මේක කුළුදුලේ තියාපු අඩියක් නෙවේ මේක පිම්මක් පුතා…

මේ මනුස්සයගෙ කවියක් හරි වෙනත් ලිපියක් උනත් එකපාරක් කියෙව්වට සමහර වේලාවකට එකෙන්ම තේරුම් යන්නේ නැහැ.කිහිප සැරයක් කියවද්දි තමයි ඔළුවට හෙණයක් පාත්වුණා වගෙ දැනෙන්න පටන් ගන්නේ. මුල කියෙව්වම අග ගලපගන්න පහසු ශානරයක් හෝ විදියක් නුවන්ගෙ ලිවීමේ කලාවේ නැති නිසා මුල සිට අගටත් අග සිට මුලටත් ඒත් බැරිනම් ආයේ මැදින් පටන් අරගෙනත් කිහිපසැරේ කියවද්දි තමයි අදාළ තැනට අපි ස්ථානගත වෙන්නේ.

කවිය හෝ අනෙක් ලියවිලි එහෙම නම් ,අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරක්ද කියලා හිතා ගන්න පුලුවන් විදියේ නෙවෙයි,ඒකත් හිතන්න බැරි විදියෙ කෙටි කතා පහක එකතුවක්

“සැරිසරන්නා”

ලොකූ කතාවක් කියන්න ඉතා අඩු වචන ප්‍රමාණයක් පාවිච්චි කරන නුවන් එක කෙටි කතාව ඇතුළේ ජිවීත ගණනාවක කතාවක් ,සමහර වෙලාවට මුළු රටේම කතාව හකුලා ඇතිදෝයි මට හිතෙනව.හරියටම

“දත් බෙහෙත් කියන්නේ රටේ මුළු ජනතාවම ” වගෙ

සමස්ත රටක් පිළිබඳව එක් මිනිසෙකු සතුව පවතින දිර්ඝකාලීන ඵලදායි සැලසුම්.මිනිහෙකු සතු චින්තන හැකියාව කොතරම්ද? එය විශ්මජනකයි.මකාදැමීම තුළ කතාකරන ආර්ථික ,දේශපාලනික ,අධයාපනික සංකල්ප .මේ සේරම කියෙව්වම මට හිතුනේ මේ මනුස්සයගෙන් ඒ කියන්නේ විශ්‍රාමික විදුහල්පති නන්දපාල මහතගෙන් නෙවෙයි අපේ තොටවත්ත මහත්තයගෙන් රටට තව ගන්න දේ බෝමයි කියලා.
ඒ හැම කතාවකම කොහේ හෝ තැනකින් ළමයින් වෙනුවෙන් වෙහෙසෙන සාහිත්‍යධරයා වගෙම වෛද්‍යවරයාගේ භූමීකාව මතුවෙනව.

නුවන් තොටවත්ත

සැරිසරන්නාගෙ විශේෂත්වය එනිග්මාව යි.
එය සාහිත්‍යවේදීන් භාවිතා කරන එක්තරා ශිල්පී ක්‍රමයක් .මට හිතෙන්නේ නුවගේ කෙටි කතාව ඇතුළේ එනිග්මාව නිර්මාණය වී තිබෙනව.රහස් පරීක්ෂණ,ගුප්ත ,ත්‍රාසජනක ප්‍රභේදයන්හී භාවිතා වන බොහෝමයක් තොරතුරු වසන් කර වසන් කර ලිවීම මඟින් පාඨකයා සිතන්නට පෙළඹවීම සහ අවසානයේ කුමක් වේද යන්න සිතන්නට පාඨකයාට අනුමාන කිරීමට බල කිරීම සැරිසරන්නා තුළ පවතින එනිග්මාව ක විශේෂත්වයයි.අර්නස්ට් හෙමිංවේගේ,එඩ්ගා ඇලන් පේගේ කෙට් කතා මතකෙට එනව.

සැරිසරන්නා සැරිසැරිය යුතුයි.සැරිසරන්නා සමඟ අප සැරිය යුතුයි.සැරිසරන්නාගෙන් මිදි අප හුදෙකලාව සැරිය යුතුයි.සැරිසරන්නා සමඟ රස්තියාදුවකින් පසුව සිදුවන්නෙද එයයි.
මොළේට සමනල් ගැටේ වැටිලා කොම්බුව කූරීය ගහන ලෙවෙල් එකකට ගිහින් දවස් ගණන් කල්පනා කරන්න වෙන විදියේ සියුම් සිදුවීම් තිබෙනව.ද්විත්වදාමයක අවසානය මම තවම කල්පනා කරනව.

මේ සැරිසැරිම ගවේෂනාත්මක නැවුම් රස්තියාදුවක්.
වෛද්‍යවරයකු සාහිත්‍යවේදීයකු වීම නිසාම නුවන් නිලය අල්ලා නිසි මාත්‍රාව පදමට ගෙන එයට මානූෂීය ප්‍රේමණීය කොටසකුත් එන්නත් කර තිබෙන හැඩ සැරිසරන්නා සහ සිත්තර සිහින ළඟ වඩාත් හොඳින් දැනෙනව.

එහෙයින් හොඳින් මතක තබා ගතයුතුයි

“දොස්තරට බොරු කිව්වොත් අඩි හයක් යට.ලෝයර්ට බොරු කිව්වොත් අඩි හයක් උඩ “

මිදි යුෂ යැයි හලාහල විෂ පෙවු ගැහැනුන්ගේ ජිවීත කතාව ඇතුළේ දෝංකාරදෙන හෘදසාක්ෂියක වියැවුල
ප්‍රේමණීය හලාහල.
සිනී,ලුණු,පොල්,පොල් තෙල් කිව්වම දැන් ඉස්සරට වඩා හිතන්න දේවල් තියනව….අවදානමට පෙර සූදානම.සූදානම් ශරීරේ කෝකටත් හොඳයි.

සැරිසරන්නා කියවා අවසානයේ ආයෙම මුලට ගියා.සැරිසරන්නා පිදුම සැරිසරන්නාගෙ ජීවීතේ ළඟම
ගමන් සගයාට.තිළිණට….තිළිණ ආතාවුදට.
ගණන් හදලා බැලුව. යහලුකමේ වයස හොයාගත්තා.
ආපහු මුහුණු පොතේ තිළිණ ආතාවුද සෙව්ව.පිදුමත් ලොකු කතාන්දරයක්.ආයෙම එතැන කඳුළක කැළලක්.

මෙහෙව් සැරිසරන්නෙක් එහෙව් ගමන් සගයෙකුගේ වෙන්වීම දරා ගත්තේ කෝමද කියලා නුවන් ආයේ දවසක හමුවුනාම ටිකක් කියලා දෙනවද ?

සැරිසරන්නා කුලුඳුලේ කරපු වැඩක් නෙවේ.මේක තුන් කුලුඳුල් වැඩක්.කවරයේ කතාව කුලුඳුල් Saumya,නුවන්ගේ Nuwan කුළුදුල් කෙටි කතාව වගෙම මේක මියුසස් ආයතනයේ Kaveesha ප්‍රථම කෙටිකතා මුද්‍රණය.කතන්දර ගොඩක්.ඒ නිසා මේක මෙහෙම කිව්වට බෑ පුතා.

මේක කියවලා බලන්නම ඕනී එකක්

More From Author

අප ගත්-නොගත් මං: තර්කයේ මග වෙනුවට විශ්වාසයේ මිත් මග(සිංහල ලේඛන කලාව ගැන ප්‍රවාදයක්)

බෝල්ෂෙවික් විප්ලවයට සම්බන්ධිතව කෘති පරිවර්තනය කිරීමේදී මාගේ මූලික අරමුණ වුණේ අප ජීවත් වන ලෝකය උඩු යටිකුරු කළ සමාජ විප්ලවය ගැන වර්තමාන සමාජයට කියවා ගැනීමට අවස්ථාවක් ලබා දීමටයි.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348