විඳිමු අප සොබා දම ……..


සිහින් පොද ස්වරය සිතට සුවයක් ගෙනෙයි
සිසිල් මඳ පවන ගත ම සුවපත් කරයි
සිහින් නද විහඟුන්ගෙ දෙසවනට සෙත් පතයි
සිතින් දෙව්ලෝ ගියා වාගේ ඇත්තටම මට හැඟෙයි!

උදෑසන නෙත් දෙකට සුභ දසුන් පෙන්වන්න
දෙසවනින් කුරුලු ගී මන්තරය අහගන්න
එළිමහනෙ ඇවිදිමින් තද හුස්ම ඇරගන්න
ජීවිතය සුන්දරයි හරියටම විඳගන්න !

සිත ඔබේ හැම විටම ආදරෙන් පුරවන්න
දුටු මතින් මිනිසුන්ට කරුණාව දක්වන්න
තම තමන් කරන දේ නිවැරදිද බලන්න
දෙන දේම තමන්ටම
ලැබෙන බව සිතන්න !

“අපි උසස්මය” සිතන කුල මානෙ පසෙකලන්න
අපි හැමෝගෙම සිරුරේ රතු ලේය නිපදවන්නෙ
මව් කිරේ රසය අඩු වැඩිය නැත එන්නෙ
කව්රු ලොකු පොඩිද නෑ පස් ගොඩක සැඟවෙන්නෙ !

සොබා දහමට ඔබේ දහමට අනුව ඔබ හැසිරෙන්න
ලබා ගත් දේ ඇතිය වැඩි යමක් නොපතන්න
සදාකාලික නොමැති
දිවියේ කිසිදෙයක් බෑ
ගෙනියන්න
බදා ගන්නට එපා බෙදා දී සැනසෙන්න !

More From Author

පියාඹන කවිය

මාක්ස්වාදය සහ මනෝ විශ්ලේෂණය – විල්හෙල්ම් රීච්ගේ ජීවිතය සහ කෘති පිළිබඳ කරන සාමුහික හැදැරීමක සරල සටහනක්- 2

Leave a Reply

Categories

LDM Columns