රංජනී සෝමචන්ද්‍ර:
වේගයෙන් හඹා යන නොයෙකුත් වාහන මිනිස් ජීවිත වලට මරු පහරක් වී ඇත.
මිනිස් ජීවිත තඹයකටවත් ගණන් නොගෙන වේගයෙන් යන වාහන ගැන සොයා බලන්නට කවුරු වෙහෙස වුවද මිනිස් ජීවිත බිලි ගන්නා ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වී ඇත.
බස් වල බ්‍රේක් ගැසීම සමහර රියදුරන්ට විනෝදාස්වාදය ගෙනදෙන බවක් වී ඇති අවස්ථා පවතින බව නිතර නිතර මගියන්ගෙන් ඇසෙන කතා අතර වේ.
බසයට නග්ගවා ගන්න තියෙන කැමැත්ත සහ කාරුණික බව බසයෙන් බැස්සවීමට ත් යොදා ගන්නේ නම් එහි වටිනාකමක් පවතහ බව ද නොරහසකි.

ත්‍රීරෝද රථ වල ගෙනයන ප්‍රමාණය ගැන විමසිලිමත් වන්නේ නම් මිනිස් ජීවිත වලට දෙන වටිනාකම තහවුරු කර ගත හැකිය.
එක ත්‍රීරෝද රථයක පොල් පටවාගෙන යන්නා සේ සිසු දරුවන් ගෙන යන අයුරු අප ඕනෑතරම් දැක ඇත.
මුදල ගැන පමණක් සිතන රියදුරු මහතුන් නැතිවා නොවේ.

වර්තමානයේ මිනිස් ජීවිත ඉතාම කාර්යබහුල වී ඇති අයුරු හොදින් ම දන්නා කරුණකි.සිය දෛනික කාර්යයන් කර ගැනීමට ඔවුනොවුන් වෙහෙස වන අයුරු ද සැලකිල්ලට ගත යුතු දෙයකි.
මේ කාර්ය බහුලත්වය නිසා ම අනෙකා ගැන සොයා බලන්නට නොහැකි තත්ත්වයන් ඇතිවීම හේතූවෙන් නොසැළකිල්ල නිසා වන අනතුරු ප්‍රමාණය ද සුලු පටු නොවේ.
වර්තමානයේ බොහෝ කාන්තාවන් ස්කූටරය භාවිතා කිරීම ඉහළ අගයක පවතී.සමහර අවස්ථාවන්හිදී මෙම කාන්තාවන්ගේ සාරි පොට රෝදය මත ගැටෙන අවස්ථාවන් පවතී..ඒ ඔස්සේ කාන්තාවන් නොදැන ම සාරි පොට රෝදය තුළ රැදීම නිසා වන අනතුරු ඉහළ ගොස් ඇත.
පෙරපාසල් අවදියේ පසුවන දරුවන් රැගෙන යන පියවරුන් බොහෝ විට දරුවා බයිසිකලය මත තබාගෙන යන අවස්ථා වන්හිදී දරුවන් නින්ද යන අවස්ථා නැතිවා නොවේ…එවන් අවස්ථාවක පවා දරුවෙකු ට විය හැකි අනතුරු ගැන නිශ්චය කළ නොහැකිය.
ඇතැම් අවස්ථා වලදී බයිසිකලය පිටුපස රදවාගෙන යන දරුවන් ඔවුන්ගේ නෙත නොගැටේ.
බොහෝ අවස්ථාවල එම දරුවන් ගේ බෑගය විශාල වීම ත් සමගින් සිය සිරුරෙන් පිටතට බෑගය පවතින අවස්ථා ඇත.නොදැනූවත්ම දරුවාට දරාගත නොහැකි සහ අක්‍රමවත්ව බයිසිකලය මත යන දරුවන් අනතුරුවලට ලක් වීමට බොහෝ ඉඩ ඇත.
එමෙන්ම බොහෝ දෙනා ගේ ඉක්මන් බව නිසා ද අනතුරු සිදුවන ආකාරය ඕනෑ තරම් දැක ගත හැකි අවස්ථා ඇත.,
ඊට මූලික ම හේතුව කාලය කළමනාකරණය කර ගැනීමට නොහැකි බවය.
එනිසා ම භවන කලබලය, ඉක්මන් බව පවා ඔබ අනතුරකට ලක් විය හැකියි…
මහාමාර්ගය තුළ මිනිසාට ගමන් කිරීමට පවතින අපහසු තා මිනිස් ජීවිත වලට හිරිහැරයක් වී හමාරයි.
මුලින්ම පදික වේදිකාව අයිති මගීන්ට වුවද අද එය මත වෙළෙඳපොළ නිර්මාණය වී ඇත.

නගරයේ පවතින යන එන මාවත් වල පවතින අක්‍රමවත් බවද මිනිසුන්ට හානිකර බවක් ඇතිවන අවස්ථා ඇත.
අපිළිවෙල තුළ මානවයාට බලපාන බැරෑරුම් අවස්ථාවන් නිසා ද අපහසුතාවයට පත්වන්නේ ද මිනිසාමය..
මේ කුමන දේක වුවද යම් කළමනාකරණයක් පැවැතිය යුතුය.එසේ නොවන්නට හානි සිදු වන්නේද මානවයාටම ය.
මෙවැනි අක්‍රමිකතා මග හරවා ගෙන දරුවන් ,වැඩිහිටියන් , අනෙකුත් සැවොම රැක ගැනීමට කටයුතු කළ යුතුමයි.

රංජනී සෝමචන්ද්‍ර-Ranjani Somachandra





