කාව්‍ය සාහිත්‍යයේ අරුමැසි කවියක්        

Sara Teasdale (1884- 1933) ගේ මේ කෙටි පද්‍ය පංතිය, අදත්, ඉංගිරිසි කාව්‍ය සාහිත්‍යයේ අරුමැසි කවියක් වශයෙන් සලකන්නේ ඇයි?

ළයාදරභාවයේ
මානසික ස්පර්ෂය හා සසඳන කළ,
ශාරීරික ස්පර්ෂ‍ය යනු,
කෙතරම් අංශුමාත්‍රික ප්‍රපංචයක්
වන්නේද යන්න,
ඉන් සුපැහැදිලිව
නිරූපණය වන හෙයිනි.
ඇගේ රචනයෙහි අරුත,
කිසිදා නොදෙඩූ වදන් තුළ,
කිසිදා නොලියූ පද තුළ,
කිසිදා නොපෑ සිනහවන් තුළ වුව,
ප්‍රේමය තිබිය හැකිය යන්නයි…
මේ….,
මුල් රචනයෙහි,
ඉංගිරිසි තානය නොනසා,
ඉංගිරිසි අර්ථය නොවනසා,
කෙළිබර බව නොනසා,
ඉංගිරිසියෙන් සිංහලට පරෙස්සමින් හැර වූ
එම කවියෙහි අනුවර්තනයයි…
 එක්තරා වසන්තෙක, 
“ස්ට්‍රෙෆොන්”
 මාව ඉම්ඹා…
  හිම තුහිනයේදී,
 “රොබිනුත්”
  මාව ඉම්ඹා…
 ඒ වුණත්,
 ඒ වුණත්,
 සිප නොගත් “කොලින්,”
 බලා උන්නා විතරමයි…
“ස්ට්‍රෙෆොන්”ගේ හාදුව
 කවටකම් තුළ ගිළුණා…
“රොබින්”ගේ හාදුව
  නාට්ටියේදී මැරුණා…
  ඒත්,
 “කොලින්”ගේ නෙත්    තුළ
  තිබූ ඒ හාදුව
  බිය ගන්නවයි මා
  දිවා රෑ එකසේ….      

More From Author

ඩිජිටල් හැඳුනුම්පතට  විරුද්ධ නෑ – ජෛවමිතික දත්ත ලබාගන්නවාට විරුද්ධ යි.

‘රුසියාවේ නිල නොලත් තානාපති’ -දැදිගම වි.රුද්‍රිගු

Leave a Reply

Categories

LDM Columns