රාජ් කුමාර් කවිශ්නා දියනියගේ හපන්කමි

රන්ජනී සෝමචන්ද්‍ර:

මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සබරගමු පළාතෙන්ම දෙවන ස්ථානය( දෙමළ මාධ්‍ය)හිමිකර ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල අධ්‍යාපන කොට්ඨාසයෙ , දැරණියගල කෑ /කදිරේෂන් ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන රාජ් කුමාර් කවිශ්නා දියණිය සමත් වී සිටියි.
රාජ් කුමාර් කවිශ්නා දියණිය ලකුණු 171 ක් ලබාගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් කවිශ්නා දියණිය මෙසේ පැවසූවාය.” මට සතුටුයි..මම කවදාහරි වෛද්‍ය වරියක් වෙලා රටට සේවයක් කරනවා..මම නංගිලා මල්ලිලා ට කියන්නේ මම වගේ බොහෝ ම සැහැල්ලුවෙන් ඉගෙනගන්න කියලා… තමයි”

මේ ජයග්‍රහණය පිළිබඳව ගුරුවරියක ලෙස සේවය කරන කෝකිලා දේවි මහත්මිය කවිශ්නා දියණියගේ මව අදහස් දැක්වූවේ මේ අයුරිනි.” දුව පොඩිකාලේ ඉඳලාම හරි දක්ෂයි.අධ්‍යාපනික වටිනා කමක් තිබෙන ද්‍රව්‍ය එකතු කිරීම එයාගෙ විනෝදාංශයක් වූණා..

සෙල්ලම් කරමින් තමයි පාඩම් වැඩ කලේ…ඕනවට වැඩිය විභාගය ගැන හිතුවෙ නෑ.. එදිනෙදා වැඩටික එදිනෙදා කලා…පංතිභාර ගුරුතුමිය එයාලට පාසල් කාලයෙන් පසුව පැය දෙකක් වැඩිපුර ඉගැන්වීම් කටයුතු කලා….වැඩිය මහන්සි කලේ නෑ… බොහොම සැහැල්ලුවෙන් ඉගෙනගන්න පුරුදු වෙලා හිටියා…

එයා කිය කියා හිටියෙ අක්කා ට වැඩිය එක ලකුණක් හරි ගන්නවා කියලා..අක්කා ලකුණු 174 ක් අරගෙන මීට පෙර ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වුණා…එයාට තියෙන එකම දුක අක්කා අභිබවා යන්නට බැරි වුණ එක විතරයි..එයා ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාට වැඩිය ඒක දුකක් කියලා තමයි කවිශ්නා දුව කියන්නෙ….”
එයා කවදාවත් නිකම් ගෙදර ඉන්න කැමති නෑ… හැමදාම පාසල් ගියා…එයා හරිම උනන්දුවෙන් වැඩ කළ දරුවෙක්..

රන්ජනී සෝමචන්ද්‍ර-Ranjani Somachandra

More From Author

පිළිකාව මාරයෙක්ද?

පිනෝචේගේ ගොදුරක් වෙන්නට පෙර සියදිවි නසාගත් චිලී ජනාධිපති සැල්වදෝර් අයියන්දේගේ අවසන් කතාව

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348