නිදහස

77 වන ජාතික නිදහස් දින සැමරුම……

අධිරාජවාදීන්ගේ ග්‍රහනයෙන් මිදී වසර 77 ක් සපිරීම ස්මරණය කරන පෙබරවාරි 04 දින මහනුවර මහ නගර සභාව මගින් සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට මහ මළුවෙදි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.

මෙහිදි මෙහිදී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී තනුර දිසානායක මහතා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලාවක් පලදා  උපහාර දැක්වන ලදි.

නිදහස් සැමරුම

මෙම අවශ්ථාව සදහා ශ්‍රී දළදා මාළිගා‍වේ දියවඩන නිළමතුමන්, නාථ දේවාලයේ බස්නායක තුමන්, ඉන්දියානු සහකාර මහ කොමසාරිස් තුමිය, මහනුවර නගර සභාවේ හිටපු නගරාධිපතින් වන කේසර සේනානායක, සේන දිසානායක යන මහත්වරුන්, හිටපු නියොජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, මහනුවර දිස්ත්‍රික් ලේකම්, නාගරික කොමසාරිස් තුමිය, රාජ්‍ය නිලධාරින්,  මධ්‍යම පළාත් නියොජ්‍ය පොලිස්පති, ත්‍රිවිධ හමුදා නිලධාරින්  රාජ්‍ය නිලධාරින් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගි විය.

More From Author

නිදහස ජනතාව සහ පරමාධිපත්‍යය

රට පාලනය කරන්නේ කවුද? ඩඩ්ලිද අනුර ද

Leave a Reply

Categories

LDM Columns