වෛද්‍ය සුජීවා හේමමාලි:
ඉඳහිට දැනෙන සුසුමක පපුවේ රැඳුණ
බලනා බැල්ම මත ආදර හී වැදුණ
සැනසුම් සුසුම් මැද මා නල වන් නැගුණ
ලබ් ඩබ් තාලෙ නුඹෙ තද පපුවෙන් වැයුණ…

මොහොතක හෙළන තර වටු බැල්මින් බැදුණ
ඉනවට සුරත බැඳි පවුරකි සුව රැඳුණ
රළු තොල් පහස ඉල්ලන හිතකට බැඳුණ
ගල් වූ පිරිමි හිත සීමාවක රැඳුණ …
තැන තැන ඉරී කඩතොලු වී හද රිදිණ
ඉද හිට බලන බැල්මෙත් වෙහෙසම රැදින
සීමාවට එහා එපිටින් පෙම් බැඳුණ
තැනු වැට කඩොලු මත කඩුපුල් මල් පිපින..

වෛද්‍ය සුජීවා හේමමාලි-Dr.Sujeewa Hemamali





