඩනඟා ගත් අද්විතීය 20 වන සියවසේ ජීවත් වූ චින්තකයෙකි. ඔහුගේ ප්‍රධාන කාර්යයක් වුයේ මාක්ස්වාදී ආර්ථික-සමාජ විශ්ලේෂණ සහ ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ න්යායන් ඒකාබද්ධ කරලිමට උත්සාහ ගැනීම තුළින් “මනෝභාවයේ දේශපාලන ආර්ථිකය” (political economy of mental life) යන අලුත් සංකල්පයක් හදුන්වා දීමයි. රීච් විශ්වාස කළේ, ප්‍රචණ්ඩත්වය, ආධිපත්‍යවාදය, සහ පාලනයට නතුවීමට කැමති පුද්ගල චර්යා (authoritarian personality) යනාදිය පැමිණෙන්නේ පවුල් තුළ ඇති වන අවරෝදනය කිරීම් (repression) සහ පාලක වර්ගයේ සමාජ-ආර්ථික ව්යුහයන්ගේ අන්තර්ක්‍රියාවෙනි. ඔහුගේ( Mass Psychology of Fascism)1933 ග්‍රන්ථයේ, ෆැසිස්ට් පුද්ගලයාගේ මනෝවිද්‍යාත්මක පසුබිම විග්‍රහ කරන අතර, එය “සමාජීය යථාර්ථය’ මනස තුළ අභ්යන්තරකරණය වීම” (internalization of social conditions) ලෙස විස්තර කරයි.
මාක්ස්වාදය සහ මනෝ විශ්ලේෂණය අතර පවතින සබඳතා තේරුම් ගැනීමට ඔහුගේ ලිඛිත කෘති අගනා සම්පත් වේ.රීච්ගේ ජීවිතය සහ කාර්යය පෙන්වා දෙන්නේ චින්තනය, දේශපාලනය, සහ පුද්ගල ජීවිතය අතර ගැඹුරු සබඳතාවක් පවතින බවයි. ඔහුගේ අත්හැරීම් සහ ඛේදවාචකයන්, ඔහුගේ න්‍යායන්ටම අනුරූප වූ ආකාරයට, සමාජයීය පීඩනයකට ලක්වූ පුද්ගලයෙකුගේ අභ්‍යන්තර ගැටුම් නිරූපණය කරයි. රීච් 1920 දශකයේ වියනාවේ ෆ්‍රොයිඩ්ගේ සමීප සහකරුවෙකු වූ අතර, මනෝවිශ්ලේෂණයේ “දෙවන පරම්පරාවේ” ප්‍රමුඛ සාමාජිකයෙකු ලෙස සැලකිණි. ඔහුගේ මුල්කාලීන කෘති (උදා:

Character Analysis1933) ෆ්‍රොයිඩ්ගේ ලිබිඩෝ (libido) න්‍යාය සහ මාක්ස්වාදී ආර්ථික විශ්ලේෂණ සම්බන්ධ කිරීමට උත්සාහ කළේය.කෙසේවෙතත්, ෆ්‍රොයිඩ් සමඟ ඔහුගේ මතභේදාත්මක ගැටුම් (විශේෂයෙන් මානසික ශක්තියේ සමාජීය මූලාශ්‍ර පිළිබඳව) හේතුවෙන් රීච් 1934 දී ජාත්‍යන්තර මනෝවිශ්ලේෂණ සංගමයෙන් (IPA) නෙරපා හරින ලදී.
ඉන් අනතුරුව රීච් 1930 දශකයේ ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂයට (KPD) සමීප වූ අතර, මනෝවිශ්ලේෂණය සහ ඓතිහාසික භෞතිකවාදය අතර සබඳතා ගවේෂණය කලේය.
කෙසේවෙතත්, මාක්ස්වාදීන් (විශේෂයෙන් ෆ්‍රෑන්ක්ෆර්ට් පාසලේ න්‍යායිකයන්) ඔහුව හැදුන්වුවේ(සංකීර්ණ සංසිද්ධියක් එහි සරල හෝ මූලික සංරචක අනුව විශ්ලේෂණය කර විස්තර කරන පුද්ගලයෙක් ලෙසටය)reductionlist ලෙස විවේචනය කළහ. උදාහරණයක් ලෙස, ඇඩෝනෝ සහ හෝර්ක්හයිමර් ඔහුගේ “ජීවවේදී මාක්ස්වාදය” (biologistic Marxism) ප්‍රතික්ෂේප කළහ.
නාසිවාදය හමුවේ රීච්ගේ පලායාම (1933) සහ පසුව ඇමරිකාවේදී ඔහුට එරෙහිව ගෙන ගිය නඩු විභාග (1950 දශකයේ ඔහු නිපදවු උපකරණ විනාශ කිරීම) ඔහුව වැඩකට නැති චරිතයක් බවට පත් කළේය.
ශීත යුද්ධ සමයේ මාක්ස්වාදී අනුබැඳියක් ඇති ඕනෑම න්‍යායක් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාව ද රීච්ගේ කෘති නොසලකා හැරීමට බලපෑහ.ෆ්‍රොයිඩියන් වෘත්තීය සංවිධාන රීච්ගේ කෘති (non-canonical) ලෙස සලකා, ඒවා අධ්‍යයන විෂයමාලාවලින් ඉවත් කළහ. මෙය ඔහුගේ අදහස් පැතිරීමට බාධා ඇති විය.
රීච්ගේ The Mass Psychology of Fascism තුළින් ඔහු පෙන්වා දෙන්නේ, පවුල් තුළ ඇති වන අධිපතිවාදී සමාජීය ව්යුහ (උදා: පියාගේ ආධිපත්‍ය) දරුවන්ගේ මනසේ කැමැත්තෙන් පාලනය වීමේ ආකෘති” (authoritarian internalization) ලෙස අභ්‍යන්තරීකරණය වන බවයි. මෙම අදහස් පසුව ඇඩෝනෝගේ (The Authoritarian Personality(1950) ගවේෂණයට මග පාදා දුන්නේය.
රීච් අවධාරණය කළේ, අවරෝදනය(repression) ශරීරීය (somatic) ලෙස ද ප්‍රකාශ වන බවයි (උදා: පේශි කැක්කුම්, ශ්වසන රටා). මෙම අදහස් නූතන සෝමැටික් (somatic) මනෝචිකිත්සාවට බලපෑහ. මනෝභාවයේ දේශපාලන ආර්ථිකය නොහොත් රීච්ගේ ‘Political Economy of Mental Life’යන සංකල්පය, පසුකාලීන ජිල් ඩෙලූස් සහ ෆෙලික්ස් ගුවාටාරි

(Anti–Oedipus 1972) වැනි චින්තකයින්ට බලපෑම් කළේය. ඔවුන් රීච්ගේ අදහස් ව්යාප්ත කරමින්, කැමැත්තේ (ආශාවෙ) දේශපාලන ආර්ථිකය (desiring-production) පිළිබඳ න්‍යායන් ගොඩනඟා ගත්හ. කෙසේවෙතත්,රීච් නොමැතිව මනෝවිශ්ලේෂණයේ දේශපාලන අර්තික සම්බන්ය හෝ ෆැසිසිස්ට් මනෝවිද්‍යාවේ මුලාශ්‍ර තේරුම් ගත නොහැකියි.ඔහුගේ කෘති නූතන විචාරශීලී න්‍යාය, සමාජ මනෝවිද්‍යාව, සහ දේශපාලන චින්තනය සඳහා අත්‍යවශ්‍යය.
“ඔබ රීච්ව නොසලකා හැරියොත්, ඔබ 20වන සියවසේ මනෝවිද්‍යාවේ හෝ මනෝවිශ්ලේෂණයේ අඳුරු පැත්ත අඳුරේම තබනවා.”

Mandis Murrukuwadura





