මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ආපදා තත්ත්වයන්‍ගේ වැඩිවීමක්…

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමගින් නොයෙකුත් ආපදා තත්ත්වයන්⁣ට මුහුණපෑමට ඇතැමුන් ට සිදුව ඇත.
ඒ අතර මාර්ග අනතුරු ,ගස් කඩා වැටීම්,නායයෑම්,විශේෂ වේ.
මාර්ග අනතුරු දිනෙන් දින සිදුවීමට හේතු වී ඇත්තේ බීමත් කම,අධික වෙිගය, නොසැලකිලිමත් බව,මාර්ග නීති නොසලකා හැරීම,වාහන වල පවතින දෝෂයන් හඳුනා නොගෙන තිබීම, ආදි කරුණු රැසකි.
නිවෙස් අවට පවතින නොවටිනා ගස් ඉවත් කර නොගැනීම ,අවධානම නොසලකා හැරීම,පිරිස් අතර පවත්නා නොහොඳ නෝක්කඩු, හමුවේ පවතින භේද භින්න ආදි හේතුන් මත අවට පරිසරය ගැන නොසලකා හැරීම නිසා සිදුවනහානි ඇතිවීම, වැළැක්විය නොහැකිය .

මිනිසුන් ගේ නොමනා ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේම ජීවිත පිළිබඳව නොවටිනා සේ කටයුතු කිරීම සුලබ දෙයකි.
නිවසක් හෝ යම් ගොඩනැගිල්ලක් තැනීමේදි අවශ්‍ය පරිසර සාධක නොසලකා හැරීම, අදාල ආයතන වල උපදෙස් පිළිනොගැනීම,හා පවතින ආර්ථිකය හමුවේ කොහේ හෝ තැනක සිය නිවෙස් හෝ ගොඩනැගිලි ඉඳිකරගැනීමට මිනිසුන් පුරුදු වී සිටියි.
මෙවන් ක්‍රියාකාරකම් හමුවේ මිනිසාගේ විනාශය මිනිසා විසින්ම නිර්මාණය කර ගැනීම දකින්නට අසන්නට ලැබේ. යම් සිදුවීමක් වූ පසු පමණක් තීන්දු තීරණ ගැනීමට යුහුසුලු වීම හා චෝදනා කිරීම කණගාටුවට කරුණකි.
සිය ආරක්ෂිත උපක්‍රම භාවිතා නොකර සිය අභිමතය තුළ පමණක් කටයුතු කිරීම හේතුවෙන් දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින නොයෙකුත් ගැටලු හමුවේ මිනිස් ක්‍රියාකාරකම් වෙනුවෙන් වගකිව යුතු පුද්ගලයා තමාම වී තිබීම සාමාන්‍ය දෙයක් වී ඇත.නීත්‍යානුකූලව වැඩ කිරීමට ඇති අකැමැත්ත නිසා මිනිසාට සිදුවන ආපදා තත්ත්වයන් .විවිධාකාර මුහුණුවරින් පැමිණීම වැළැක්වීමට නොහැකිය .

අනවශ්‍ය ලෙස විනෝද ගමන් යාම තුළ මිනිසාගේ හැසිරීම් රටාව තුළින් ම නොයෙකුත් ගැටලු නිර්මාණය වී ඇත.තරම නොදැන දියඇලි ආශ්‍රිතව දියකෙළියේ යෙදීම,ඡායාරූප ගැනීමට දරණ උත්සාහයන් ,අඩාදි දෑ හමුවේ සිදුවන අනතුරු සුලබය.සිය කටයුතු කිරීමට මත්තෙන් අදාළ නීති රීති වලට අනුගතව සොයා බලා කටයුතු කරන්නේ නම් ඇතිවන නොයෙකුත් ආපදා තත්ත්වයන් යම්තාක් දුරට හෝ අවම කර ගැනීමට හැකිවනු ඇත.මූලිකවම වගකිව යුතු පුද්ගලයා තමාම විය යුතුය .

More From Author

ලොව වෙනස්කල මිනිසුන්

සංජයගේ බොහෝමයක් කවි වලින් එළියට පනින්නේ තමා තුළම කැකෑරෙන තම පැවැත්මේ වේදනාත්ම ආත්මීයත්වයයි.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348