ප්‍රදීප් පීරිස්:
ප්‍රංශය
ලෝකය වෙනස්වුයේ ඉදිරියට ගියේ ඡනතා නැගිටීමි වලිනි. මහා විප්ලවයන් තුලිනි. නුතන මිනිසුන්ට ඡනතා විප්ලව හදුන්වාදීමේ මව ද පියා ද ප්‍රංශයයි. එහි ගෞරවය සදාකාලිකව ප්‍රංශමිනිසා සතුය.කාල් මාක්ස්ට මාක්ස්වාදය ගොඩනැගීමට මාවත වැටුනේ නිරන්තරයෙන් ඇතිවන ප්‍රංශයේ වීදි සටන්ය.

ඡනතාව පීඩාවට පත්කල රටෙි මහරඡුද, රඡුගේ සනුහරේද හිතවතුන්ද ගිලටීනයට දමා ඝාතනය කල මුල් රටවැසියන් වුයේ ප්‍රංශ ඡනතාවය එකල තිබුනේ රඡවරුන්ට බියෙන් තැතිගත් හා වෙවුලමින් සිටි ඡනතාවක් සහිත ලෝකයකි.. ඔනෑම රටක ශිෂ්‍ය අරගල ගැන කතාකරනවානමි එහි මහා සටනද ඉතිහාසය ලියා ඇත්තේ ප්‍රංශය නමටය ඒ 1968 ඇතිවු ප්‍රංශ ශිෂ්‍ය සටන අරභයාය.

එය පැරිසීයේ සිට ලන්ඩන් හා ප්‍රාග් හරහා යුරෝපීය නගර වෙත දිව ගොස් අණතුරැව මහද්වීපය තරණය කරමින් එක්සත් ඡනපද සරසවි තුල පැතිර ගියේය. 1968 ප්‍රංශ ශිෂ්‍ය දේශපාලන විරෝධතා රැල්ල ශිෂ්‍ය රැඩිකල්වාදයේ හොඳම උදාහරණය ලෙස ලෝකය තවමත් සිහිපත් කරයි.
එහි අනගිභවනීයත්වය සහ බලපෑම මොනතරමිද යත් 2022 එමිමානුවෙල් මැක්රෝන් දක්වා සියලුම ප්‍රංශ නායකයන් 1968 මැයි 13 වැනි දිනය පහන් දල්වා මල්පොකුරු තබා එම දැවැන්ත නැගිටීම ගර්වයෙන් සිහිපත් කරත්.
ප්‍රංශයේ කාන්තා විමුක්ති ව්‍යාපාරය සහ සමලිංගික අයිතිවාසිකම් ව්‍යාපාරය යන දෙකම වර්ධනය වූයේ 1968 මහා ශිෂ්‍ය නැගිටීම හා එකල ඇතිවූ ශ්‍රේෂ්ටතම බුද්ධිමය සංවාදයන් තුලිනි. එහෙත් සරදමකට මෙන් එකී සටනින් ඒ මොහොතේ ප්‍රංශ ශිෂ්‍ය ව්‍යාපාරය කිසිවක් දිනා ගත්තේ නැත. එහි එලිය විහිදුනේ ප්‍රංශ ඡනතාව වෙතය. එහි ආලෝකය තුලින් මුලු මහත් ප්‍රංශයේ කමිකරු ඡනතාවගේ 10%- 35% වැටුප් වැඩිවී තිබිණි.
දෙවන මහා ලෝක යුද්ධයට පෙර මිලියන 42 ක් වූ මුළු ප්‍රංශ ජනගහනයෙන් විශ්වවිද්‍යාල තුල සිටියේ සිසුන් 60,000 ක් පමණි එයද ධනපති පවුල්වල දරුවන්ය. යුද්ධයෙන් පසු එය වෙනස් විය.1960 දී ජනගහනය මිලියන 50 ක් වනවිට සරසවි සිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහක් විය . මින් බහුතරය සාමාන්‍ය මිනිසුන්ගේ දරුවන් විය. ප්‍රමාණය ගුණය වුයේ ඉන් අනතුරුවය.
නොසන්සුන්තාව ආරම්භ වූයේ ධනවාදය, පරිභෝජනවාදය, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ සාම්ප්‍රදායික ආයතනවලට එරෙහිව 1968 මැයි 02 දින ශිෂ්‍ය වාඩිලා ගැනීමේ විරෝධතා මාලාවෙනි එවිට ප්‍රංශයේ හදවත ලෙස ප්‍රංශ ඡනතාව සැළකූ ඡනරාල් චාල්ස් ඩිගෝල් සෝබෝන් විශ්වවිද්‍යාලය වසා දැමීමට තිරණය කලේය. එය ගින්නට පිදුරු දැමිමාක් වැනි විය

.ප්‍රංශයේ විශාලතම ශිෂ්‍ය සංගමය (UNEF) හා විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ සංගමය සෝර්බෝන්හි පොලිස් ආක්‍රමණයට විරෝධය පාමින් පාගමනක් කැඳවීය. සිසුන්, ගුරුවරුන් සහ ආධාරකරුවන් 20,000 කට අධික පිරිසක් සෝර්බෝන් දෙසට ගමන් කළ අතර, පෙළපාලිකරුවන් ළඟට පැමිණි විගසම පොලිසිය කෘෘර ආකාරයට බැටන් පොලු ප්‍රහාර එල්ල කළහ. සමූහයා විසුරුණු අතර සමහරු අත ළඟ තිබූ ඕනෑම දෙයකින් බාධක සෑදීමට පටන් ගත්හ තවත් සමහරු ගල් ගසමින් පොලිසියට යම් වේලාවක් පසුබැසීමට බල කළහ. . ඒ අතර තුවාල ලැබුවන් පන්සියය ඉක්මවීය. ඒවා සියල්ල ගින්නට පිදුරු විය.
ආන්ඩුවේ මෙම දැඩි ප්‍රතිචාරය නිසා එතෙක් ඔිනැ එකක් කරගනිල්ලා යැයි බලාසිටි ප්‍රංශ ඡනතාවට ශිෂ්‍යන් කෙරෙහි අතිශය දැඩි කනගාටුවක් ඇති විය. පොලිස් කෘෘරත්වය හෙළි වීමෙන් පසු ප්‍රංශයේ ප්‍රධාන ධාරාවේ ගායකයින් , කවියන්, දාර්ශනිකයන් සහ විද්වතුන් බොහෝ දෙනෙක් ශිෂ්‍යන් සමග සිටගත්හ.. පොලිසියට එරෙහිව අත්පත්‍රිකා බෙදීමෙි පෙරමුණේ සිටියේ 20 වැනි සියවසේ ප්‍රංශයේ මහා දාර්ශනිකයාවූ ඡින් පෝල් සාස්ත්‍රේය. ඔහු පසෙකින් ප්‍රංශ මිනිසුන් දැඩිව ආදරය කල අග්‍රගන්‍ය ලේඛිකා සිමොන් ද බෝවා විය.

මැයි 10 වැනි දින ශිෂ්‍ය ව්‍යාපාරය එක්දින මහා වැඩවර්ඡනයක් කැදවු අතර නැන්ටෙස්හි නැව් යාත්‍රා නැව් බඩු පැටවීම සහ බෑම නැවැත්වූ අතර මෝටර් රථ නිෂ්පාදන හා ගුවන් යානා කර්මාන්ත බොහොමයක වැඩ නතර විය. ප්‍රංශ වෘත්තීය සමිති මෙම වැඩ වර්ජන කැඳවූයේ නැත. එහෙත් කම්කරුවන් සිසුන් හා එක්ව ඒවා වැලඳ ගත් විට ඔවුන් එය පිළිගත්තේ ය. එයට සමස්ත පැරිස් කමිකරුවන්ගෙන් තුනෙන් දෙකක් එකතුවිය. තුන්වන සතිය වන විට එක් කෝටි විසිලක්ෂයක ජනතාවක් වැඩ වර්ජනයේ නිරත විය. පිරිපහදු නවතා දැමූ නිසා කාර් සඳහා ඉන්ධන නොතිබුණි; දුම්රිය ධාවනය නොවූ අතර පැරිස් මෙට්‍රෝ ද ධාවනය නොවීය.
මැය 21 වැනි දින පැරිසිය හරහා‘‘ ඩිගෝල් ගෙදර යනු ‘‘ පවසමින් දශ ලක්ෂයක් පෙලපාලි ගිය අතර එවිට ප්‍රංශයේ වෙනසක සතුරා වූයේ ජනාධිපති චාල්ස් ඩි ගෝල්ය.ඔහු වැඩ වර්ජන පෙලපාලි සහ වාඩිලාගැනීම් මර්දනය කිරීමට උත්සාහ කළ නමුත් මැයි 29 වන විට මින් ඔහු අධෛර්යයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි.හදිසියේ එදිනම ඡෙනරාල් චාල්ස් ඩිගෝල් සිය රට හැර දමා යන්නට ගියේය.

සමාජ විරෝධතා වල තවත් අවස්ථා තිබේ, නමුත් 1968 පැරිස් වසන්තයේ දී සිදු වූ සිදුවීම් හා සමාන කිසිවක් නැත. ඒ ඉතිහාසය පුදුම සහගතය.
. කිසිවෙක් ඡෙනරාල්වරයා ගියේ කොතැනකදැයි දැන සිටියේ නැත.එය මෙි දැවන්ත සිදුවීම්වල විස්මිත හැරීමක් වූ අතර දිනක් හෝ දෙකක් සිසුන් හා කම්කරුවන් සිතුවේ ඔවුන් ජයග්‍රහණය කර ඇති බවයි. එහෙත් ඔවුන්ට හොදටෝම වැරදිනි.
ඔහුගේ අතුරුදහන් වීම ප්‍රංශ ජනතාවට දැඩි බලපෑමක්ද කනස්සල්ලක්ද ඇති කලේය. එය තමන්ට අහිමි විය හැකි දේ කුමක්දැයි ඔවුන්ට මතක් කර දුන්නාක් වැන්න. ඡනරාල් ඩිගෝල් යනු ඡර්මනියේ හිටිලර්ට එරෙහිව සිය හමුදාවන්ට නායකත්වය දුන් ඡනතාවගේ ආදරය දිනාගත් අභිත මිනිසායි. ප්‍රංශයේ මහා දේශප්‍රේමියාද ඔහුමය..ස්වකීය මාතෘභුමිය අතෑර ගොස් ඇත්තේ මෙි මිනිසාය. මොනතරමිනමි අපි ඔහුගේ සිත් රිදවා ඇත්ද ? ඡනතාව සිතුවෙි එසේය..
දින තුනකට පසුව නැවත ප්‍රංශයට ආ ඩිගොල් ඡාතිය අමතා තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් කැඳවන බව කියා සිටියේය . එලෙසම ඔහු පාර්ලිමෙින්තුව විසිරුවා හැරියේය.ඊළඟ දවසේ ඩි ගෝල් ආධාරකරුවන් මිලියනයකට ආසන්න පිරිසක් අරාජිකත්වය අවසන් කරන ලෙස සිසුන්ගෙන් හා කමිකරුවන්ගෙන් ඉල්ලා චැම්ප්ස් එලිසීස් වෙත පැමිණියහ. රට ආරාඡික වු අතර මැතිවරන ක්‍රියාවලිවයක් තුල තව දුරටත් මහපාරවල් වල කරන සටන්වල තේරුමක් නොමැති බැවින් ඒවා සියල්ල අක්‍රිය විය. කමිකරුවෝ නැවත රැකියාවලට ගියහ.සිසුන් නැවත විශ්වවිද්‍යලකරා පැමිනියහ.
1968 සිසු සටනින් පසුව පැවත්වූ මැතිවරනයෙන් ඩිගොල් ඉතිහාසගත ඡයක් ලැබීය ඔහු ප්‍රංශයේ ආසන 390 කින් 356 ක් දිනා තිබිනි. එය ඔහුගේ පාලනයට තුනෙන් දෙකක් කැමති බව ප්‍රංශ ඡනතාව කියා සිටීමකි.
නැවතත් කියමි ඉතිහාසය පුදුම සහගතය.
කිසියමි හේතුවකින් මාස කිහිපයක් ගිය තැන 1969 දී නැවත ඡනමත විචාරනයක් පැවත්විනි. දෛවයේ සරදමකට මෙන් මීට මාස කිහිපයකට පෙර තුනෙන් දෙකක් ලබා ගත් චාල්ස් ව ඩිගෝල්ව ප්‍රංශ ඡනතාව ඡනාධිපති ධුරයෙන් පහකර තිබිනි. තවත් වසරකට පසු එනමි 1970 දී ඡෙනරාල් චාල්ස් ඩිගොල් මිය ගියේය.

ප්‍රදීප් පීරිස් -Prdeep Peries





