පලාත් පාලන ආයතන තුල ජන අරගල සන්ධානයේ නියෝජනය තිබිය යුත්තේ ඇයි?
මධ්‍යම ආණ්ඩු මෙන්ම පලාත් පාලන ආයතන වල පවති පාලනයන්ද ජනතා පරමාධිත්‍ය ඡන්දය තුලින් ඔවුන් වෙත පවරාගෙන ජනතා අභිලාශ නොසලකා ඉහල ධනපති අවශ්‍යතා ඉටු කරමින් කටයුතු කර ඇත.
එබැවින් මෙම නියෝජිත ආයතනයන්ට ජනතා පරමාධිපත්‍යය පවරා නිෂ්ක්‍රීය වන ජනතාවක් වෙනුවට එම ආයතන වලට පිටින් සක්‍රීය ජනතා බලයක් ගොඩනැගීම අපේ වැඩපිලිවලේ මූලිකාංගයකි.
එසේ නියෝජිතායතන වලට පිටින් ගොඩනගන ජන සභා රටේ ව්‍යවස්ථාව තුලින්ද පිලිගැනෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් අපි පෙනී සිටිමු.
පිටින් හඩනගන ජනතා ව්‍යුහයන් සහ දැනටමත් ජනතාව යම් ආකාරයකින් ගොඩනගා ඇති ගොවි සමිති, ධීවර සමිති, ප්‍රජා සංවිධාන තුල නිරතුරුව පලාත් පාලන ආයතන වල සිදුවන ක්‍රියාකාරීත්වය සාකච්චා කරමින් ජනතා ඉල්ලීම් මතුකර ගනිමින්, ජනතා විරෝධී යෝජනා වලට විරෝධය මතුකොමින් අපගේ පලාත් පාලන නියෝජිතයන් කටයුතු කරනු ඇත.
අදාල පලාත් පාලන ආයතනයේ ක්‍රියාකාරීත්වය, එහි ආදායම් වියදම්, ව්‍යාපෘති ආදිය හඳුනාගත යුතුය. අපගේ කෙටිකාලීන වැඩපිලිවලට අනුරූපී යෝජනා පලාත් පාලන විශයටද සම්බන්ධකර ගත යුතුය. උදාහරණ ලෙස පලාත් පාලන ආයතන වල ආදායම සම්බන්ධයෙන් අනුක්‍රමික බදු සහ වරිපණම් පැනවීමට යෝජනා කල හැක.
එලෙස උපයාගන්නා ආදායම් ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂණ කටයුතු සම්බන්ධ යෝජනා ක්‍රියාත්මක කිරීමට යෝජනා කල හැක.
උදාහරණ ලෙස විශේෂයෙන් නාගරික ප්‍රදේශ වල අවමගූලක් වූ විට දේහය තබා ගැනීමට අධික වියදම් දරා ජනතාවට මල්ශාලා වල තැම්පත් කර තැබීමට සිදුවේ.
නමුත් පලාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යන දේහයන් තැම්පත් කරන ශාලා සහිත අවමංගල සේවා යෝජනා කල හැක.
කසල ඉවත් කීරීම පලාත් පාලන ආයතන වල ප්‍රමුඛ කාර්යයක් වී ඇත.
මෙය සමස්ත ක්‍රමයේම සහ පාරිභෝජන රටාවේම වෙනසක් සහිත මධ්‍යම ආණ්ඩුවේ මැදිහත් වීම සහිත විසඳුම් ක්‍රියාවලියක් අවශ්‍යව ඇතත් පලාත් පාලන ආයතන තුල ආදර්ශ ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කල හැක.
මෙහිදී අපගේ ප්‍රවේශය 7R එනම් Resume, Reduse, Reuse, Recycle, Re forme,Regift,recover ලෙස යෝජනා කල හැක. ඇතැම් නොදිරන ද්‍රව්‍ය පරිහරණයෙන් වැලකීම, හඳුනාගත් ද්‍රව්‍ය පරිහරණය සීමා කිරීම, ඇතැම් ද්‍රව්‍ය නැවත නැවත පරිහරණය, පතිචක්‍රීයකරණය සහ ඉවතලන දෙයින් වෙනත් දෙයක් නිපදවීම මෙමගින් අදහස් වේ.
හඳුනාගත් ද්‍රව්‍ය පරිහරණය සීමා කිරීම, ඇතැම් ද්‍රව්‍ය නැවත නැවත පරිහරණය, පතිචක්‍රීයකරණය සහ ඉවතලන දෙයින් වෙනත් දෙයක් නිපදවීම මෙමගින් අදහස් වේ.
පලාත් පාලන ආයතන තුලින් ළමා සහ කාන්තා බලගැනවීම සහ කලා, ක්‍රීඩා සහ ව්‍යායාම්මධ්‍යස්ථාන වැනි දා පිලිඹඳව ප්‍රමුඛතාව දීම යෝජනා කල යුතුය.
ප්‍රජා පරිසරය රැකගැනීම සහ පරිසර විනාශය වැලක්වීමට ක්‍රියාත්මක වීමද ප්‍රමුඛ විය යුතුය.
නගර වලට පිවිසෙන ජනතාවගේ ශරීරකෘත්‍යයන් සහ වාහන නැවතුම් මාෆියාකරණය කර මුදල් උපයන ජාවාරම්කාර ක්‍රියාවලියට විරුද්ධ විය යුතු අතර ප්‍රමාණවත් තරම් ඉහත පහසුකම් ලබාදීම සඳහා පෙනී සිටිය යුතූය.

ශක්ති මාකාවිට





