රන්ජනී සෝමචන්ද්‍ර:
පොලිතීන් ප්ලාස්ටික් බෝතල්
වර්තමානයේ විශාල වශයෙන් නොවිසෙඳෙ ගැටළු වක් බවට පොලිතීන් ප්ලාස්ටික් බෝතල් ප්‍රශ්නය උග්‍ර වී ඇත.
ආදේශක භාවිතා නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වයට පිළියම් සෙවීමට නොහැකි වී ඇත.
කුඩා ඇසුරුම් පැකට් වර්ග නිසා බහුලව අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට එක්වීම විශාල ගැටලූවක් වී ඇත.
නොයෙකුත් හෙනා වර්ග ඇසුරුම්, අයිස් ක්‍රීම් පැකට්,යෝගට්, මාගරින් පැකට්,තේකුඩු පැකට්,කිරි පැකට්, හිස් බයිට් පැකට්, වර්ග ආදි නොයෙකුත් පැකට් වර්ග නිසා පරිසර පද්ධතියට විශාල වශයෙන් අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමට නොහැකි මට්ටමට පත් ව ඇත.
වර්ෂාව අධික කාළයට නොයෙකුත් ආපදා නාය යෑම් වලට පවා මෙවන් අපද්‍රව්‍ය හේතුකාරක වී ඇත.
එමෙන්ම කෑම පැකට්,ලන්ච්ෂීට්,පත්තර කොළ කෑලි ආදිය ඉවතට දමා ඒ වෙනුවට කෑම පෙට්ටිය භාවිතා කිරීමට හුරුවක් ඇති කරන්නේ නම් තරමක හෝ විසඳුමක් ලබාගත හැකි ය.

දිනෙන් දින එකතුවන පොලිතීන්, නොයෙකුත් ඝණ අපද්‍රව්‍ය පරිසරයෙන් තුරන් කිරීමට ආදේශක භාවිතා කල යුතු වේ.
බෝතල් පරිසර පද්ධතිය ට එක්වීම බහුලව පවතී.ඊට මූලික ම හේතුව පොල්තෙල්, භූමි තෙල්, වාහන භාවිතයට ගන්නා නොයෙකුත් ඩීසල් පෙට්‍රල්,ආදි දෑ බෝතල් මගින් භාවිතා කර පසුව ඒවා පරිසරයට මුදාහැරීම ය.එතුළින් සිදුවන්නේ අප නොසිතන තරම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට එක්වීමය.
ඒ වෙනුවෙන් භාවිතා කරන බෝතල් ප්‍රමාණය හා වාර ගණන අනුව ද ගැටළු කාරි බව තියුණු වී ඇත.

එහෙයින් පරිසර හිතකාමී අයෙකු බිහිකරනු වස් කුඩා කල සිටම දරුවන් ගේ සිටම ආකල්පමය වර්ධනයක් ඇති කළ යුතුය.

රංජනී සෝමචසෝමචන්ද්‍ර-Ranjani Somachandra





