භුෂන් ප්‍රදීප්:
ආදර සාදය තුළ සිටින සංජය ඈපා නිර්මාණය වුනේ අනේකත්වය තුළින් සහ සංජය තුළ සිටින තමන්ට වඩා කෙනෙක් නිර්මාණය කළේ අනෙකා තමයි. නමුත් මෙහි ඇති විෂේශත්වය නම් සංජයට සමාජය විසින් දෙන ලද අනන්‍යයතාවය අනවශ්‍යය යටත් වීමකට ඔහු ලක් නොවී සිටීමයි. සමාජ අනන්‍යයතාවය ඉල්ලා හඬනගන විශාල පිරිසක් අරක්ගෙන සිටින කලාත්මක සමාජයේ මේ ඉඳීම අමාරු වැඩක්, ඒත් එලෙස තම ජීවන අනුභූතීන් සමග තම පැවැත්ම පෑහීමක ප්‍රතිථලයක් ලෙස සමාජගත කළ මෙම ආත්මීය ප්‍රකාශනය සහෘදයාට බැරෑරුම් ලෙස භාරගැනිමට පොළඹවන්නේම එම ජීවන ලාලසාවයි.
ඇත්ත කෙනෙකුට තමන් තුළ සිටින තමන්ව සොයාගත හැකිනම් එය කොතරම් දුරට දාර්ශනික ආස්ථානයක් උසුලයි ද යන්න නැවත සිතා බැලිය යුක්තක්. සංජය කරමින් සිට්න්නේ ද එයයි. එසේම ඒ සඳහා තමන් විසින්ම ආත්මීය කැරැල්ලක් ගැසිය හැකිනම් තමා තුළ සිටින තමාව ඇස් ඉදිරිපිට නිරුවත්වීම තුළ කැඩී බිඳී ගිය ආත්මීය වේදනාවල්වල දිග පළල කියවා ගැනීම සඳහා එය මහත් පිටිවහලක් සපයයි. කැබලිවී ගිය ආත්මීයත්වයට ප්‍රාණවායුව මුසුකිරිමේ උත්සාහයක සංජය නිරතවෙමින් සිට්. ආදර සාදය තුළින් විනිවිදිනු ලබන්නේ එම එළැඹුමයි. එමගින් සහෘදයා තුළද තිගැස්මක් ඇති කරලීමට සමත් වුණු අවස්තා ඔහුගේ කවි තුළ සොයාගත හැක.
මේ බලන්න,
“මා තුළම මා
විසීමෙන්ම වූ
හැඩි වීමට
වග වීමට,
මගට එක් වෙමි.
වෙනෙකෙකුට ද අනෙකා වෙම්.”
තමාව අනෙකා කර ගැනිමට කෙනෙකුට හැකි වුනත්, සමාජ අනන්‍යයතාවය සොයාගෙන දඟලන බොහොමයකගේ ජීවිතවල ඇති හිස්කම, නරුමත්වය තුළ අවසානයේ ඉතිරි වනුයේ අතෘප්තිමත් ජීවිතයේ පැවැත්මයි. නැතහොත් වේදනාත්මක ඉඳීමයි.එම වේදනාවෙන් ගැලවීමට සඳහා අපට Fantasy අවශ්‍යය වන්නේ එබැවිනි. මෙම ව්‍යාජ ඉඳීමම අපව අප විසින්ම රවටා ගැනිමකි. සංජය ඈපාගේ බොහෝමයක් කවිවල ඇත්තේ මෙම වේදනාත්මක ඉදීමයි. එබැවින් සංජයගේ කවි කියවන සහෘදයින්ට ඒතුළ තමන්වද සම්මුඛවීම තුළ තම ආත්මීය ප්‍රකාශනය වඩාත් වර්ණ ගැන්වී තිබේ .

ධනවාදය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන මෙවැනි යුගයක, මිනිසුන් වඩ වඩා පරිභෝජන වාදය තුළ ඇලී ගැලී සිටින සමයක, භාණ්ඩ අර්චනකාමය තුළ අවසන ඇත්තේ අතෘප්තියයි, වේදනාවයි, හැල්මේ දුවන මිනිසුන් අතර එයට ප්‍රතිපක්ෂවද මිනිසුන් සිටින බවට ඔහු ඉඟිකරයි . කවියාද මෙම සාංදෘෂ්ටික ඉඳීමට ලොබ කරන්නෙකු බව කවිය තුළ පොලාපැන්වීමට සලස්වයි.
“අහඹු හැන්දෑවරුත්
ආතතියට පත්කර
දෙමගක විසිර
නොබලාම සමුගත්ත
අතිරේක මිනිසුන්ය.
පෙු්මයෙන් අඩස්සිව
ජීව්තයේ රිදුම් පිරිමදින
අතිරේක මිනිසුන්ය…
පැති කන්නාඩියෙන්
ඉඳහිට පසුපස බලන
හඹා එන්නාටත් ඉඩ දෙන
අයිනට සිග්නල් දමා
සිහිනයෙන් අයින් වෙන
අතිරේක මිනිසුන්ය.”
සංජය යෝජනා කරන මෙවැනි මිනිසුන් අපට සමකාලීන සමාජයේ අහම්බෙන් හෝ මුණ ගැසෙන අවස්ථා නැත්තේ ද නොවේ. මිනිස් සබඳතාවයන් දිනෙන් දින බිඳවැටෙමින් ඇති මෙවන් යුගයක මිනිස් සබඳතාවයන් සහ පරිහෝජනවාදය අතර ඇති විරුදාභාෂය තුළ ගොඩනැගෙන නරුමත්වයට ප්‍රතිපක්ෂ මිනිසුන් අල්පයක් හෝ සිටින බවට කවියා තම ආත්මීය ප්‍රකාශනය තුළ මුණගස්වයි .
තව ද සංජය තම ආත්මය ප්‍රකාශනය තුළ බර සාර පන්ති අරගල , සමාජ ආර්ථික ප්‍රශ්න , දේශපාලනමය ආස්ථානයන්, උතෝපියානු ස්ත්‍රීවාදයන් ගැන, වාර්ගීක අර්බුද, වැනි ජනප්‍රියවාදී ප්‍රස්තුතයන් ඔහුගේ කවිය තුළ අපට මුණනොගැසීම අහම්බයක් ද? කලාත්මක සමාජයේ අනන්‍යයතා අර්බුදයට ලක්වු බොහෝමයකට ඉහත කී රෝග ලක්ෂණ අඩුවැඩි වශයෙන් පවතින බව නොරහසක්. නමුත් සංජයගේ බොහෝමයක් කවි වලින් එළියට පනින්නේ තමා තුළම කැකෑරෙන තම පැවැත්මේ වේදනාත්ම ආත්මීයත්වයයි.
බොහෝමයක් තම ජීවන පැවැත්මේ අසමත්කම බහිෂ්කරණය කරන්නේ තමාට එළියෙන් ඇති බාහිර බාධාවක් ප්‍රක්ෂේපනය කිරිම තුළිනි, සංජයගේ කවි කියවන්නෙකුට මුණගැසෙන්නේ එම අසමත්වීම ඇත්තේ තමා තුළම බවයි. අවාසනාවනම් එය අපට අවිඤ්ඤාණික වීමයි. සංජයගේ බොහෝ කවිතුළ කියවන්නා පත්වන වේදනාව භාෂා ලෝකයෙන් ආශාව දෙසට ප්‍රක්ෂේපණය කරවමින් කවියේ ජීවගුණය නොනසා රදවා ගැනිමට සමත්වේ. මිලාන් කුන්දෙරා කී ලෙස ජීව්තය කියන්නෙම උගුලක් එම උගුලට සිරවී සිට්න අපහට සංජය වැන්නන් එහි ව්‍යුහමය ස්වභාවයන් දෙස බැලිම සඳහා කවුළුවක් තනා දෙයි.

භුෂන් ප්‍රදීප් – Bushan Pradeep





