මහල්ලා සහ මුහුද සමග සුනෙර

පසුගිය දිනවල අම්පාර දිස්ත්‍රික්කයෙහි කළ සංචාරයෙන් පසුව කොළඹ පැමිණියේ හිස් අතින් නොවේ.
අනාගතයේ මනුෂ්‍ය වර්ගයාට ආලෝකයක් විය හැකි මට්ටමේ දරු සම්පත් රැසක් හමුවීමෙන් බර වූ හදවතින් යුතු ව ය.

අම්පාර විද්‍යා ශාස්ත්‍ර ප්‍රාථමික විදුහලේ හතර වැනි පන්තියේ ඉගෙනුම ලබන සුනෙර කෞටිල්‍යය එසේ හමුවූ බර හදක් ඇති දරුවෙකි.

ඔහු ලෝක පූජිත මහා ලේඛක අර්නස්ට් හෙමින්වේගේ මහල්ලා සහ මුහුද නවකතාව කියවා ඇත.

එය මට මහත් සතුටකි.
මා සහ ඔහු අතර කතා බහ කෙටියෙන් මෙසේ ය..

“පොත ගැන ඔයාට මොකද හිතෙන්නෙ?

“මට එච්චර හොඳට ඒ ගැන විස්තර කරන්න බැහැ. හෙමින් ලියන්නං”

“මූදු ගිය සීයා ගැන මොකද හිතෙන්නෙ?

“එයා මැරුන්නැහැනෙ.ගොඩට ආවනෙ”

“කව්රු එක්කද”

“ලොකු මාළුවෙකුගෙ ඇටසැකිල්ලත් එක්ක”

“ඔයාට මොකද හිතෙන්නේ ඒ ගැන”

“මිනිස්සු ජීවත් වෙන්නෙ පරදින්න නොවේ”

නවය වියැති මේ දරුවා සමග ඊටත් වඩා මොනවා කතා කරන්න ද?

පුතේ….
අනාගතයේ දවසක අම්පාර ප්‍රදේශයේ පමණක් නොව මෙසිරිලක සාහිත්‍ය පවස නිවාලන සිසිල් වැස්සක් ව දනමන සුවපත් කිරීමේ භාග්‍යය ඔබට ලැබේවා!

More From Author

මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (7 කොටස)

ඉන්දියාවේ ආන්තීකරණය කරන ලද ජන කොටස් ගැන, දාර්ශනික පද්ධති ගැන, කලාව ගැන මං ලියනවා. ඒ දේවල්වලින් ඒ ඒ පද්ධතිවලට පොඩි හරි සාධාරණයක් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348