දුව, ඇයි අද පරක්කු? ඉස්කෝලේ යන්නේ නැද්ද?
මගේ සංගීත පොත නැතිවෙලා අම්මා,
(කාමරයේ සෑම තැනම සෙව්වද, ඇයට පොත සොයාගන්න බැරි විය.) ඇය සිතේ ඇතිවූ දුකෙන් පාසැල් යාමට පිටත් විය. යසස්විගේ සංගීත පොත නැතිවී, යාළුවෙකුගෙන් පොතක් ඉල්ලා, ගෙදර පැමිණියේ සිහින් සිනාවක්ද මුව රදවාගෙනය. නමුත් අම්මා වෙනදා මෙන් නොව, ඇගේ මුහුණ අදුරු පැහැ ගැන්වි තිබුණි.
අම්මේ, සනීප නැද්ද? කියා ඇය අසුවිට.
ඇඟට ටිකක් හොඳ නැහැ දුව.
එහෙනම් අම්මා, කොහෙද යන්නද මේ හදන්නේ?
අර දරුවගේ කෑම දිලා එන්න ඕනේ…
මොන දරුවගේද අම්මා?
දුවට කියන්න බැරි උනානේ, එදා මම කේක් හදන්න ගිය දවසේ…මිසිස් පෙරේරා මගෙන් ඇහුවා, දවස් තුනක් එයාගේ දුවට කෑම ගිහින් දෙන්න පුළුවන්ද කියලා. මිසිස් පෙරේරාට ආතරයිටිස් වැඩි වෙලා, කකුල් ඉදිමිලා. ඇවිදින්න අමාරුයි ඒ නිසා, විශ්වාස කෙනෙක්ට ඉන්නෙ මම කියලා කිව්වා.මම ඉතින් කිව්වා, පුළුවන් කියලා.
ඒත් කෑම එකක් දෙන්න යන්න හොඳද මේ වගේ අසනීපයෙන් ඉන්න වෙලාවක, අම්මා? යසස්වි දුක් මුසු ස්වරයෙන් ඇසීය.
මිසිස් පෙරේරාගේ දුවට කෑම එක දෙන්න ඕනනේ දුව… ඒ දරුවාට නටන්න පුළුවන්ද කෑමක් නැතුව? ඒ දරුවගේ අම්මත් අසනීපයෙන් ඉන්න වෙලාවක, මට ‘බැහැ’ කියන්නත් අමාරුයි. හැබැයි මම ඉක්මනින් එනවා, ඇවිත් විවේක ගන්නවා දුවේ. දුව මුණ හෝදලා කෑම කන්න.
යසස්වි නිශ්ශබ්දව අම්මා දිහා බලා සිටියාය…

අම්මා ගිය පසු යසස්වි, හිතේ වේදනාව දරාගෙන කෑම කෑවද, සිතේ සතුටක් නොතිබුණි. නැවත අම්මා පැමිණීමෙන් පසු, ඇතිවූ අපහසුව නිසා, ඉගුරු දමා හදන ලද කොත්තමල්ලි බීමෙන් පසු ටිකක් විතර සනීපයක් අම්මාට දැනුනි.
හිරු උදාවත් සමඟ යසස්වි, නැගිට අම්මා සනීපදැයි බැලීමට කාමරයට ගියද, ඒ වෙනකොටත් ඇය සිටියේ කුස්සියේය.
අම්මට සනීපද?
දැන් ටිකක් හොඳයි දුවේ. තවමත් ලැස්තිවෙලා නැද්ද?
අද මම ගෙදර ඉන්නම් අම්මා.
ඇයි ඒ?
අම්මට සනීපත් නැහැනේ…
නැහැ, මට දැන් වැඩි අසනීපයක් නෑ. දුව ඉස්කෝලේ යන්න. මේ දැනටමත් මම කෑමත් හදලා තියෙන්නෙ. ඉක්මනට ලැස්ති වෙන්න.එදා යසස්වි පාසැල් ගියේ සිතේ සැනසුමෙන්ය. පාසැල නිමවී ගෙදර ආපසු යසස්විට දැකගත හැකිවූයේ, අම්මා නැවත අසනීප වී ඇති බවයි.
ඇයි අම්මේ, ඔයාට තවම සනීප නැද්ද?
ආපහු ඇඟ රස්නේ වගේ දැනෙනවා, දුව.
අපි ඩොක්ටර් ලගට යමු. ලොකු අමාරුවක් නැහැ, දුවේ. මට හරියාවි. හවසට ඉගුරු කොත්තමල්ලි එකක් බොනවා. යසස්වි අම්මාට නොකියාම ගොස් කොත්තමල්ලි සාදා ඇයට දුන්නේ අම්මාගේ ඔලුවද පිරි මදිමිනි.
දුවේ, අද කෑම එක අර දරුවාට ගෙනියන්න තියෙනවා. දුවට ඒක කරන්න පුළුවන්ද?
පුළුවන් අම්මේ, ඒත් අම්මා තනියමනේ.
මට කිසිම දෙයක් වෙන්නෙ නෑ, දුවේ. ඔයා පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න.
යසස්වි මිසිස් පෙරේරාගෙන් ලැබුණු පාර්සලය රැගෙන නර්තන පාසැල වෙත ගියේ හිතේ චකිතයෙනි. ඇය සෙමින් සෙමින් පාද තබමින් නර්තන පාසැලට ළඟා වූ විට, ඇයගේ දෙසවෙනට ඇසුණේ මිහිරි වූ සංගීත රාවයක්ය. ඇය සෙමින් දොර විවෘත කළාය. ඇස් අදහගන්න බැරි සුන්දර නර්තනයක් දුටුවේය. ඇය විකෂිප්තව බලා සිටියේ එම නර්තනයේ ඇති හැඩ තලයන් දෙසය. ඇයට දොරෙන් ඇතුළු වීමටද අමතක විය.
ඔයා කාව හම්බ වෙන්නද ආවේ?
ඒ හඩට ඇය තිගැස්සුනි.
සුන්දර වූ යුවතියක් ඉදිරියට පැමිණ ඇසිය,
මම මේ කෑම එක නිශාරාට දෙන්න ආවේ.
ආ, එන්න ඇතුළට… එයා තමයි අතන නර්තනයේ යෙදෙන්නේ.
ඇය ඇස්පිය නොහෙලා බලා සිටියේ නිශාරා රිද්මයට තම සිරුර චලනය කරන ආකාරය. ඇගේ පා බිම සිට ඇඟිලි තුඩු වලට ඇවිත් උඩට ඉස්සෙන්නේ හරියට හීයක් වගේ… එම නර්තනය යසස්වීගේ හද මෝදු කරලන්නට සමත් වුණා.

ඇය නිශාරාට කෑම පාර්සලය දී ගෙදර ගියේ නැවුම් වූ සිහින සමුදායක් සිතේ රදවාගෙනය. ඇය තම මව වෙත ගොස් කීවේ එම නර්තනය ගැනය. ඇය රැය පහන් කළේ නර්තනයේ සිහින දකිමින්ය. පසුවදා උදැසන අවදි වූ ඇය, තම මවගේ අසනීපය දැන් පහව ගොස් බැවින් පාසලට යාමට තීරණය කළේය.
නමුත් ඇයගේ යටි හිතේ තිබුණේ නර්තනය ගැනය. එම නර්තන වින්‍යාසයන් ගැන ඇයට අපූරු වූ සිතක් පහලවුණි.
ඇය පාසලට ගියද, ඇයගේ සිතේ තිබුණේ නර්තනය ගැනය.ඇය පාසලෙන් පැමිණි පසුව, එදින සවස නැවතත් නර්තන පංතියට ගියේ නිශාරාට කෑම දීම සඳහාය.
එම අවස්ථාවේදී ඇය නර්තන ශාලාවේ දිගු වේලාවක් හිඳින අතරතුර නර්තනයන් නිරීක්ෂණය කර පසුව, ඇය කිසිවකුට නොපෙනෙන ලෙස රහසින් නර්තන චලනයන් වෙත යෑමට උත්සාහ කළ අවස්ථාවේ, කිසිවකු තමන් දෙස නෙත් යොමා බලා සිටින අයුරු දැක ගන්නට හැකි විය. ඇය ලැජ්ජාවෙන් බිම බලාගෙන එම ස්ථානයෙන් පිටවන්නට සූදානම් වූ විට, නර්තන ගුරුවරියක් මද සිනහවක් පා ඇය වෙත පැමිණ මෙසේ කීවාය:

“ඔබට නර්තනයට හොඳ හැකියාවක් තියෙනවා. ඔබ කැමතිනම් අපේ පංතියට ඇතුල් වෙන්න පුළුවන්.” ඇය ගල් පිළමයක් සේ නිශ්චලව බලා සිටියේය.
ඔව්, මම කැමතියි , මම අම්මට කියලා බලන්නම් මිස්…” යැයි මඳ හඬින් පැවසීය.
ඇය නිවසට පැමිණියේ මීට කිසිදා නැති ක්‍රියාශීලී ගතියකිනි.
අම්මට දැන් සනීපද?
ඔව්, මට දැන් හොඳයි.
(කෑම මේසය අසළ සිටි අම්මා, දියණියගේ මුහුණ දෙස බලා ඇස් දෙක විවෘත කළ බලීය.)
ඇයි අම්මා ඔය විදියට මම දිහා බලන්නේ?
දුව අද සතුටින් වගේ නේද? මොනවද වුණේ?
දියණිය මව වෙතට පැමිණ, තම මව වැලඳ ගෙන, අම්මේ… අද නිශාරාට කෑම එක දෙන්න ගිය වෙලාවේ ගුරුවරියක් මගෙන් ඇහුවා නැටුම් පංතියට එන්න කැමතිද කියලා…
ඉතින් දුව මොනවද කිවවේ?
අම්මාගෙන් අහලා…කියන්නම් කිව්වා
ඉතින් දුවට නටන්න පුළුවන් කියලා මිස් කොහොමද දන්නේ?
මමත් අනිත් අය වගේ නටලා බැලුවා මිස් ඒ නැටුම දැකලා මට නර්තන හැකියාවක් තියෙනවා කියලා කව්වා… අම්මා කැමතිද මම නැටුම් පංති යනවට මගේ අකමැත්තක් නැහැ
ඔයාා නැටුම් කරන්න කැමතිනම් ඒක මටත් සතුටක්. අපි බලමු කොහොමද පංතිය කියලා මිසිස් පෙරේරාගෙන් අහලා
අම්මා කට කොනකින් සිහින් සිනාවක් ද පෑවාය .මිසිස් පෙරේරාගෙන් ඇසීමෙන් පසු පන්තියට යාමට හැකිවීම ගැන ඇය සතුටින් සිටියාය.
පළමු දින අම්මා කී ආකාරයට නිශාරාගේ ගෙදරට ගියේ ඇයත් සමඟ පංතියට යෑම සඳහාය ඇය පළමු දිනම නර්තනයේ යෙදුනේ පුරුදු නර්තන ශිල්පීනියක් ආකාරයෙනි.ඇගේ නම්‍යශීලී බවත් භාවාත්මක හැඟීම් සහිත චලනයන් මඟින් නර්තනය තව තවත් ඔපවත් විය.
එක් දිනක් නිශාරා නිවසට පැමිණි අවස්ථාවකදී ඇය නිශාරාට පැවසූවේ ‘මට දැන් හැමදාම නැටුම් කරන්න හිතිලා තියෙන්නේ’ දැන් මට හැගෙන්නේ මම ඇත්තටම ජීවත්වනවා කියලා
අම්මා ද ඇය දෙස බලා හිඳ සිතුවේ මීට කලින් කිසිදා දැක නොමැති ආලෝකමත් හැඟීමක් ඇගේ මුහුණ දිස් වි ඇති බවය.
ඔයා හොඳයි දුවේ ඔයාගේ අශාව ඇත්තටම නැටුම් වලට කියලා දැන් මට තේරෙනවා.
යසස්වි නැටුම් පංතිය අවසන් වී නිවස බලා ගියේ බොහෝ විඩාබරවය ,නමුත් ඇයට එය කිසිවක් දැනුනේ නැත්තේ ඇය ඒ තරම් නර්තනයට ආදරේ කළ නිසාය.පන්තිය නිමවූ දවස්වලදී ඇය දවස පුරාම මනසින් නැටුම් සිතුවිලි තුළ ගිලී සිටියාය. බොහෝ චලනයන් මනසින් සම්පූර්ණ කර ගැනීමට මෙන්ම, ගුරුතුමිය විසින් පෙන්වන ලද පියවරට හඹා යන්න ඇය උත්සාහ ගත්තා.
එදින රාත්‍රියේ ඇය ඇඳේ නිදාගෙන සිතුවේ, ඇගේ පැතුම සිහිනයක් ලෙස නොව, යථාර්ථයක් බවට පත්වීම ගැන ඇයගේ මනස තුළ නිහතමානී අඩම්බරයක් ද ඇති විය.
පසු දින සවස් වරුවේ, යසස්වි නර්තන පුහුණු වීම සඳහා පංතියට ගිය අවස්ථාවේ, නර්තන ශිල්පීන් තම තමන්ගේ නර්තන අභ්‍යාසයන් තුළ නියැලි සිටින ආකාරය දැක ගන්නට ලැබුණි. ඇය ද ඔවුන් සමඟ එකට එකතු වී, නර්තනයේ යෙදුණාය. ගුරුතුමිය පැමිණ, සැමටම තමන්ගේ ස්ථානවලට සිටින්නැයි කීවාය. ඉන්පසු, ඇය ඉංග්‍රීසි සංගීතයක් වාදනය කරමින් අපට පියවර කිහිපයක් උගන්වා, ඒ අනුව නටන්නට උපදෙස් දුන්නාය. අපි සැම රිද්මයට අනුකූලව නර්තනයේ යෙදුණෙමු.
ඊට පසුව, ඇය අප නිරීක්ෂණය කරමින් පැමිණ මෙසේ කීය,

“නර්තන ආචාර්යවරයෙකු පැමිණ, ඔබ අතරින් ඉතා දක්ෂ සිව්දෙනෙකු නර්තන තරඟයට තෝරා ගැනීමට නියමිතය. එම නිසා, මෙම අවස්ථාව මඟ නොහැර, ඔබගේ හැකියාවන් හොඳින් පෙන්වන්න. විශේෂයෙන්ම, ඔබේ මුහුණේ භාවාත්මක හැඟීම් පැහැදිලිව පෙන්වන්න.”
ඇය එසේ පවසා ගිය පසු, අප සියලු දෙනාටම සිතේ ගැස්මක් සමඟ එයට සහභාගී වෙන්නට අවස්ථාව ලැබීම ගැන ඇය මෙන්ම අනිත් සිසුවියන්ද සතුටට පත් විය.
ඉන් සුළු මොහොතකට පසු අපගේ නර්තන ගුරුවරිය සමග තවත් ගුරුවරයෙක් පැමිණ, මද සිනාවකුත් පා අප ඉදිරියෙන් සිටගෙන ඔහු ඉතා මිහිරි වූ පියානෝ වාදනයක් වාදනය කර, අපට එම රිද්මයට නර්තනයේ යෙදෙන්නට කීවාය. මාද අනෙක් සියලු දෙනා මෙන්ම නර්තනයේ යෙදුනේ, ඉතාමත්ම ආශ්වාදයකිනි, එම අවස්ථාවේ කවුරුන් අප ඉදිරියේ සිටින්නේ කියා ද මතක නැත. සංගීතයටම සම වැදී නර්තනයේ යෙදුණෙමි.ඉන් සුළු මොහොතකට පසු සංගීතය නතර කෙරිනි.
එම ගුරුවරයා පැවසුවේ සැවොම ඉතාමත් හොඳට නර්තනයේ යෙදුණ බවය. නමුත් එයින් සිව්දෙනෙක් පමණක් නර්තන තරඟයට යැවීමට තෝරා ගන්නා බවය. අපට දීර්ඝ දේශනයකින් පසුව, ඔහු තෝරාපත් කරගත් සිව්දෙනාට එක් එක් සිසුවියට ඉදිරියට එන ලෙස කීවේය. තෙවැනි සිසුවිය නිශාරාද තෝරාගත් පසු, අවසානයේ මාහටද ඉදිරියට එන්න කියා, මාගේ නමද සටහන් කරගත්තේය. මා වැනි නවක සිසුවියක් මෙම තරගයට තේරුණේ කෙසේදැයි මටත් හිතා ගන්නට බැරි විය.
පසු දින, අප සිව්දෙනා පුහුණු වීම ආරම්භ කළෙමු.අපි සෑම දිනකම උද්යෝගයෙන් පුහුණු වුනෙමු. නර්තන අවසන් පහුනූ වට කිහිපයක්ම තිබුණි. නර්තන තරඟය ආසන්න වන විට, පෙර පුහුණු දිනයේදී අප සියලු දෙනාම විශාල වූ තැති ගැන්මකින් සිටියෙමු. නමුත් විශාල වූ වේදිකාව මත නර්තනයේ යෙදුණේ පුරුදු නර්තන ශිල්පීන් ලෙසය. අවසාන මොහොතේ, මාගේ දණහිසෙ හා පා ඇඟිලි වල අබාධයක් ඇතිවූ බැවින්, ඇද වැටීමකට ලක් විය.දකුණු පාදයේ මහපට ඇඟිල්ලේ දැඩි වේදනාව මාගේ නර්තනයට අභියෝගයක් වේ දැයි සිතා, මාගේ නෙතගින් කදුළු රූරා වැටිනි.

මාගේ අසලට සියලු දෙනාම පැමිණ, මාහට අවශ්‍ය ප්‍රතිකාර කර, විවේකයක් අවශ්‍ය බැවින් මාගේ නිවසට කැදවාගෙන ගොස් විවේකයක් ගැනීමට උපදෙස් ලැබුණි. තරඟය පැවැත්වෙන්නේ එදිනෙන් දින දෙකකට පසුවයි. මාගේ පා ඇඟිලි (toes) වල වේදනාව තිබුනද, මම ඒ පිළිබඳ කිසිවෙකුට නොපෙන්වමින්, මාහට ලැබුණු අවස්ථාව මග නොහරින ලෙස අදිටන් කර ගතිමි. තරඟ දිනයෙදී, සෑම නර්තන ශිල්පීනියක්ම තරඟ කිරීමට පෙර අංකයක් ලැබුණි. මාහට ලැබුණේ අවසන් අංකයයි. එය මාහට තවත් ආතතියක් සිදු කළද, මම අධිෂ්ඨානයෙන් එයට මුහුණ දීමට තීරණය කළෙමි. ඉතා මිහිරි වූ සංගීතයන් සමඟ, එක් එක් නර්තන ශිල්පීන් ඔවුන්ගේ දස්කම් උපරිමෙන් විදහා පෑවාය.

දැන් ටික ටික මාගේ වාරය පැමිණෙමින් තිබේ…ගුරුතුමිය මා ලඟට පැමිණ, සිත ශක්තිමත් කරගන්නා ලෙසත්, “මේ ඔබගේ වේදිකාව” යැයි කීය.එම වචන මට අභියෝගයට මුහුණදීමට ශක්තියක් විය. මා සෙමින් අඩිය තියා, මාගේ අංකය සහ නම කියවූ පසුව, වේදිකාවට පිවිසියේ සංගීතයත් සමඟමය. මාගේ පාදයේ වේදනාව තවමත් පැවති නමුත්, ඒ වේදනාව මග හරිමින්, මා සංගීතයට නර්තනයේ යෙදුනේ ඇඟිලි තුඩු වල වේදනාවත් සමඟය. මා ටිකෙන් ටික නර්තනයට සම වැදුනේ, වේදනාව අමතක කරමිනි.
සෑම සුන්දර පියවරක් සමඟම, මගේ වේදනාව සංගීතයට දිය වී ගියේය. ජනතාවගෙන් පිරී ඉතිරි ගිය ශාලාව නිහඬව බලා සිටියහ.ඇය ඉතාමත් සුන්දර ලෙස නර්තනයේ යෙදුණි. සියුම් වේදනාවක් තිබුණද, ඇයගේ අභිනයන් තුළින් එය ප්‍රේක්ෂකයාට නොපෙන්වා, වෘත්තීමය ශිල්පිනියක් සේ නර්තනය සාර්ථකව ඉදිරිපත් කළාය.

එය ඇයගේ කැපවීම සහ දක්ෂතාවය නිසාය.අවසාන පියවරයන් මැකී යන විට, ශාලාව අත්පොළසන් හඬින් පුපුරා ගියේය. ඇගේ දෑස්වල කඳුළු රූරා වැටෙමින්, ඇය තේරුම් ගත්තා—ඇය නර්තනයේ යෙදෙනවා පමණක් නොවේ… ඇය ඇගේ සිහිනය ජීවත් කරමින් සිටිනවා කියාය!
ඇය නැටුවේ ඇගේ සිහිනය එම වේදනාවට වඩා බලවත් වූ නිසාය.සිහින රිදවිය හැකි නමුත් අත්හැරීම ඊටත් වඩා රිදවයි.ඇය නැටුවේ වේදනාව නොතකා නොව, ඇගේ සිහිනය ඊට වඩා ශක්තිමත් වූ බැවිනි.
දේවිනී ගුණසේකර-Devini Gunasekara





