The fist teacher වින්ගීස් අයිතමාව්ගේ ( ගුරු ගීතය ) ඇසුරෙන් උපාලි ගම්ලත්ගේ ගුරු ගීතය චිත්‍රපටය නිර් මාණයෙන්
දුයිශෙන්
මම පොප්ලර් ගස් දෙක
ලඟ හිඳගෙන
නුඹ එනකන් බලන් ඉන්නවා
නුඹ නැහැ…
දුයිශෙන් හිම කුණාටු
සැඩ සුළං පරදවා
වසන්තය ආවත්
නුඹ මෙතන නැහැ..
නුඹ වෙනුවෙන් මම
තව මොනවා ලියන්නද
මොනවා කියන්නද
මට තේරෙන්නේ නැහැ
ඒත් මම අයිලයේ මිටියාවතේ
පොප්ලර් ගස ලග
හිඳගෙන ඉන්නවා
මීට අල්තීනායි
හත් අටපාරකට වඩා කියවන ලද
පොතක් ගැන කිව්වොත්
නිසැකයෙන්ම මතකෙට එන්නේ
ගුරු ගීතය නවකතාවයි.
එය එතරම්ම හදවතට දැනෙන්නේ
ඇයිදැයි අදටත් කිව නොහැකි
කාරණාවක්………
පොතේ මතක පසෙකට දා
උපාලි ගම්ලත්ගේ ගුරුගීතය
චිත්‍රපටය නැරඹුවෙමි.
මෙය ප්‍රේමයේ කතාවක්ද
නැත්නම්
මෙය සැබෑ මිනිසුන්ගේ
ජීවිතය කැපකල
විප්ලවයේ කතාවක්ද
නොදියුණු ගම්මානයක
පාසැලක් ආරම්භ කරමින්
කටුක අත්දැකීම් වලට මුහුණ
දෙමින් තමාට පැවරු රාජකාරීය
නිසි වගකීමෙන් ඉටුකිරීමට
උත්සහ දැරූ මැදිවයසේ දුයිශෙන් නම්
ගුරුවරයා හා එහි ඉගැනගැනීමට
ආ අල්තීනායි අතර වු සංවේදී
හමුවීම හා සමුගැනීම
තේමා කරගත්තත් මෙම කතාව
එදා සෝවියට් දේශය තිබු තත්වයෙන්
මුදා ගැනීම සඳහා
සැබෑ මිනිසුන් කැප කල
අධිෂ්ඨානයේ ශක්තිය තුල
වු වේදනාත්මක පසු බිම නොවේද..
ඒ වගේම අප්‍රකාශිත ප්‍රේමය
එකිනෙකා එකිනෙකාට
අයිතිකර ගැනීමට නොහැකි වුවත්
එය ප්‍රේමයක් නොවන්නේද…
වේදනාත්මක වුවද
අප්‍රකාශිත ප්‍රේමය නිර්ව්‍යාජ
නොවන්නේද..
මෙය චිත්‍රපටය නරඹා තම තමන්
තේරුම් ගත යුතු වන්නේ
තම තමන් විඳින ආකාරයටය
කෙසේ වුවත් චිත්‍රපටය
අවසානයේදී චිත්‍රපට ශාලාවෙන්
නොව අයිලයේ මිටියාවතෙන්
මිදී එන්නට නොහැකි සේ
ශෝකයක් ජනිත වූයේ මට පමණද.
ගුරු ගීතයේ තේමාවට
හානි නොකර ඒ විදේශිය
පරිසරයටම ගොස් තම නිර්මාණය
රසිකයන්ට ගෙන ඒමට දරපු වෙහෙසට
අපි නිර්මාණයට දායක වු සැමටම
ස්තූතිය පුදකල යුතුයි.
රංගනය, සංගීතය කැමරාව හා
ගායනයද චිත්‍රපටයේ
සාර් ථකත්වයට දායක වී ඇත
මෙය දුවා දරුවා සමග
දෙමාපියන්ද නැරඹිය යුතු
නිර්මාණයක් බව
අවසානයේදි වුවද සඳහන්
නොකල බැරිය.
ළමයින්ට වඩා හොදින්
උගන්වන්න පුලුවන්නම්,
ඊට වඩා දෙයක් මං
විප්ලවයෙන් බලාපොරොත්තු
වෙන්නේ නෑ.
ලෙනින් ඉගෙනීම ගැන
කිව්වේ ඔන්න ඔහොමයි……
සුදර්ම රත්නායක