මිතුරු සුළ⁣ඟේ

ස්ටාලින් ගේ නිළධාරිවාදී පීඩනය යටතේ 1927 දී දිවිනසාගත් ඇඩොල්ෆ් ජොෆේ සහෝදරයා ගැන

උල් තිබුණට කඳවුරු මත
මහත් දිග ධජ
සොලවනා නුඹ
එවෙලෙත් ඉන්න ඇති කවුළු ළඟ

පුංචි නිවහනට වෙලා
කවුලු අරිමින්
කවුලු වහමින්
එකම තැන ඇවිදිමින්
කම්පිතව ඔහු බලා උන් හැටි
නුඹ දකින්න ඇති එදා අළුයම

හිම කන්දක් මත
වැටී ඉහිරෙද්දී හිම කැට
යළිත් නිවුනා සේ මෘදු මොලොක් හද
අතීතයට හැරෙද්දී
යලිත් සිතට මතු වූ
ආවර්ජනයේම ගිලි උන් ඔහු
උන් ගමන් නැවතී බලා සිටි හැටි
නුඹ දකින්න ඇති එදා අළුයම

දයාබර හදවතේ
ගලා උණු වූ රුධිරයෙන්
සුපෙන් බර මිතුරාට
ලිපිය ලියූ හැටි
වචන ගෙන අදින සිත් පතුලෙන්
නුඹ දකින්න ඇති එදා අළුයම

Leon Trotsky

විගස යන්නට සමු අරන්
ලිපිය නිමා කොට නවා දැමූ විට
දෙපා පැටලෙමින්
යළිත් එක තැන ඇවිද සිටි හැටි
නුඹ දකින්න ඇති එදා අළුයම

නොවෙවුලන අතින්
පිස්තෝලය ගත් විගසින්
හිස මත තබාගෙන දෑස් පියා ගත් තත්පරයේදීවත්
මිතුරු සුළඟේ නුඹට තෙපලන්න
තිබුණා මේ ටිකවත්
චුට්ටක් නවතින්න මිතුරේ චුට්ටක්
ආදරණීය ට්‍රොට්ස්කි ඉන්නවා තවමත්

More From Author

“තිමිර විනිවිද මාවෝ” කියන්නේ මගේ පළවෙනි පරිවර්තන කෘතිය. හැබැයි මේ කෘතියට පරිවර්තනයට එහා ගිය ආඛ්‍යානයක් ඇතුළත් වෙනවා.

උතුරේ මුස්ලිම්වරු හා රහුමාන්ගේ විසි වසක පිටමන් දිවිය.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348