හේගලියානු දයලෙක්තිකයේ සැබෑ අර්ථය ගැඹුරු සහ සංකල්පමය එකකි

හේගලියානු දයලෙක්තිකය (Hegelian Dialectics) ගැන දන්නා ඕනෑම ලාංකිය වාමාංශික හෝ දක්ෂනාංශික දේශපාලන බුද්දීමතුන් සාමාන්‍යයෙන් එය හදුනා ගන්නේ “වාදය -ප්‍රතිවාදය -සහවදය” (thesis-antithesis-synthesis) යන යාන්ත්‍රික සූත්‍රයක් ලෙස හෝ බාහිර වශයෙන් සිදුවන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක ගැටුමක් අවසානයේ බිහි වෙන සහවාදී තත්වයක් ලෙස වන අතර එය අවසනාවන්ත ලෙස වැරදි විදිහට අවබෝද කර ගැනීමක්ය.එහෙත්, හේගලියානු දයලෙක්තිකයේ සැබෑ අර්ථය මෙයට වඩා ගැඹුරු සහ සංකල්පමය එකකි.

හේගල් සඳහා දයලෙක්තිකය යොදා ගැනීම යනු බාහිර ලෝකයේ වස්තූන් අතර ප්‍රතිවිරෝධතා ගැන නොව, තනි සංකල්පයක් තුළම පවතින අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාව (internal contradiction) තේරුම් ගැනීම ගැනයී. සෑම සංකල්පයකම එහිම නිර්වචනය තුල අඩංගු වන්නේ එහි ප්‍රතිවිරුද්ධ (its opposite) ආකාරයට සකස් වය.

දයලෙක්තිකය බොහෝ දෙනෙකුට තේරුම්ගත නොහැකි වී ඇත්තේ ඉතා වැදගත් කරුණක් මගහැරෙන නිසාවෙනි. එනම්, දයලෙක්තිකය අදාළ වන්නේ සංකල්පයට (Concept) යන්නයි. දයලෙක්තික ස්වරූපය සංකල්පයේ ගුණාංගයකි. සංකල්පය තුළම එහි ප්‍රතිවිරුද්ධ දෙය පවතී.

අපි උදාහරණයක්‌ ගමු,2004 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ දිනවීමට ප්‍රධානම වැඩ කොටසක් කළේ ජවිපෙ විසින්. චන්ද්‍රිකා මහින්දට නායකත්වය දුන්නේ කිසිම කැමැත්තකින් නෙවෙයි . ශ්‍රීලනිපයේ ගොඩක් අය ජනාධිපතිවරණය මග හරිමින් සහයෝගය දෙන නොදෙන සංදර්භය තුල මහින්ද ගේ ජයග්‍රහණයට අතිමහත් කැපකිරීමක් කළේ ජවිපෙ . මහින්ද චින්තනය පවා ජවිපෙ මූලිකත්වයෙන් හැදුවේ.යුද්දය ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජාතියේ වීරයා බවට පත්වුනා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතිහාසයට එක්වන්නේ ජාතියට ජීවයත්, අභයත් දුන් හයවැනි පැරකුම් නිරිඳුගෙන් පසු ලක්දිව එක්සේසත් කළ මහා නරපතියා ලෙසයී කියලා බහුතරයක් jvp සාමාජිකයින්ම පිළිගන්නා ලදී.

2009 න් පසුව ඒ මහින්ද රාජපක්ෂම ජාතියේ වස්තුව මංකොල්ල කන තිරිසනෙක් බවට ඔවුන් විසින්ම පත් කරන ලදී..ඉන් අනතුරුව 2019 වෙද්දී නැවත වාරයක් ජාතිය (කල ගුණ සැලකිය යුතු බව) බේරා ගත් ජනප්‍රිය නායකයෙක් බවට පත්වෙනවා. 2022 ගෝල් face අරගලය දවස් වල ඒ මහින්ද රාජපක්ෂම නාකි මයිනා වෙනවා. ඒක නිසා මහින්ද රාජපක්ෂ හොඳ හෝ නරක යැයි හෝ ජවිපෙ හොඳ හෝ නරක යැයි මෙතනදී කියවෙන්නේ නෑ.මොකද දයලෙක්තිකය තේරුම් ගන්නවා කියලා කියන්නේ හොඳ මනුස්සයා” යන සංකල්පය තුළම “නරක මනුස්සයා” යන සංකල්පයත් ඇතුළත් වේ යැයි තේරුම් ගැනීම වේ. එක් අර්ථකථනයක් (thesis) තවත් අර්ථකථනයකට (antithesis) මඟ පාදයි. අපි, මහින්ද රාජපක්ෂ නම් හුදු භෞතික පුද්ගලයෙකු හමුවන බව සිතමු, නමුත් ඇත්ත වශයෙන්ම අපි ඔහුගේ සංකල්පය (the concept of him) හමුවෙමු. මෙම සංකල්පයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාව (හොඳ/නරක) කාලයත් සමඟ හෙළි වී එය වෙනස් වන අතර, බාහිර පුද්ගලයා වෙනස් නොවන පරිදි පෙනිය හැකිය.

අපි මෙතැනදී, පුද්ගලයෙකු හමුවීම භෞතික කාරණයක් ලෙස සැලකීම අප විසින් කරන අත්වැරදීමකි. ඇත්තටම අපට හමුවන්නේ පුද්ගලයෙකු නොව, ඔහු පිළිබඳ සංකල්පයකි.මහින්ද රාජපක්ෂ යනු ඒ අර්ථයෙන් මාලිමාවට හමු වූ සංකල්ප යක්ද?

Mandis Murrukkuwadura

More From Author

පොලිතින්, ප්ලාස්ටික් බෝතල් භාවිතය වර්තමානයේ නොවිසඳුණු ගැටළුවක් බවට පත්වී ඇත

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ(දෙවන කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348