Six Red Months in Russia (රතු රුසියාවේ හය මසක්), History of the Bolshevik Party (බෝල්ෂෙවික් පක්ෂයේ ඉතිහාසය), Back in Time (කාලය දිගේ ආපස්සට), ඇතුළු තවත් කෘති 40 ක පරිවර්තක ප්‍රවීණ ලේඛක මනෝ ප්‍රනාන්දු අද ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්‍රශ්නය : Louise Bryantගේ “SIX RED MONTHS IN RUSSIA” (“රතු රුසියාවේ හය මසක්”) පරිවර්තන කෘතියේ දෙවැනි මුද්‍රණය මේ වනවිට එළිදක්වා ඇත. ඒ පිළිබඳව විස්තරයක් ලබා දිය හැකිද?
පිළිතුර: රුසියාවේ රතු හය මසක් කෘතිය පළවෙනි මුද්‍රණයේදී විශාල පාඨක පිරිසකගේ අවධානයට ලක්වුණා. ඒ නිසා ඒ කෘතිය ක් මාස හතරක් වගේ කාලයක් ඇතුලෙදි විකිණි හමාර වුණා. අපි නැවත වරක් දෙවෙනි මුද්‍රණයට යන්න කල්පනා කරේ රට තුළ තරුණයන් අතරේ අලුත් ලෝකයක් ගැන අවධානය යොමු වෙලා තියෙන නිසා. එබඳු උද්ඝෝගයෙන් ඉන්න අයට රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාවේ ජනතාව කටයුතු කළ ආකාරය ගැන දැනගන්න උනන්දුවක් ඇතිවෙනවා. මේ කෘතියේ වැදගත්කම ක් ඒ විදියට සලකන්න පුළුවන්.

ප්‍රශ්නය : ඔබ විසින් පරිවර්තනය කරන ලද අනෙකුත් කෘතී පිළිබඳ විස්තර කළොහොත්?
පිළිතුර: මම පරිවර්තනය කළ අනෙකුත් කෘතීන් අතරෙ ලංකාවේ යටත් විජිත යුගයේදී ඒ පිළිබඳව ඉංග්‍රීසි ජාතිකයන් ලියූ කෘති මූලික වෙනවා. දෙවනුවට දේශපාලන කෘති. තුන්වෙනුවට යොවුන් කතා. ඊට පස්සේ ගවේෂණාත්මක කතා. මේ කෘති සියල්ලම ගත් විට කෘති 43ක් විතර පරිවර්තනය කරලා තියෙනවා. ඊට අමතරව ගවේෂණාත්මක කෘති තුනක් තියෙනවා.








ප්‍රශ්නය : 1917 බෝල්ෂෙවික් විප්ලවය සම්බන්ධ කෘතීන් කිහිපයක්ම ඔබ පරිවර්තනය කර තිබෙි.එයට හේතුව සදහන් කරන්න පුළුවන්ද?
පිළිතුර: 1917 බෝල් ෂෙවික්
විප්ලවයට සම්බන්ධිතව කෘති පරිවර්තනය කිරීමේදී මාගේ මූලික අරමුණ වුණේ අප ජීවත් වන ලෝකය උඩු යටිකුරු කළ සමාජ විප්ලවය ගැන වර්තමාන සමාජයට කියවා ගැනීමට අවස්ථාක් ලබා දීමයි. එහිදී පළමුවෙන්ම මේ මහා කර්තව්‍ය කළේ කුමන වර්ගයේ පක්ෂයක් විසින්ද යන ප්‍රශ්නය සාකච්ඡා කරනවා. ඊට පස්සේ පොතක මේ විප්ලවයට නායකත්වය දුන් ලෙනින්ගේ මරණයෙන් පස්සේ මහා ගත්කරුවකු වෙන මැක්සිම් ගෝරුකි ලියන ලද සටහනක් රුසියන් විප්ලවයේ ලෙනින්ට පස්සේ හිටපු නායකයා වෙන ටෙුාටිස්කි සහෝදරයා විසින් ලියල සටහන අඩංගු පොතයි. ඊළඟ කෘතියේ තියෙන්නේ ලෙනින්ගෙ මරණයෙන් පස්සේ ස්ටැලින් විසින් හදපු වධකාගාරවල හිටපු මිනිසුන්ගේ ජීවිත ගැන කරන කතාවයි. අනිත් පොත විප්ලවයෙන් පස්සේ රුසියාවේ පැවති තත්ත්වය ගැන යි.
ප්‍රශ්නය : “ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කළ කෘතී අතරින් ඔබට වඩාත් ආස්වාදයෙන් යුතුව සිදු කළ පරිවර්තනය කුමක්ද?
පිළිතුර: මා පරිවර්තනය කළ කෘතිය අතරින් වඩාත් කැමති වන්නේ බෝල්ෂෙවික් පක්ෂයේ ඉතිහාසය කියන කෘතියටයි. ඊට මූලික හේතුව එබඳු වර්ගයේ පක්ෂයක් නැතිනම් සමාජවාදී විප්ලවයක් කරන්න බැහැ කියන එක ඒත්තු ගන්නවා ඉතා හොඳට.

ප්‍රශ්නය : ඔබගේ ඉදිරි පරිවර්තන සම්බන්ධව සඳහන් කළොහොත්?
පිළිතුර: මම මේ මොහොතේදීත් කරලා තියෙනවා නමුත් තාම මුද්‍රණයෙන් පිටවෙලා නෑ ඊසාක් බාබල් කියන රුසියානු කෙටිකතාකරුවාගේ කතා විස්සක්. ඊළඟට මම කරන්නේ ඉන්නවා සම සමාජ පක්ෂයේ ඉතිහාසය ගැන මහාචාර්ය රංජිත් අමරසිංහ ලියපු කෘතිය ක් පරිවර්තනය කරන්න.
සංවාද සටහන: චන්දිම
Six Red Months in Russia (රතු රුසියාවේ හය මසක් [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකි





