නිලංක නිසලංජල්ගේ ‘අතරමැදියා’ වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය මේ දිනවල වේදිකාගත වෙනවා. 2019 වර්ෂයේ මුලින්ම නිෂ්පාදනය කළ මේ නාට්‍යයේ මේ වෙද්දි රංගනයේ නිරත වෙන්නෙ සිළිඳු රන්වල, කසුන් උක්වත්ත සහ කුසල් මධුරංග. සිළිඳුගේ රංගනය නාට්‍යයේ ජීවගුණයයි කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. ආදරය, ජීවිතය, මාධ්‍ය, තාක්ෂණය සහ යෞවනය ඈ විවිධ තේමාවන් ගණනාවක් මේ නාට්‍ය පුරාවටම ඉස්මතුවෙන අයුරු දැකගන්න පුළුවන්. මේ සියල්ල අතර, නාට්‍යයේ කොඳුනාරටිය විදිහට මට මුණගැහුණු ස්ත්‍රී- පුරුෂ සබඳතා සහ වටිනාකම් හුවමාරු වීමේ දේශපාලනිකය දෙසට, ඔබේ අවධානය රැගෙන යන්න මට ඉඩ දෙන්න.
ආදරයෙන් වෙළුණු තරුණයෙක් හා තරුණියක් වටායි මූලිකවම මේ නාට්‍යය ගලායන්නේ. තරුණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර තම පෙම්වතා සමග එක්ව වාසය කරනවා (Living Together). ඇය ඉගනගැනීමට අමතරව කුඩා අවන්හලක සේවය කරන්නේ අමතර ආදායමක් සොයාගැනීමට. ඇගේ පෙම්වතා තාක්ෂණික ලෝකයක තම අනාගතය වෙනුවෙන් වෙහෙසෙන්නෙක්. ඔහුම පවසන අන්දමට ඔහුගේ ජීවිතය බොහෝදුරට සිස්ටමික්(systemic) එකක්. සියල්ල සැලසුම් සහගතව පාලනයකින් යුතුව සකස්කළ ජීවිතයකයි ඔහු ඉන්නේ. මානව සබඳතා හෝ එකිනෙකා කෙරෙහි වූ විශ්වාසය වැනි සංකල්ප ඔහු පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඔහුගේ ලෝකයේ ඇත්තේ තාර්කික සහ යාන්ත්‍රික සබඳතා. ඔහු විස්වාස කරන්නේ කෘත්‍රීම බුද්ධිය, පරිඝනක විශ්ලේෂණ දත්ත වැනි දේවල්. ඔහු බොහෝදුරට නාට්‍ය තුළ, යන්ත්‍රයක් හෝ පරිගණකයක් බවට ඌනනය වෙනවා දැකගන්න පුළුවන්. එය සාර්ථකත්වයේ ගමන් මග බවයි ඔහුගේ අදහස. මේ දෘෂ්ටිවාදය බොහෝ අය අතර ප්‍රචලිත එකක්. ඒ නිසාම එහි වටපිටාව සලකා බැලීම වටින බවයි මගෙ අදහස. වෙහෙස මහන්සියෙන් සාර් ථක වීමේ අභිලාශ, කාලසටහන්, කාර්‍යක්ෂම සහ මනාව සැළසුම් කළ දින චර්‍යා ආදිය පසුපස සිට සැබැවින්ම අපව මෙහෙයවන්නේ කුමන හස්තයක්දැයි මෙහිදී සිතාබැලීම වටියි. ඒ සොයාබැලීමේ කෙළවර අපට හමුවන්නේ ධනේශ්වර සාධකය නැත්නම් කර් මාන්ත හිමියාම බව අමුතුවෙන් කිවයුතු නෑ. මිනිසාගේ මිනිස්මය ස්වභාවය, ගතිකත්වය ධනේශ්වරයට රුස්සන්නේ නෑ. එයට අවශ්‍ය යන්ත්‍ර. ඒ වෙනුවෙන් මිනිසා හැකිතරම් යාන්ත්‍රික කිරීමයි එහි බලාපොරොත්තුව. පාසලේදී පවා අපට උදේම පිබිදී, වෙලාව නොවැරදී වැඩ කරන්නට උගන්වන්නේ ඒ නිසයි. එවිට ගොඩනැගෙන්නේ සාර් ථක මිනිසෙක් යැයි කිව්වත් සැබැවින්ම ඒ තුලින් බිහිවන්නේ කර් මාන්ත ශාලාවට අවශ්‍ය යාන්ත්‍රික උපකරණයක්. අපිට නිතර ඇසෙන තාරුණ්‍යයේ ‘ගේමක් ගසා ගොඩයාමේ’ දෘෂ්ටිවාදයත්, අධ්‍යාපනය හරහා හික්මවන ‘සිරිමත්ලා බිහි කිරීමේ’ දෘෂ්ටිවාදයත්, දෙකම එක සේ ක්‍රියාකරන්නේ ධනේශ්වරයට අවශ්‍ය ශ්‍රමය වගුරන හික්මවූ මිනිසා නිර් මාණය කිරීම වෙනුවෙනුයි. ‘සාර්ථක වීමේ’ හෝ ‘දියුණු වීමේ’ කැරට් අලය ක්‍රියාකරන්නේ ඔය තාලයට. නාට්‍යයේ තරුණයාද මුහුණපා සිටින්නේ මේ යාන්ත්‍රික සහ තරගකාරී ජීවිතයට.
ධනේශ්වරය මුලින්ම සම්මුඛ වන්නේ පිරිමියාට. පිරිමියාගේ ශ්‍රමය ලබාගැනීම කෙරෙහියි මුලින්ම කර් මාන්තහිමියා උනන්දු වුණේ. ශ්‍රම සංවිධානයේ මුදුනේ ඉන්නේ පිරිමියා. පුරුෂමූලික සමාජ ක්‍රමය සහ පුරුෂෝත්තමවාදය වඩ වඩා පෝෂණය වන්නේ මෙයින්. මුලින් ස්ත්‍රියට මේ ධනේශ්වරය සම්මුඛ වන්නේ පිරිමියා හරහා. ඇය පාලනය වන්නේ පිරිමියාගේ අවශ්‍යතාවයට.
මේ නාට්‍යයේද මෙකී යාන්ත්‍රික ජීවිතය අයිති තරුණයාට. තරුණියට ඒ පිළිබඳ අදහසක් නෑ. ඇය පිරිමියාගේ කැමැත්ත අභියෝගයට ලක් නොකොට ජීවත්වෙනවා. ඇයට එහි ගැටළුවක් නෑ. එහි ඇති අසාධාරණය පවා ඇයට පෙනෙන්නේ නෑ. පුරුෂෝත්තමවාදය ස්ත්‍රියට වැඩකරන්නේ එහෙම. ඇය ඉන්නේ ප්‍රේමයේ ලෝකයක. පිරිමියා ගණුදෙනුකරන ලෝකය ගැන ඇය හිතන්නටවත් උත්සාහ කරන්නේ නෑ. ස්ත්‍රී පුරුෂ මනෝවිශ්ලේෂණය තුලත් මෙය වඩා හොඳින් තේරුම්කරනවා.
භාෂාවේ ලෝකය කියන්නේ පිරිමි ලෝකයක්. අලුත උපන් දරුවෙකුට සිය මව සමග ඇති සම්බන්ධය තේරුම් ගැනීමට භාෂාවක් අවශ්‍ය නෑ. එය ඓන්ද්‍රීය සම්බන්ධයක්. භාෂාව අවශ්‍යවන්නේ පියාට. ඔහු තමාගේ ස්ථානය දරුවා ඉදිරියේ සළකුණු කරන්නේ භාෂාවෙන්. පිරිමියා තම අනන්‍යතාවය භාෂාවේ ලෝකයකයි සකසාගන්නේ. ඒ නිසාම මේ නාට්‍යයේ එන මානව සබඳතාවල විශාල ඉඩක් භාෂාවට වෙන් වෙන හැටිත් සලකා බැලීම වටිනවා.
මේ පෙම්යුවල සිය සම්බන්ධය පටන්ගැනීමට පෙර ලිඛිත ගිවිසුමක් අත්සන් කරන්නේ එම ප්‍රේම සම්බන්ධය පවත්වාගත යුතු ආකාරය මනාව පැහැදිලි කරගැනීමටයි. එය තරුණයාගේ උවමනාව. මේ ගිවිසුම නාට්‍යයේ හමුවෙන එක් ‘අතරමැදියෙක්’. තරුණයා ඉන්නේ භාෂාවේ ලෝකය පරම කොටගෙන. ඔහුට මානව සම්බන්ධයට වඩා භාෂාව (නිර් මිතාර් ක ලෝකය) විශ්වාසයි. ‘ගිවිසුම’ තමයි ඒ භාෂාවේ විශ්වාසය, සම්බන්ධතාවය වෙනුවෙන් භාවිතා වෙන විදිහ. ඊට අමතරව නාට්‍යයේ කිහිප තැනක කියවෙන විදිහට තරුණයා ‘භාෂා සමීකරණ’ ඔස්සේ තර් ක ගොඩනගමිනුයි තම නිවැරදිභාවය සළකුණු කරන්නේ. ඔහුගේ ලෝකය තර්කයේ ලෝකයක්-භාෂාවේ ලෝකයක් කිව්වේ ඒකයි. තරුණිය ඒ භාෂාවේ ලෝකය ඉදිරියේ නිරුත්තර වෙනවා. ඇයම පවසන විදිහටම, සිය පෙම්වතාගේ ප්‍රතිතර් ක හමුවේ තමන්ගේ තර් ක සුනුවිසුනු වී යනවා විතරක් නෙවෙයි හැමවිටම ඔහු කියන දේ සත්‍ය බව ඇයටද තදින් ඒත්තු යනවා. ඇයට ඇගේ ස්ත්‍රී ලෝකය ගැන අවබෝධයක් නෑ. ඇය පිරිමියාගේ නිර් මිත ලෝකයේ ජීවත් වෙනවා.
නාට්‍යයේ දෙවනි අතරමැදියා හමුවෙන්නේ ඉන්පසුව. ඔහු මාධ්‍ය ආයතනයක වැඩසටහන් සහය අධ්‍යක්ෂවරයෙක්.තරුණියට අවන්හලේදී හමුවෙන ඔහුට අවශ්‍යවෙනවා තරුණියව සිය වැඩසටහනක් වෙනුවෙන්. තරුණිය එයට අකමැත්තක් දක්වන්නේ නෑ. ඒත් තරුණියගේ පෙම්වතා එයට එකඟ නොවෙන නිසා තරුණියද එයට අකමැත්ත ප්‍රකාශ කරනවා. එවිට මේ අධ්‍යක්ෂවරයා තරුණියට අමතන්නේ ඇය මුලා වී ඇතිබව පවසමින්. පෙම්වතාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඇය භාවිතා වන බව පවසමින්. ඔහු ඇයට කියන්නේ “ඔයා ව නැගී හිටින්න” කියලයි. එය යම් ස්ත්‍රීවාදී ප්‍රවේශයක්. තරුණිය මේ අදහස නිර් භීතව ඔලුවට ගන්නේ ඉන්පස්සෙ. දැන් ආපසු සිතාබැලිය යුතු කාරණාව වන්නේ මේ ස්ත්‍රීවාදී අදහස මතුකරන්නේ කවුද යන්නයි. ඒ අර රූපවාහිනී අධ්‍යක්ෂවරයායි. ඔහුගේ අවශ්‍යතාවය ඇයව සිය රූපවාහිනී වැඩසටහනට ගෙන්වා ගැනීමට මිස අනෙකක් නොවෙයි. ඒ කියන්නේ ඇයව එක්තරා අයුරකින් විකිණීමට නැත්නම් සිය වෙළෙඳපොලට සම්මුඛ කිරීමට. ස්ත්‍රීවාදය කර් මාන්තහිමියා විසින් අතකොලුවක් කරගන්නේත් මේ අයුරින්ම තමයි. පිරිමියාගේ ශ්‍රමය ප්‍රමාණවත් නොවන තැන ස්ත්‍රියගේ ශ්‍රමයද සිය වෙළෙඳපොලට අවශ්‍යවන බව දකින ඔහු ස්ත්‍රියව කුටුම්බයෙන් පිටතට ඇදගන්නේ එහෙමයි. එසේ ඇයව පිරිමියාගේ ලෝකයෙන් පිටතට ගැනීමට ඔවුන් භාවිතා කරන්නේත්, පිරිමියාම සැකසූ ‘භාෂා සමීකරණ’ නැත්නම් තර් ක. ඒ අනුව ස්ත්‍රීවාදයද නැවත පුරුෂ ලෝකය තුලම පුරුෂ අමුද්‍රව්‍යවලින්ම නිපදවූවක්දැයි අපිට සිතන්න වෙනවා. එය සැබැවින්ම ක්‍රියා කරන්නේ ස්ත්‍රිය වෙනුවෙන්ද යන්නත් යළි සිතිය යුතුයි. පුරුෂෝත්තමවාදයත්, එයට එරෙහි විමුක්තිකාමයත් යන මේ සියල්ල වෙළෙඳපොලට යටත් වීම බරපතලව ගත යුත්තක් නොවේද ? ධනේශ්වර උවමනාවට නිර් මාණය වූ පිරිමියාගේ ලෝකයෙන් මිදෙන ගැහැනියව යළි අත්පත් කරගන්නේ ධනේශ්වර වෙළෙඳපොලමයි. මේ දෙකෙන්ම විමුක්තිය ලබා ගැහැනියට ගැහැනියගේ ලෝකයක් සොයා ගත හැකිද ? පිරිමියාට පිරිමියාගේ ලෝකයවත් ?
‘අතරමැදියා’ තුල අපට හමුවෙන අතරමැදියන් දෙදෙනාම ධනේශ්වර භාවිතාවන් බව ඉහතදී පැහැදිලි වෙන්න ඇති. විටෙක යාන්ත්‍රිකත්වයක් හෝ ගිවිසුමක් ලෙසත් තවත් විටක විමුක්‍තිකාමයක් ලෙසත් පැමිණෙන්නේ එකම ධනේශ්වරයමයි. ඉතින් මේ ධනේශ්වර අතරමැදියන් නැතිව ස්ත්‍රී ලෝකයක් හෝ පිරිමි ලෝකයක් පවතින්නේ නැත්දැයි අපි සිතිය යුතු කරුණක්. පිරිමි ලෝකයටත් ගැහැනු ලෝකයටත් මෙකී අතරමැදියන්ගෙන් තොරව එක්ව විසිය නොහැකි තරමටම ඒ අතරමැදියන් අපතුලට මුල් බැසගෙන අවසන්ද ? එසේත් නැත්නම් පිරිමි ලෝකය සහ ගැහැනු ලෝකයමත් ධනේශ්වර වටිනාකම්වලම නිර්මාණයන්ද ?
නාට්‍යයේ අවසානයේ තරුණිය හඬා වැටෙමින් තරුණායාගෙන් අහන්නේ මේ ප්‍රශ්නයයි.
“මේ හැමදේම පැත්තකට දාලා ඔයාට එකපාරක් මාව තදින් බදාගන්න පුළුවන්ද ?”
තරුණයා සුසුමක් හෙළයි.
“මට බෑ”
-ගගන වර්ණ කුලසූරිය
ස්තූතිය : Udesha Sanjeewe Gamage, කසුන් සමරතුංග උපුටා ගැනීම ඉරිදා දිවයින