චමිල් ජයනෙත්ති:
මෙන්ඩිස් මුර්රුක්කුවදුර (Mandis Murrukkuwadura) විසින් මාක්ස්වාදී විශ්වවිද්‍යාලය වෙනුවෙන් මා ලියූ ලිපියට පිළිතුරක් ‘හේගල්ගෙන් මාක්ස්ව කියවීම- චමිල් ජයනෙත්තිට පිළිතුරක්’ නැමැති ලිපියක් ලියා ඇත. ආචාර්ය සමන් පුෂ්පකුමාර වෙනුවෙන් ක්ෂණික ප්‍රතිචාරක් දැක්වීම ම හොඳය. ලිපිය පුරාම පටලැවිලි ගොඩකි. ඒ නිසා ඉතාම කෙටි ඡේදයකින් පිළිතුර දිය හැකිය. ඒ මාක්ස්වාදී විශ්වවිද්‍යාල වෙනුවෙන් මා ලියූ ‘හේගල්ගෙන් මාක්ස්ව කියවීම’ නැමති ලිපියේ මම සඳහන් කළේ: “දෙවියන්වහන්සේගෙන් විශ්වය බිහිවිය“ යන්න හේගල්ගේ ප්‍රශ්තූතය බවය. එයට මෙන්ඩිස් දී ඇති පිළිතුර 1)
“දෙවියන්වහන්සේගේ eternal essence before the creation of nature and a finite spirit” යන්න සහ 2)“exposition of God as he is in his eternal essence before the creation of nature and a finite mind” යන ප්‍රශ්තූත දෙකක් ඔහු ඉදිපත් කරයි. මෙම ප්‍රශ්තූත දෙකම මම සිංහලට නගන්නම්:
1) “දෙවියන්වහන්සේගේ ස්වභාවධර්මය සහ සීමිත ආත්මයක් නිර්මාණය කිරීමට පෙර පැවති සදාකාලික සාරය” ලෙස හේගල්ගේ පළමු ප්‍රශ්තූතය එලෙස පරිවර්තනය කළ හැකිය.
2) “ස්වභාවධර්මය සහ සීමිත මනසක් නිර්මාණය කිරීමට පෙර දෙවියන්වහන්සේ ඔහුගේ සදාකාලික සාරය තුළ සිටින ආකාරය පැහැදිලි කිරීම” යන දෙවන ප්‍රශතූතය එලෙස පරිවර්තනය කළ හැකිය. මම ඉදිරිපත් කළ ප්‍රස්තූතය සහ හේගල් ඉදිරිපත් කරන ප්‍රස්තූතය අතර පවතින්නේ දෙවියන්වහන්සේ විශ්වය තුළ සදාකාලිකව සිටින බවයි. එවිට දෙවියන් වහන්සේගේ සිතැඟි පරිදි විශ්වය මැවූ බවයි. මෙැතින සංවාදයක් හෝ තර්කයක් නොමැත.
මෙතැන් සිට හේගලියානුවාදයේ ආරම්භයේ සිට පැවති දාර්ශනික විවරණය ඓතිහාසික සංසිද්ධිය යම් කෙනෙකුට වැදගත් වන නිසා මම පහත සටහනින් ඉදිරිපත් කරන්නෙමි.
හෙගලියානුවාදය
හේගල් 1793 සිට දර්ශනවාදය තුළ බහුලව දක්නට ලැබෙන තර්ක විඥානවාදය (dialectical idealism) නැමැති දර්ශනවාදය ඉදිරිපත් කිරීමට හේගල් උත්සාහ ගෙන තිබුණි. ඔහුගේ ප්‍රධාන උත්සාහය වූයේ යථාර්ථය ඒකාබද්ධ සමස්තයක් ලෙස ගණනය කිරීම සඳහා පරම විඥානවාදය (absolute idealism) ලෙස හඳුන්වන විඥානවාදී දාර්ශනික පද්ධතියක් වර්ධනය කිරීමටය. හේගල්ගේ විඥානවාදී දර්ශනයේ කේන්ද්‍රය වන දෙවියන්ගේ සහ මානවයා අතර සම්බන්ධය ගෙඩනැගුවේ “ආත්මය” (Geist = ජර්මන් – Spirit = ඉංග්‍රීසි) යන සංකල්පයෙනුයි. එය හේගල් විසින් ඉදිරිපත් කරන ලද්දේ මානව වර්ගයා තාර්කික සංවර්ධනයේ ඓතිහාසික දේවවාදී ක්‍රියාවලියක් හරහා තමන්ව හඳුනා ගැනීමක් ලෙසය. ඓතිහාසිකව බොහෝ විට අපෝහක (dialectical) හෝ සමපේක්ෂණ (dialectical) ලෙස හඳුන්වන හේගල්ගේ තර්ක ක්‍රියා පටිපාටිය, අභ්‍යන්තර නිර්ණායකයන්ට අනුව සංකල්ප සහ විඥානයේ ආකාර තක්සේරු කර ඉදිරිපත් කරයි. ඒවායේ ප්‍රතිවිරෝධතා සහ ඒකපාර්ශ්විකත්වය ද හෙළි කරයි. ඒ සඳහා කෘති 24 ක් හේගල් විසින් ලියා ඇත. ඒ අතර ‘ආත්මයේ සංසිද්ධි විද්‍යාව’ (Phenomenology of Spirit – 1807) සහ තර්ක විද්‍යාවේ විද්‍යාව (Science of Logic 1812–1816) ඇතුළු ඔහුගේ ප්‍රධාන කෘති ලෙස හඳුනා ගත හැකිය.


1793 දී හේගල් ටුබින්ගන් සෙමනේරියන් දේවධර්මය පිළිබඳ සහතිකය ලැබීමෙන් පසු, බර්න් හි (බර්න් යනු ජර්මනියේ පහළ සැක්සොනි හි වෙසර්මාර්ෂ් දිස්ත්‍රික්කයේ පිහිටි මහ නගර සභාව හඳුන්වන නාමය) වංශාධිපති පවුලක දේවධර්මය පිළිබඳ උපදේශකයෙක් ලෙස සේවය කිරීමට හේගල් මුලින්ම එක් වී ඇත. 1793-1796 දක්වා කාලයේදී හේගල් දේවධර්මය ගැන අත්පිටපත් දෙකක් ලියා ඇත, ඒ ‘පොදු ජන ආගම සහ ක්‍රිස්තියානි ධර්මයේ ඛණ්ඩනය’ (Fragments on Folk Religion and Christianity 1793–1794) ඉන් පසුව ‘ජේසුස් වහන්සේගේ ජීවිතය’ (Life of Jesus -1795) යන මාතෘකා යටතේ දේවධර්ම අත්පිටපතක් රචනා කර ඇත. ‘ජේසුස් වහන්සේගේ ජීවිතය’ යන දෙවැනි කෘතිය ඔහු ජීවත්ව සිටි කාලයේදී ප්‍රකාශයට පත් වී නොතිබුණත් එය ඔහුගේ අභාවයෙන් පසුව එම අත්පිටපත හමු වී හේගල්ගේ බව තහවුරු කර කෘතියක් ලෙස මුද්‍රණය කර තිබේ. ඉන් පසුව ‘ක්‍රිස්තියානි ආගමේ ධනාත්මකභාවය’ (The Positivity of the Christian Religion 1795-1796) යන මාතෘකාව යටතේ අත්පිටපතක් ද රචනා කර ඇත. ඉන් පසුව සේවා යෝජකයින් සමග ඔහුගේ සබඳතා පළුදු වෙමින් පැවති අතර, හේගල් 1797 දී ෆ්‍රැන්ක්ෆර්ට් හි වයින් වෙළෙන්දෙක් වන හෝල්ඩර්ලින් වංශවත් පවුලකට දේවධර්ම සේවය ලබා දීමට එක් වී ඇත. එහිදී, හෝල්ඩර්ලින් හේගල්ගේ චින්තනයට වැදගත් බලපෑමක් ඇති කළ බව සඳහන්ය. බර්න්හිදී, හේගල්ගේ ලේඛනවල සත්භාව ක්‍රිස්තියානි ධර්මය සහ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී, රොමෑන්ටිකවාදී බලපෑම යටතේ, විශේෂයෙන් ආගමේ සැබෑ සාරය ලෙස ආදරය පිළිබඳ අද්භූත අත්දැකීම ගවේෂණය කර තිබේ. එසේම 1797 දී, ෆ්‍රැන්ක්ෆර්ට්හි සිටියදී, හේගල් ‘ආගම සහ ප්‍රේමය පිළිබඳ කොටස්’ (Drafts on Religion and Love 1797-1798) යන කෘතිය රචනා කළේය. 1799 දී, ඔහු ‘ක්‍රිස්තියානි ධර්මයේ ආත්මය සහ එහි ඉරණම’ (The Spirit of Christianity and its Fate 1788-1800) යන මාතෘකාව යටතේ කෘතියක් ද ලියා ඇත.

ඉන් පසුව හේගල් ජේනා (Jena) විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ ‘ග්‍රහලෝකවල කක්ෂ පිළිබඳව’ (On the Orbits of the Planets) නම් කළ ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කිරීමෙන්ය. එහිදී ඔහු අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා අතර ග්‍රාහක වලල්ලක් පවතින බවට තාරකා විද්‍යාඥයන් ඉදිරිපත් කරන තර්කය විවේචනයට බඳුන් කළේ ඔහුගේ ආචාර්ය උපධි නිබන්ධනය හරහාය. අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා අතර ග්‍රාහක වලල්ලක් නොමැති බව සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල දුර ප්‍රමාණයන් ගණිතමය ශාස්ත්‍රය උපයෝගී කරගෙන ග්‍රාහක වලල්ලක් නොමැති බව පෙන්වා දුන්නේය.එම ආචාර්ය උපාධි නිබන්ධනයට හේගල්ට ආචාර්ය උපාධිය ලැබුණි. නමුත් වත්මන වන විට එය සත්‍යක්ද යන් විමසා බැලුව කළ එය පැහැදිලි ලෙසම අසත්‍යකි. මන්ද අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා අතර ග්‍රාහක වලල්ල පිහිටා තිබීම භෞතිකව සනාථ වී තිබෙන නිසාය. ප්‍රශ්නය පවතින්නේ දෙවියන්වහන්සේ ග්‍රාහක වලල්ලක් මවා නොමැති බව ගණිතමය ශාස්ත්‍රය උපයෝගී කර ගනිමින් තම ආචාර්ය උපාධි නිබන්ධනයෙන් පෙන්වා දීමට හේගල් ගත් උත්සාහ කොතරම් මිත්‍යාවක් ද යන්නය. ඔහුගේ මිත්‍යා තර්කය මගින් පෙන්වාදීමට ගත් උත්සාහ පසුකාලයේ එම මතය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත.

ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ හේගල්ගේ අවබෝධය කාලයත් සමග වර්ධනය කරමින්, ඔහුගේ මුළු ජීවිත කාලයම ලුතරන් භක්තිකයෙකු ලෙස තමාව හඳුනාවා ගෙන ඇත. එම දැක්ම එක් නියතයක් ලෙස සෑම පුද්ගලයෙකුගේම ආවේණික වටිනාකම සහ නිදහස පිළිබඳ ක්‍රිස්තියානි අවබෝධය සඳහා ඔහුගේ භක්තිවන්තභාවය පවත්වා ගැනීමට වෙහෙසී ඇත.
හේගල්ට අනුව, “සෑම දර්ශනයක්ම විඥානවාදී දර්ශනයන්ය” මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ හේගල් ලියූ සමස්ත දර්ශනය පදනම ලෙස විවේචනයක් ඉදිපත් කළ ලුඩ්විග් ෆොයර්බාක් විසිනි.

සංකල්පීයකරණය සියලු සංජානන මට්ටම්වල පවතින බවත් වාස්තවික දැනුම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා අවශ්‍ය ආත්මීය සංකල්පයට හැකි බව විශ්වාසය හේගල් විසින් ප්‍රතිස්ථාපනය කිරීමට ගත් වෙහෙස විවේචනයට ලක් කළේ ෆොයර්බාක්ය – එබැවින් හේගල් ඉදිරිපත් කළ ආත්මීය සංකල්පීය සම්පූර්ණයෙන්ම සැකයට භාජනය වූයේය. විඥානවාදය නැමැති පද ගැළපුම ගෙනාවේ ද ෆොයර්බාක්ය.
හේගල්ට හමුවන සුවිශේෂී චරිතයක් වන්නේ ලුඩ්විග් ෆොයර්බාක්ය. ෆොයර්බාක් 1823 දී හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයේ රෙපරමාදු දේවධර්මය පිළිබඳ අධ්‍යයනයන් ආරම්භ කිරීමට පැමිණ තිබුණි. එහිදී ඔහු දේවධර්මාචාර්ය එච්.ඊ.ජී. පෝලස් සහ සමපේක්ෂණ දේවධර්මාචාර්ය කාල් ඩබ්ගේ දේශනවලින් ආභාෂය ලබමින් සිට ඇත. පෝල්ස්ගේ දේශන ෆොයර්බාක්ට ඉක්මනින් පිළිකුල් සහගත වූ අතර එවිට හේගල් විසින් ඉදිරිපත් කරන ලද ආගම පිළිබඳ විඥානවාදී සමපේක්ෂණ දර්ශනය කෙරෙහි ඔහුට උනන්දුවක් ඇති විය. ෆොයර්බාක් හේගල්ගේ බලපෑමට ලක් වූ ලුතරන් දේවධර්මය කෙරෙහි වැඩි වැඩියෙන් ආකර්ෂණය විය. ෆොයර්බාක්ට එය බර්ලිනයේදී තම ආකර්ෂණය වර්ධනය වූ අතර, 1825 දී, තම පියාගේ විරෝධතා ජය ගැනීමෙන් පසු, ඔහු හේගල් යටතේ සෘජුවම ඉගෙනීම සඳහා බර්ලින් විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ අධ්‍යාපනයට යොමු විය.
1828 දී ෆොයර්බාක්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය වන ‘එකක් මත විශ්වීය සහ අනන්ත හේතුව’ (On the one, universal, infinite reason – 1828), තර්කයේ ස්වයංපෝෂිතභාවය උසස් කළ සත්භාවවාදී හේගලියානුවාදී නිබන්ධනයක් ඔහු ඉදිපත් කළේය. එම නිබන්ධනය මගින් 1828 දී, ෆොයර්බාක් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. එම ආචාර්ය උපාධි නිබන්ධනයේ දී, ඔහු හේගල්ගේ අපෝහකය විඥානවාදය (dialectical idealism), පුද්ගල ආත්මය (මම) සහ අනෙකා (ඔබ) අතර සම්බන්ධතාවය ගවේෂණය කර ඇත. මනුෂ්‍යත්වයේ සාරය විශ්වීය සහ අනන්ත “විශේෂ-සාරය” ලෙස වටහා ගත් හේතුව බව ෆොයර්බාක් තම ආචාර්ය උපාධි නිබන්ධනයේ තර්ක කරයි. පුද්ගලයා, සිතීමේ ක්‍රියාව හරහා, ඔවුන්ගේ සීමිත පෞද්ගලිකත්වය ඉක්මවා ගොස් අන් අය සමග විශේෂ-අනන්‍යතාවයක් ලබා ගනී. අනෙකා තුළ ස්වයං හඳුනා ගැනීම හුදෙක් පුද්ගලයන් දෙදෙනෙකු අතර සම්බන්ධතාවයක් නොව, මනුෂ්‍යත්වයේ විශ්වීය සාරය තුළ කෙනෙකුගේ සහභාගීත්වය පිළිබඳ අවබෝධයකි යන්න ද ඔහු එම නිබන්ධනයේ පවසයි.
මානවවංශික භෞතිකවාදය
ෆොයර්බාක්ට හේගල්ගේ විඥානවාදී දර්ශනය ගැන ගැටලු මතු වූයේ 1829 වන විටය. ඔහුට භෞතිකවාදී මූල බීජයන් අධ්‍යයනයට යොමු වීමෙන් දෙවියෙක් හෝ ආත්මයක් නොමැති බව යන සංකල්පය ලබා ගනිමින් එයට ප්‍රවිෂ්ට වූයේය. ඉන් අනතුරුව හේගල්ගේ විඥානවාදී දර්ශනවාදය මුලින්ම විවේචනය කළ දාර්ශනිකයා වූයේ ෆොයර්බාක්ය. හේගල් පිළිබඳ ෆොයර්බාක්ගේ විවේචනය බහුවිධ විය. කෙසේ වෙතත්, ඔහුගේ අධ්‍යයන ජීවිතය 1830 දී ඔහුගේ පළමු කෘතිය වන ‘මරණය සහ අමරණීයභාවය පිළිබඳ සිතුවිලි’ (Thoughts on Death and Immortality) නිර්නාමික ප්‍රකාශයක් ලෙස ඉදිපත් කර තිබුණි. මෙම කෘතිය මගින් පුද්ගලික අමරණීයභාවය පිළිබඳ සංකල්පයට සහ රාජ්‍ය සේවයේ දේවධර්මයට එරෙහිව තියුණු ප්‍රහාරයක් එල්ල කර තිබුණි. එකල පැවති ප්‍රතිගාමී දේශපාලන වාතාවරණය තුළ එම කෘතිය භයානක හා විප්ලවීය ලේඛනයක් ලෙස සලකනු ලැබීය. ඔහුගේ නිර්ණාමික කර්තෘත්වය ඉක්මනින්ම නිරීක්ෂණ මගින් සොයා ගන්නා ලද අතර, ඔහු ස්ථිරවම විශ්ව විද්‍යාල තනතුරුවලින් සහ ආචාර්ය වෘත්තියෙන් නෙරපා දමන ලදී. මේ කෘතිය හේගල්ට ෆොයර්බාක් දී තිබුණේ 1830 දී හේගල් පදිංචි නිවසට ගොස්ය. හේගල් මේ කෘතිය පිළිබඳව කිසිවක් පවසන්නේ නැතිව 1831 මිය ගියේය.

ඉන්පසුව ද ෆොයර්බාක් දාර්ශනික කටයුතුවලට යොමු විය. නූතන දර්ශනය, විශේෂයෙන් හේගල් වෙනත් ක්‍රම මගින් දේවධර්මයේ අඛණ්ඩ පැවැත්මක් විකාශනය කරන දර්ශනවාදයක් බව ඔහු තර්ක කළේය. “හේගල් ආගමික විඥානවාදී දර්ශනයට යටත් නොවන ඕනෑම අයෙකු දේවධර්මයට ද යටත් නොවේ,” යැයි ඔහු පැවසීය. ෆොයර්බාක්, හේගල්ගේ දර්ශනය “අවසාන රැකවරණය” සහ ඔහු දුටු ක්‍රිස්තියානි ධර්මය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ “අවසාන අභිලාෂකාමී උත්සාහයක් බව” ද පරාජය වූ දර්ශනවාදයක් බව ද පෙන්වා දුන්නේ 1839 දී ඔහු ලියූ ‘හේගල්ගේ දර්ශනය පිළිබඳ විවේචනයක් දෙසට’ (Towards a Critique of Hegel’s Philosophy) නම් කෘතියෙනි. ඔහු හේගල්ගේ දර්ශනවාදී ගොඩනැවීමට පාදක කරගත්තේ “තර්ක ගුප්තවාදය” (dialectical mysticism) බව විස්තර කළේය. හේගල්ගේ දර්ශනය විසින් සිදු කළේ ද්‍රව්‍යමය යථාර්ථය යටපත් කර ස්වභාවධර්මය වෙනුවට දේවධර්මය ස්ථාපිත කිරීම බව පෙන්වා දුන්නේය. හේගල්ගේ විඥානවාදයේ කේන්ද්‍රීය දෝෂය වූයේ මිනිසාගෙන් දැනුම ආත්මීය වියුක්තකරණය බව ඔහු පෙනවා දෙමිණි. හේගල්ගේ දැක්මට අනුව, “මිනිසා හිතන්න” පටන් ගෙන, ස්වභාවධර්මය සහ අනෙකුත් මිනිසුන් ඇතුළුව මුළු ලෝකයම හුදෙක් තමාගේම “අනෙක් පැත්ත” හෝ “විකල්ප මමත්වය” ලෙස දෙවියන්ගෙන් ලැබෙන ආත්මීය සම්බන්ධය මගින් මානව පැවැත්ම නොසලකා හැරීම කරයි යනුවෙන් පැවසුවේය.

ෆොයර්බාක්ගේ භෞතිකවාදී “චින්තන විප්ලවය,” කාල් මාක්ස්ට ද තම චින්තනය වර්ධනය කර ගැනීමේ දී තීරණාත්මක සම්බන්ධයක් ගොඩනැගුනේය. හේගල්ගේ විඥානවාදය පිළිබඳ ෆොයර්බාක්ගේ විවේචනය, විෂය-පුරෝකථන සම්බන්ධතාවයේ ඔහුගේ ප්‍රතිවර්තනය සහ දර්ශනයේ සහ ඉතිහාසයේ සැබෑ විෂය ලෙස මනුෂ්‍යත්වය කෙරෙහි ඔහුගේ අවධානය මාක්ස් විසින් 1839 යේ සිට අනුගමනය කරන ලදී. ඒබව සනාථ වන්නේ; මාක්ස්ගේ 1844 පැරිස් අත්පිටපත්වල, මාක්ස් ෆොයර්බාක්ගේ කෘති ප්‍රශංසා කරමින් පැවසූ දේ නිසාය: “හේගල්ගේ අපෝහකයට බැරෑරුම් හා විවේචනාත්මක සම්බන්ධතාවයකින්, දර්ශනවාදී ක්ෂේත්‍රයේ සැබෑ සොයාගැනීම් කර ඇති සහ සියල්ලටම වඩා පැරණි දර්ශනය පරාජය කළ එකම පුද්ගලයා ෆොයර්බාක්” බව ලිවීය. කෙසේ වෙතත්, මාක්ස් ෆොයර්බාක්ගේ නිබන්ධනවල භෞතිකවාදය ගැන වියුක්ත හා මානවවංශික භෞතිකවාදයක් තිබීම ගැන විවේචනයක් ද ඉදිරිපත් කළේය. සංයුක්ත, ඓතිහාසික සමාජීය සහ ආර්ථික භාවිතය අනුව නොව ස්ථිතික “විශේෂ-සාරයක්” අනුව ෆොයර්බාක් මනුෂ්‍යත්වය තේරුම් ගත් බව මාක්ස් තර්ක කළේය. ෆොයර්බාක් ඉදිපත් කළ නව දර්ශනවාදය වූ මානවවංශික භෞතිකවාදය මාක්ස් බැහැර කර, පරාරෝපණ න්‍යාය හා ඓතිහාසික භෞතිකවාදයේ වර්ධනය කෙරෙහි පදනම ලෙස භෞතිකවාදය නැමති දර්ශනවාදය ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.
මේ ඉතිහාසය ලීවේ ඇතිවූ සිදුවීම් දාමය වටහා ගැනීම සඳහාය. එය දැනුවත්ව සංවාදයට ප්‍රවිෂ්ට වනවා නම් භෞතිකවාදය සමග විඥානවාදයට සංවාදයක් නැතැයි යම් කෙනෙකුට වටහා ගත හැකිය. මොකද භෞතිකවාදය වර්ධනීය ලෙස වත්මන වන විට දැවැන්ත පිම්මක් පැන ඇත. මාක්ස් සහ ඒංගල්ස් ගොඩනැගූ ස්වාභාවික භෞතිකවාදය – ඓතිහාසික භෞතිකවාදය – අපෝහක භෞතිකවාදය යන දාර්ශනික සංකල්ප තුන හරහා ප්‍රකාශ වන මතවාදී දැක්ම වත්මන වන විට නිවැරදි ස්ථීරත්වයකට පැමිණ ඇත. එම නිවැරදි මතවාදී දැක්ම විඥානවාදයට යටකර දැමීමට කිසිසේත්ම මාක්ස්වාදීන් (භෞතිකවාදීන්) සූදානම් නැත. එය සමන් පුෂ්පකුමාර හෝ වෙනුවෙන් යම් කෙනෙක් බෙරිහන් දුන්නත් විඥානවාදයට කිසිවක් සනාථ කිරීම නොහැකි බව හේගල්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් පවා තහවුරු වන කරුණක්ය.
මේවා ගැන අසභ්‍ය විඥානවාදීන් සංවාද කරන්නේ වචන එහෙට මෙහෙට විසිකරමින් පමණි. කළ යුත්තේ භෞතිකවාදී දර්ශනය පිළිගෙන වර්තමානයේ ඇති වී තිබෙන ගෝලීය උණුසුම හා ගෝලීය දේශගුණ විපර්යාස වැනි පෘථිවි භෞතිකයේ ඇතිවී තිබෙන ව්‍යවසනය සම්බන්ධයෙන් භෞතිකවාදී විසඳුමක් ඉදිරිපත් කිරීමය. ඒ වගේම ගෝලීය ආර්ථික අර්බුදය හා ගෝලීය සෞඛ්‍ය අර්බුදය ද එවැනිම ව්‍යවසනයක් බවට පත් වී ඇත. දැන් දේශපාලනිකව භෞතිකවාදී දෘෂ්ටියකින් නැවත වැඩකරන ජනතාවගේ පැවැත්ම ආරකෂා කර ගැනීමට මතවාදී දැක්මක් තිබේ නම් ඒ මාක්ස්වාදී දැක්ම (භෞතිකවාදී දැක්ම) පමණක් ඉතිරි වී ඇත්තේය. ඒ සොබාදහම සමග මුසු වූ සමාජ – ආර්ථික – දේශපාලන වැඩපිළිවෙලකින් ප්‍රශ්න විසඳා ගැනීමට හැකි එකම දර්ශනවාදය මාක්ස්වාදය වන නිසාය. එයට මාක්ස්වාදී විශ්වවිද්‍යාලය වන අපි විසින් සූදානම් වෙමින් සිටින්නෙමු. එය වෙනුවට අසභ්‍ය විඥානවාදීන් කරන්නේ කුමක්ද? එයට ඇති විසඳුම හේගල්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය වැනි පිළිතුරක් විය හැකිය. අනෙක් අතට ආගමික විඥානවාදය වගේම විඥානවාදය වගේම අසභ්‍ය විඥානවාදය පිළිගත් පිරිසක් ලංකා සමාජයේ ද තවමත් ඉතිරි වී සිටිති. ඔවුන්ගේ උත්සාහය වන්නේ තර්ක කිරීම මගින් අසභ්‍ය විඥානවාදය ප්‍රචලිත කිරීමට ගන්නා උත්සාහයක් විය හැකිය. කරගෙන යන්න, දෙවියන් වහන්සේගේ උට්ටානයෙන් ප්‍රශ්න යාඥා කරන්න, සියලු ප්‍රශ්න දෙවියන් වහන්සේගේ ආත්මීය බලයෙන් විසඳීමට හෙගලියානුවාදී “දෙවියන් වහන්සේගේ පිහිටයි” යනුවෙන් ද යාඥා කරන්න.

චමිල් ජයනෙත්ති-Chamil Jayaneththi
මාක්ස්වාදී විශ්වවිද්‍යාලය වෙනුවෙන්





