ශ්‍රී ලංකාවේ සමරිසි ජනතාව මුහුණ දෙන අභියෝග

ශ්‍රී ලාංකීය සමාජය තුළ ‘ලිංගිකත්වය’ සාකච්ඡාවට කෙරෙන්නේ අල්ප වූ පටු පරාසයකය. එය හුදෙක් අසම්මතයක් ලෙස සමාජයේ නිරූපිතය. ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ලිංගකත්වය ආරෝපණය කරමින් කායික” මානසික මෙන්ම ආධ්‍යාත්මික සමාජීය මනෝභාවයන් තුළ ලිංගික සිතිවිලි ” ලිංගික ආකර්ෂණය” ලිංගික හැඟීම් යනාදී සියල්ලෙහි එකතුවක් මේ තුළ විවරණය කෙරේ. පුද්ගලයෙක් ලෙස තම ස්ව කැමැත්තෙන් ස්ත්‍රියකට හෝ පුරුෂයෙක්ට ලිංගිකව ආකර්ෂණය වීම මිනිසෙකුගේ මූලික අයිතිවාසිකමකි. ලාංකීය සමාජය තුළ මුල් බැසගත් මතය වන්නේ විරුද්ධ ලිංගිකයන් අතර වන ලිංගික නැඹුරුතාවයයි. නමුත් සමරිසි බව යනු මෙම මතයට විරුද්ධව ගොඩ නැගුණකි.
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ දෙදෙනකු අතර ඇතිවන ආදර ලිංගික ආකර්ෂණය හෝ ලිංගිකව හැසිරීමයි. එහිදී තම ස්ව වර්ගයා සමඟ ස්ත්‍රී පුරුෂ බේදය නොසලකා සමීප සබදතා දක්වන හෝ එයට ලැදි තැනැත්තන් සමරිසි තැනැත්තන් සේ සැලකේ. තවද මොවුන් තමන්ගේම ලිංගික කණ්ඩයට (ස්ත්‍රි හෝ පුරුෂ) අයත් පුද්ගලයන් සමග ආදරය කිරිමට හා ලිංගික හැසිරිම් වල යෙදීමට ඇල්මක් දක්වයි. සමරිසි ජනතාව වර්තමානය වනවිට LGBTQ යන්නෙන් හැඳින්වේ.
■ සමරිසි ස්ත්‍රිය : (Lesbian) කාන්තාවක් විසින් තවත් කාන්තාවක් කෙරෙහි කායික” මානසික හා අධ්‍යාත්මික/භාවාත්මක වශයෙන් ආකර්ෂණය වීu’
■ සමරිසි පුරුෂ : (Gay) පුරුෂයෙක් විසින් තවත් පුරුෂයෙක් කෙරෙහි කායික” මානසික හා අධ්‍යාත්මික/භාවාත්මක වශයෙන් ආකර්ෂණය වීම.
මෙම දෙපාර්ශවයට සමාජයේදී “සමලිංගික” නම් වූ යල් පැනගිය යෙදුමක් භාවිත කිරීම වරදවා යෙදීමකි.
■ ද්විරිසි පුරුෂයන් හා ස්ත්‍රීන් : (Bisexual) තම ලිංගයේ හෝ විරුද්ධ ලිංගයේ සාමාජිකයන් යන ද්විපාර්ශවය කෙරෙහිම කාලයක් මුළුල්ලේ පවතින කායික, මානසික හා අධ්‍යාත්මික/භාවාත්මක වශයෙන් ආකර්ෂණයක් ඇති කර ගන්න පුද්ගලයන් ය.
■ සංක්‍රාන්ති සමාජභාවී : (Transgender) තමන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවිය අනන්‍යතාවය සහ/ හෝ ප්‍රකාශනය තමන්ට උපතේදී පැවරෙන ලිංගයට අනුරුප ලක්ෂණ වලින් වෙනස් වන පුද්ගලයන් ය.
■ අන්තර්ලිංගික : (Intersex) පිරිමි හෝ ගැහැණු යන සාම්ප්‍රදායික නිර්වචනවලට නොගැළපෙන භෞතික හා ජීව විද්‍යාත්මක ලිංගික ලක්ෂණ සහිතව (ලිංගික ව්‍යුහය, ප්‍රජනක අවයව, ලිංගික හෝමෝන සහ/ හෝ වර්ණදේහ රටා ඇතුළුව) උපත ලැබූ පුද්ගලයින් ය. මෙම ලක්ෂණ ඇතැම්විට උපතේ දී මෙන්ම පසුකාලීනවද මතුවිය හැකි ය.
■ ප්‍රශ්නකාරී : (Questioning) තම ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවිය අනන්‍යතාවය කුමක්දැයි නිශ්චිතව හඳුනා නොගත් පුද්ගලයන් h’
■ ක්වියර් : (Queer) සෘජු හා සිස්ජෙන්ඩර් හැරුණු විට ලිංගික හා ස්ත්‍රී පුරුෂ අනන්‍යතා විස්තර කරන වචනයකs’ සමලිංගික” ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයන් යන සියල්ලන්ම ක්වියර් යන වචනයෙන් හඳුනාගත හැකිය.

1883 දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ තවමත් සමාන ලිංගික වැඩිහිටියන් දෙදෙනෙකු අතර අන්‍යෝන්‍ය කැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාකාරකම් අපරාධයන් සේ සලකනු ලබය s’ මේ නිසා ඉහත සඳහන් පුද්ගලයින් සමාජීය” නීතිමය සහ දේශපාලනමය වශයෙන් විවිධ සීමාවීම් වලට මුහුණ දෙය s’ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තියට අනුව “අස්වාභාවික ලිංගික සංසර්ගය” අපරාධයක් ලෙස නම් කර ඇත. එය එකම ලිංගයේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන ලිංගික ක්‍රියාවන්ට පමණක් අදාළ වන බවට වැටහීමක් ඇත. මෙය උල්ලංඝනය කරන පුද්ගලයන්ට වසර දහයක් දක්වා සිර දඬුවමක් හා දඩයක් දඬුවම වශයෙන් ලැබිය හැකිය.

කෙසේ වෙතත් LGBTQ පුද්ගලයන් සමාජීය” දේශපාලන” නෛතික හා ආගමික වශයෙන් නොයෙකුත් අභියෝග වලට මුහුණ පානු ලබයි.

ආගමික පසුබිම තුළද නොයෙකුත් ආකාරයේ අභියෝගයන්ට LGBTQ ජනතාව මුහුණ දෙයි. බෞද්ධාගම තුළ ඔවුන් පීඩාවට පත් නොවූ අතර බුදුන් වහන්සේ ඒ පිළිබඳ දරන ලද්දේ මානුෂික දෘෂ්ටියකි. එසේම බුදුන්ගේ රූපකායට ඇළුම් කල වක්කලී තෙර තුළ යම් ආකාරයක සමරිසි ආශයන් වූ බව උපකල්පනය කල හැකිය. නමුත් වර්තමානයේ බෞද්ධාගමිකයන් මේ සම්බන්ධයෙන් ඇත්තේ උභතෝකෝටිකයකි. බයිබලයට අනුව දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කළ බැවිනි. ඉස්ලාම් දහමේදී සමලිංගිකත්වය පාපයක් වන අතර ඉස්ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා හිස ගසා දැමීමෙන් හෝ ගල්ගැසීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම පුද්ගලයන්ව සමාජයේදී පමණක් නොව සිය නිවසේදී පවා නොයෙකුත් වෙනස්කම් වලට ලක් වේ. ඔවුන්ගේ ලිංගික දිශානතිය පවුලේ අයට දැනුම් දුන් පසු ඔවුන් එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු විනා කරනුයේ ඔවුන්ව පවුලෙන් නෙරපා හැරීමය. පවුලේ අනෙක් දරුවන්ව හුරතල් කිරීම u” වැඩි ආදරයක් දැක්වීම යනාදී ක්‍රියා තුළින් ඔවුන්ව නොසළකා හරියි. ප්‍රතික්ෂේප කරයි. ඇතැම් සමාජීය අවස්ථාවන්හිදී පුද්ගලයන් පිරිසක් ඉදිරියේ ඔවුන්ව අපහසුතාවයට පත් කරයි. අනවශ්‍ය විහිළු වලට ලක් කරයි. මෙවැනි පුද්ගලයන්ව සමාජයෙන් නෙරපා හැරීමට ඔවුන් උත්සහ දරයි. ඔවුන් නොමැති අවස්ථා වලට අමතරව ඔවුන් සිටින අවස්ථා වලදී ඔවුන්ව කාගේත් මාතෘකාවක් කර ගනියි. ලිංගික දිශානතිය හේතුකොට ගෙන මෙම පුද්ගලයන් සිය පවුල සමඟ වන සියලු බැඳීම් අතහැර දමයි. LGBTQ පුද්ගලයන් පිළිබඳව විමසීමේදී මේ බව සනාථ වේ. බොහෝ විට මෙවැනි පුද්ගලයන් තම පවුලේ සාමාජිකයෙක් ලෙස හැඳින්වීම පවුලේ උදවිය සිතනුයේ අවමානයක් ” පවුලට නිග්‍රහ කිරීමක් ලෙසය. ඔවුන්ට පවුල තුළ පෙර වූ පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම නින්දා කිරීම්, සමච්චලයට ලක් කිරීම” අසභ්‍ය වචනයෙන් බැණ වැදීම” පහත් කිරීම” අවතක්සේරුවට පත් කිරීමේ ප්‍රකාශන” අසාමාන්‍ය යැයි හංවඩු ගැසීම වැනි වාචික අපචාරත් තමාට හෝ අන් අයට හානි කරන බවට” අත්හරින බවට” බැහැර කරන බවට” සිරගත කරන බවට” වෙනත් අයට හෙලිකරන ආදී තර්ජනත් පවුලේ අය” අසල්වාසීන්” යහළුවන් සමග කාලය ගතකිරීම සීමා කිරීම” පෞද්ගලිකත්වය ඇහිරීම වැනි පාලනය කිරීමේ ක්‍රියාමාර්ගත් නිග්‍රහ කිරීමට වාචික නොවන චර්යා භාවිතය” ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය සහ ප්‍රකාශනය නොපිළිගැනීම සහ හෝ ප්‍රතික්ෂේප කිරීම මුදල් දීම නැවැත්වීම” මානුෂීය සබඳතා අවහිර කිරීම වැනි නිහඬ සතුරුකම් යනාදියෙනුත් LGBTQ පුද්ගලයින් පීඩා විඳියි. තවද මෙවැනි පුද්ගලයන්ට ලිංගික අඩන්තේට්ටම්” බලහත්කාර කිරීම්” හිංසාකාරී ස්පර්ශයන් යනාදියද සුලබ වේ. දූෂණයට හා අපයෝජනයට ලක් කිරීම් වැනි බරපතළ ක්‍රියාවන්ටද ඔවුන් භාජනය වීම කණගාටුවට කරුණකි.
වෙනස් කොට සැලකීමේ සහ සමාජ ප්‍රතික්ෂේප කිරීමේ ආතතිය හේතුවෙන්, LGBTQ පුද්ගලයින් මානසික අවපීඩනය, කාංසාව සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි වැනි මානසික සෞඛ්‍ය ගැටළු සඳහා වැඩි අවදානමක් ඇත. අභ්‍යන්තර සමලිංගික භීතිකාව හෝ සංක්‍රාන්ති භීතිකාව (LGBTQ පුද්ගලයන් ඔවුන්ට එරෙහිව සමාජ අගතීන් අභ්‍යන්තරීකරණය කරන විට) ආත්ම අභිමානයට බලපෑම් කළ හැකි අතර චිත්තවේගීය අවපීඩනයට හේතු විය හැක.
එමෙන්ම මෙවැනි පුද්ගලයන්ට මානව අයිතිවාසිකම්ද නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න ගැටලුවකි. අධ්‍යාපනය ලැබීම” රැකියාවක් කිරීම වැනි මානව අයිතීන් පවා මෙවැනි පුද්ගලයන්ට සමසේ භුක්ති විඳීමට නොහැකි වේ. මූලික අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සපුරා තිබුණද රැකියාවන්ට යාම පවා සීමිත වී ඇත. එවැනි ස්ථානයන්හිදී ඉහළ නිලධාරීන්ගේ” සම සේවකයින්ගේ” සේවා යෝජකයන්ගේ ප්‍රතිචාර දැක්වීම්” ලිංගික අල්ලස්” බලහත්කාරකම් වැනි දේට මුහුණ දීමට සිදු වේ. එමෙන්ම පාසලක පවා දරුවන්ට සමීපතම පුද්ගලයන් වන ගුරුවරුන් පමණක් නොව පාසල් උපදේශකවරුන් පවා මෙවැනි දරුවන් නොසළකා හරිනුයේ සිය වෘත්තීය ආචාරධර්ම කඩ කරමිනි. මෙවැනි දරුවන් සමඟ තම දරුවන් මිත්‍රත්වයක් ඇති කර ගැනීම පවා ඇතැම් දෙමව්පියන් සීමා කරයි. ලිංගික අනන්‍යතාවයක් මත එලෙස සියලු සමාජ තත්ත්වයන්ගෙන් ප්‍රත්ක්ෂේප කිරීම මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීමකි.
මෙවැනි පුද්ගලයන් පොදු ප්‍රවාහන හා වැසිකිළි භාවිතයේදී තම ලිංගික අනන්‍යතාවය තහවුරු කිරීම ගැටලුවක් වූ කල්හි නොයෙකුත් සමාජ අපවාදයන්ට ලක් වේ. ඕනෑම අයදුම්පතක ලිංගිකත්වය පාර්ශවයන් ද්විත්වයකට සීමා කිරීම තුළද මොවුන් මහත් අපහසුතාවයන්ට පත් වේ. මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් ඉදිරිපත් නොවන්නේ මන්ද යන්න ගැටලුවකි. එමෙන්ම සෞඛ්‍ය විෂමතා වලටද මෙවැනි පුද්ගලයන්ට මුහුණ දීම තුළ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට හෝර්මෝන ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම වැනි ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීමේ සත්කාර සඳහා ප්‍රවේශ වීමේ දුෂ්කරතා ඇති විය හැකිය. ඇතැම් විට මෙවැනි අවස්ථා නිසා එම පුද්ගලයන්ගේ සමස්ත සෞඛ්‍යයටයම තර්ජනයක් විය හැකිය.

මේ ආකාරයට LGBTQ පුද්ගලයන් සමාජීය” දේශපාලනමය” නෛතික යන පසුබිම් තුළ කෙතරම් අභියෝගයන්ට මුහුණ දෙන්නේද යන්න මනාව ප්‍රත්‍යක්ෂ වේ. සමලිංගික ජනතාව විශේෂ අයිතීන් වෙනුවෙන් සටන් නොවදී. ඔවුන්ට අවශ්‍ය වන්නේද අනෙක් පුද්ගලයන් හා සමාන වූ අයිතීන් පමණකි. විශේෂ කොට වෙනස් කොට සැලකීමකින් තොරව ඔවුනට රිසි සේ අප කාටත් අයත් මේ මහ පොළොවේ හුස්ම ගැනීමට ඇති අයිතිය සකසා දීමට නිසි ක්‍රමවේදයන් ගොඩ නගමින් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කරලීමට සියලු දෙනා එකතු වීම අත්‍යාවශ්‍ය වේ. තවද පුද්ගලයෙකු සතු ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත සමාජයෙන් වෙනස් කොට සැලකීම” නෙරපා හැරීම” ප්‍රචණ්ඩත්වය” හිංසා කිරීම” විවේචනය සිදු කළ හැකිද @ අප මිනිසුන් ලෙස කළ යුත්තේ මෙලොව වෙසෙන සියලු මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරලීමයි.

තාවකාලික සහකාර කථිකාචාර්ය
දර්ශන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
කැලණිය

More From Author

කාල් මාක්ස් ගේ 142 අනුස්මරණය අදයි….

වැලිමිදුලෙන් හමු වූ විනුර උස ගිහින්

Leave a Reply

Categories

LDM Columns