ප්‍රදීප් පීරිස්:
The Saint of Bailovo යන නමින් ලොවපුරා ජනතාවගේ ආදරයට ලක් වූ
දොබ්‍රි දිමිත්රෝව් ඩොබ්‍රෙව්
උපත ලද්දේ 1914 ජුලි මස 24 වෙනි දින බල්ගේරියාවේ Bailovo නම් ප්‍රදේශයේය. තම පියා පළමු ලෝක යුද්ධයේදී මරණයට පත් වීමෙන් පසුව මව විසින් ඉතා වෙහ්සකර දිවි පෙවතක් ගත කරමින් කුඩා ඩොබ්‍රෙව් රැකබලා ගත්තේය. තම මව දැඩි ඔර්තඩොක්ස් කිතුනු නිකායේ බැතිමතියක් වූ අතර, තම නිවස තුල ඉතිරිව තිබුනේ යහපත් ජීවන රටාව පමණි. එවන් පරිසරයක හැදී වැඩි , තරුණ වියට එළඹීමත් සමගම දොබ්‍රි දිමිත්රෝව් ඩොබ්‍රෙව්, ක්‍රම ක්‍රමයෙන් තම ජීවිතයම කරුණාවෙන් දයාවෙන් පිරුණු අර්ථවත් ජීවතයක් බවට පෙරලා ගත්තේය. දෙවන ලෝක යුද්ධ සමයේදී බල්ගේරියාවේ සොෆියා නගරයට එල්ල කල බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ කන් අඩි පුපුරා ගිය අතර, එම අනතුරෙන් සදාකාලික බිහිරෙක් බවට පත් විය.එම බෝම්බ ප්‍රහාරයෙන් තම දරුවන් දෙදෙනෙකුද ඔහුට අහිමි විය.

2000 වසරේදී ඔහු සතු සියලු දේපල විකුණා දැමු පසු දුගී දුප්පත් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඒ සියල්ල පරිත්‍යාග කළේය. එතැන් සිට ඔහුගේ නිත්‍ය නවාතැන බවට පත් වුයේ තම උපන් ප්‍රදේශයේ පිහිටි Saints Cyril and Methodius පල්ලියට යාබද පිහිටි කුඩා මඩුවකි.. එතැන් සිට තම ජීවිතය වෙනස්ම මගකට හරවාලමින් , දුගී ජනයා වෙනුවෙන් උපන් පහන් සංවේගය තම ජීවිතයේ පරම අධිෂ්ඨානය බවට පත් කර ගත්තේය.තමා ජීවත් වන කුඩා ගම්මානයේ සිට දිනපතා කිලෝමීටර් 20 පා ගමනින් පැමිණ සොෆියා නගරයේ පිහිටි ප්‍රධාන දේවස්ථානය වූ Alexander Nevsky ඉදිරිපිට බිම වාඩිවී සිඟමන් යදින්නට විය. බල්ගේරියානු ජනයා විසින් ලබා දෙන එකම කාසියක් හෝ තම දිවි පැවැත්මට ලබා නොගත් මේ විශිෂ්ඨ මානවීය ගුණයන් ගෙන් පිරිපුන් මිනිසා, තම ජීවිත කාලයම තමනට ලැබුණු සිඟමන් සියල්ලම පුණ්‍යායතන හරහා දිළින්දන් වෙත පිරිනැමිය. වසර 103 ක කාලයක් ජීවත් වූ ඔහු , දිනපතා කිලෝමීටර් 20 ක් මග ගෙවා පැමිණ සිඟමනේ යෙදෙමින් උකහා ගත් සියලු ධනය පුණ්‍යායතන වෙත ලබා දී තිබුනේ මෙසේය.

තම උපන් ගම්මානයේ පිහිටි Saints Cyril and Methodius පල්ලියට යුරෝ 5000
Eleshnishki නම් පැවිදි ආරාමයට යුරෝ 12,500
සොෆියා නගරයේ පිහිටි Cathedral of Alexander Nevsky වෙත යුරෝ 17,850
මෙම පුණ්‍යායතන වලට අමතරව තවත් බොහෝ පිරිසකට මෙම විරල ගති පැවතුම් ඇති මිනිසා බොහෝ පරිත්‍යාගයන් කර ඇත. ඔහු මිය ගිය පසුව කල සමීක්ෂණ වාර්තාවකට අනුව යුරෝ 60000 කට අධික මුදලක් දුප්පත් ජනතාව ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් කැප කර තිබුණි.

ප්‍රදීප් පීරිස් -Prdeep Peries





