ලියනාඩෝ ඩා වින්ච් අදටත් බ්‍රේකිං නිව්ස් ගෙනෙයි

අප්‍රියෙල් 15 ඩාවින්චිිිගේ උපන් දිනය යි.
වසර 573 එපිට, 1452 දී ඉතාලියේ ෆ්ලොරන්ස්හි ඩාවින්චි උපන්නේ ය.
මටසිලුටු, ධූම සහිත හා යන්තමින් බොඳ පෙනුමක් සහිත, අතිසංකීර්ණ සංරචන ගුණයක් සහිත sfumato ඩාවින්ච්ගේ ශෙෙලියේ මූලික ලක්ෂණයකි.

නව තාක්ෂණය නිසා ඩාවින්ච්ගේ කලාව විශ්ලේෂණය කරමින්, සිතුවම්කරණයේ සූක්ෂමතා ඥානනය කරන්නට පුළුවන් වී තිබේ.

‘ගිරි කන්‍යාවි’ ‘Virgin of the Rocks’ චිත්‍රයට යට වූ රේඛා මඟින් ඩා වින්ච්ගේ මුල් අදහස වෙනස් එකක් වූ අයුරු තහවුරු වේ.

ලොව වඩාත් ප්‍රකට චිත්‍රයක් වූ මොනා ලීසා සම්බන්ධයෙන් සිදු කළ 2020 ‘ලූව විශ්ලේෂණය’ මඟින් අනාවරණය කෙරුණේ චිත්‍රය පසුපසින් ‘අඟුරු කටු සටහන්’ තිබෙන බව ය. ⁣

එය ද ‘අවතාර විශ්ලේෂණයක්’ (spectral analysis) විය.
එහි දී චිත්‍රයක ‘බහුඅවතාර ඡයාවන්’ විශ්ලේෂණය කෙරේ.
මොනා ලීසා නිර්මාණයේ දී ‘අඟුරු සිඳුරු’ ශිල්පවිධිය (spolvero technique) භාවිත කර තිබේ.
එය ඉතාලි ශිල්පවිධියක් වන අතර, කඩදාසි වැනි තුනී තලයක මුලින් අඟුරින් අඳින ලද කටු සටහන තැනින් ගැන සිඳුරු තබා, කැන්වසය මත එය තබා, නැවත අඳිමින් පිටපත් කරන්නට භාවිත වූ ශිල්පවිධියකි.

More From Author

බිකිනි මැසීමේ සහ සුරුට්ටු එතීමේ සාහිත්‍යය සහ කලාව

බක්මහේ අරුමය

Leave a Reply

Categories

LDM Columns