නිලක්ෂි බණ්ඩාර
ගණනාථ ඔබේසේකර මහතා ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිලිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික ගැටලුව වැනි ප්‍රධාන තේමාවන් ඉතාම විසල් අධ්‍යයනයකින් යුතුව සිදුකල මහාචාර්යවරයෙකි.
1995 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ BA උපාධිය ලබාගෙන 1958 දී ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලදී. 1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් අතර ලංකා විශ්ව විද්‍යාලයේ සහ වොෂින්ටන් විශ්වවිද්‍යාලය සහ කැලිෆෝනියාවේ සැන්දියාගෝ යන විද්වවිද්‍යාල වල කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ලදී.
1990 දී ඔහු මාර්ෂල් සහලින්ග්ස් සමගින් ස්වදේශික ජනයාගේ තර්කනය උදෙසා බුද්ධිමය විවාදයක් ගෙන ගියේය. 1779 දී හවායි දුපත් හිදී සිදුවූ ජේම්ස් කුක්ගේ මරණයෙන් පසු එහි ජයනා ඔහුව දේවත්වයෙන් පිදීම පිලිබඳ මෙම සුප්‍රසිද්ධ විවාදය ඇති විය,.

මහචාර්ය ඔබේසේකරයන් පොත් 11ක් ලිවූ ලේඛකයෙක්ද වන අතර විත්ති පොත්, කඩයිම් පොත් වැනි නුවර යුගය හා සම්බන්ධ වෙලුම් ගණනාවක් සංස්කරණය කල සංස්කාරකවරයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත. මොහු ඉංග්‍රීසි අධ්‍යනයෙන් මානව අධ්‍යනයට පැමිණීම සහ එංගලන්තයට උසස් අධ්‍යාපනය උදෙසා බොහෝ පිරිසක් ගිය අවධියක එක්සත් ජනපදයට යාම ජිවිතේ ගත් එඩිතර තීරණයන් ලෙස බොහෝ දෙනා සලකති. එමෙන්ම බුද්ධාගම පිලිබඳ අධ්‍යයනය සමාජය විද්‍යා කේන්ද්‍රයට මුලින්ම රැගෙන ආවේද මහාචාර්ය ඔබේසේකරයන් විසිනි. එමෙන්ම සිංහල බුද්ධාගම පිළිබඳව මෙන්ම පෙන්තස්ත බුද්ධාගම පිලිබඳ සංකල්පයද ඔප්නැංවූවේ ඔබේසේකරයන් විසිනි.

ඔහු මානව වංශ ලේඛකයෙකු වන අතර එම ලේඛනය සිදු කිරීමේදී වෙනස් සංස්කෘතීන් අධ්‍යනයට ලක් කරන විට පරිස්සම්සහගත විය යුතු බවද ඔහු විශේෂයෙන් සඳහන් කරන ලදී. ඔහුගේ ලියමන් තුළ දක්නට ලැබෙන සුවිශේෂීම කරුණ වන්නේ මානවවංශ ලේඛනය මනෝවිද්‍යාව සමග සංයෝජනය කරමින් ලිවීමයි. බුද්ධාගම පිළිබඳව විශ්ලේෂණය කිරීමට ඔහු වෙබර්ගේ අදහස් මුලික කරගැනීමද විශේෂත්වයකි.
2004 වසරේදී ආචාර්ය නීලන් තිරුවෙල්වම් අනුස්මරණය වෙනුවෙන් ජුලි 29 වැනි දින ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේදී සිදුකල දේශනය The Matrilineal East Coast Circa 1968 :Nostlagia in Our Troubled Time වශයෙන් 2004 දී පලවිය.
ඔහු රචිත කෘති අතර දුටුගැමුණුගේ හෘද ශාක්ෂිය ,ප්‍රොතෙස්තන්ත බුදු දහම සහ පත්තිනි ඇදහිල්ල ප්‍රධාන වේ. එමෙන්ම Guggenheim for Social Sciences, US & Canada ආදී සම්මාන රැසකින්ද මෙතුමන් පිදුම් ලබා ඇත.
මෙවන් මහා සේවයක් රට වෙනුවෙන් සිදුකල ඔබට නිවන් සුව ලැබේවා !
(තොරතුරු සහ ජයාරූප අන්තර්ජාලය, කතිකා වෙබ් අඩවිය සහ විකිපීඩියා ඇසුරෙන්.)
.





