හදවත සොඳුරු වර් ණැති සළු පිලි
සිකි පිල් පැහැය සම ඇති
නීල පීත ද ශ්වේත ලෝහිත
තබා නොපිටම
ඉසියුම් හුයෙන් සවි වෙන්න මසනා
සන්නාම නාම සන්නාලියනි
හරි පිට මැහුම් සඟවන
ගෙත්තමින් හැඩකොට
ගලප ගලපා හැඩතල
ඇඟේ ඇද කුද මකා වසනා
ලොවේ අනඟිම පිලි මැද,
වේ ද ? පිලියම් කිසිත්
ඉරී වැරහැලි සිදුරුත්
එළලා මැසූ කැළලිත්
වසා සඟවන්න හදවත.
© වත්සලා කන්නන්ගර