සමුගැනීමේ පියාසැරිය…

සොබා දහමේ අධ්‍යනය කරන්න හුඟක් ලස්සන දේවල් තියෙනව. එයින් එකක් තමයි bird landing සහ bird’s flying …මේක සරලව කියනව නම්…

වත්මන් ගැහැණිය සහ නූතන ගැහැණිය ලෝක සාහිත්‍යය ඇසුරින්

ගැහැණිය කියන්නෙ මනුශ්‍යයාගේ ජීවිතය හැඩගැස්වීමේ අතිශය බලවත් සහ අනන්‍යය වූ චරිතයකි. යුගයකින් යුගයකට, සමාජ සංවර්ධනයක් හා සංස්කෘතික විපර්යාසයන්ට අනුකූලව, ගැහැණියගේ…

බටලන්ද කොමිෂන් සභා වාර්තාව බලාත්මක කරන්න අවස්ථාව

පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායකගරු කතානායකතුමනි, අද අපිට විවාදය පටන් ගන්න වෙන්නේ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියකින්. ළඟදිම සිදුවෙච්ච මාර්ග රිය අනතුරක්…

ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පංතික   ස්ත්‍රියකගේ  හඬ

 ඇලෙක්සන්ද්‍රා  කොලොන්තායි ඇලෙක්සන්ද්‍රා  කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ  වංශවත් පවුලකය. වයස 28 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ සාමාජිකාවක් වූ ඇය මුළුමනින්ම සිය කාලය කැපකරන  ලද්දේ කම්කරු  ප්‍රාන්තික ස්ත්‍රීන්ගේ  සංවිධානය කිරීම පිණිසය. කොලොන්තායි රුසියානු අධිරාජ්‍යයේ එවකට පැවති රටවල පමණක් නොව යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සමාජවාදය ප්‍රචාරය  කල නිර්ධන පාන්තික ස්ත්‍රිවාදිනියකි. බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ නිර්ධන පන්තික  ස්ත්‍රී සහභාගිත්වය  පිණිස  එවකට අවශ්‍ය වූ න්‍යාය සහ භාවිතාව ප්‍රවර්ධනය කල කොලොන්තායි  බෝල්ෂෙවික් විප්ලවයේ  අතිශයින්ම මුලික වූ ස්ත්‍රියක් ලෙස ඉතිහාසයට එක් වෙයි. මෙහිදී මතු කිරීමට බලා පොරෝතුවන ප්‍රධාන  කරුණක් වන්නේ කොලොන්තායි  නිර්ධන පාන්තික ස්ත්‍රීවාදය සහ අවශේෂ ස්ත්‍රිවාදයන් අතර පැහැදිලි  න්‍යායික සහ දේශපාලනික  බෙදුම් රේඛාවක් ඇඳීමයි.කොටින්ම කියතොත්  ‘ධනේශ්වර ස්ත්‍රිවාදය’ ඇය  ප්‍රතික්ෂේප කලාය. ස්ත්‍රි ප්‍රශ්නය පිළිබඳව සම්භාව්‍ය මාක්ස්වාදී මතයක් දැරිය. බෝල්ශේවික් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව සමාජ සුභ සාධනය  පිළිබද මහජන කොමිසාර් තනතුර හෙබ වූ අතර කොලොන්තායි  ස්ත්‍රි දෙපාර්තමේන්තුවක් (Zhenotdel) පිහිටුවීමට මුල්විය. එපමණක් නොව කොලොන්තායි  අලුත්  ශුභ සාධක  ප්‍රාරම්භයන්  කිහිපයක් ස්ථාපිත කරනු ලැබිය. ළමා සහ තරුණ ශුභ සාධනය ට අවශ්‍ය  නීති පදමන සකස් කල අතර  මාතෘ සහ ළමා ශුභ සාධනය රජයේ වගකීමක් බවට පත් කලාය. එනමුදු බෝල්ෂෙවික් පක්ෂය තුල ලෙනින් විසින් කල්ලි  කණඩායම් තහනම් කිරීමත් සමග කොලොන්තායිගේ දේශපාලන  බලපෑම  හීන  වීමට පටන් ගති. බෝල්ෂෙවික් පක්ෂය තුල ඇයට සුමට ගමනක් කල  නොහැකිවිය. එය ගිරි දුර්ගයන් ගෙන් සමන්විත අනතුරු සහිත මාවතකි. පක්ෂයේ සෑම ක්‍රියාමාර්ගයක්  සමගම අනුගත වීමට කොලොන්තායි සුදානම් නොවිය. ඒ ඇරත් කොලොන්තායි ට  ක්‍රියාත්මක වීමට  සිදුවුයේ පසුගිය සියවසේ අවසාන කාර්තුවේ දේශපාලනය ට ඉමහත් බල පෑමක් කල යුග නිර්මානාත්මක …

තවත් එක් ගැහැණියක්……

  මුළු පරිසරයම   අඳුරින් වෙලිලා  කෑලි කැපිය හැකි  කළුවර   අතීතය වගේම  මහ දුකක් ඇස්  පිය මත ගුලි ගැහිලා….  හැමෝම මේ  නිදගත් මොහොතේ  මගේ සිත පමණක්   අවදිවෙලා…  නිදිමත අතිත මතකයන්  පලවාහැර දමලා…  පියවී  ඇති නෙතුපියන්  අතරින් ගලායන  උණුම උණු කඳුළු බිඳු  මුහුණ දිගේ ඇදී ගොස්  කොට්ටය මත  නොයෙක් නොයෙක්  දිශාවන් පුරා විසිරි ගිහිල්ලා  හරියට මගේ ජීවිතය වගේ…..  ” දැන් නිදාගනින් දුවේ “  ආදරණිය කටහඬින්  කණ වැටුණු සැනෙන්  මට දැණුනේ ඇයත්  මං එක්කම නිදිනැතිව  හඬාවැටෙන බවයි  තනියට ඇගේ සිතත් ඒ මතම අම්මේ මං දන්නවා මගේ ජීවිතය නුඹට මහ දුකක් බව…. විවාහය බිඳ වැටිලා.. කුරිරු මිනිසෙකු ලඟ දිවි ගෙවමින් දුක ම ජීවිතයම කරගත් මම නුඹ ලඟට ආපහු ඇවිල්ලා…. මගේම කුසින් බිහිකරපු දියණයත් සමඟම….. එදා මම දීග යන දවසේ නුඹ හැඬුවත් දන්නවා මම නුඹ තරම් කව්රුත් සතුටු නොවුනු බව මිහිමත තාත්තාවත් නැති මගේ අනාගතය…. මගේ ජීවිතයේ සතුට හා රැකවරණය තවත් මිනිසෙකුගෙන් ලැබෙන බව නුඹට දැනුණ නිසා ……මහමෙරක් පැතුම් සිත පුරා ඉතිරිලා… අළුත් කැදැල්ලකට… සෑම ගැහැණියකගේ ජීවිතයේ  සතුට සිනහව  උණුසුම රැකවරණය ……. හා ආරක්ෂා වත් බලාපොරොත්තුවුන ගැහැණු අතර මමත් තවත්  එක් ගැහැණියක් වුණා…. එහෙත්… ගතවු කාලය….. සුන්දර කතාබහ වෙනුවට රළු දරුණු විස වදන්… දයාදර උණුසුම වෙනුවට රත් පැහැගත් අතැඟිලි  වල හැඩතල සිරුර පුරා පුපුරලා…. සෙනෙහසක දැවටීම වෙනුවට කතානොකරන දින සති ගෙවන්නට සිදුවෙලා…… මට මාවම අහිමි කරලා විවාහය……. ජීවිතයේ නීරසම කාලය බවට පත්වෙලා ඔහුගේ එකම සතුටේ බාදකය මා බව මට වැටහුණා පා පහරින් එළියට වීසිවුනු ජීවිතය යළිත් මගේ අම්මත් සමග…… මට වැඩියෙන්ම දුක මගේ අම්මා මා නිසා විඳින වේදනාවයි ….. මේ කිසිත් නොදන්නා  නරුමයකුගේ ලෙයින් උපන් දියණියකගේ හෙට  දවසේ අනාගතයයි…… මේ රාත්‍රිය ….අළුත්, වේදනාවෙන් ඇරඹෙන මේ රාත්‍රිය  දිගුයි.. උදෑසනක්  යළිත් හමු නොවන ලෙස  වේදනාවෙන් ගෙවන මේ රාත්‍රිය අවිනිශ්චිත ජීවතය අවසන් වනතෙක් විඳින්නට…ම නොගැලෙපෙන මිනිසෙකු ජීවිතයට ලන්කරගත් වැරැද්දට………. සුධර්ම රත්නායක  2025 මාර්තු 08

ලලනාවන්ට උපහාර පිණිස        

පුරාණ කියවීමට අනුව, ආභස්සර බඹ ලොවින් සෞම්‍ය ආලෝක සංඥාවක් දිගේ මෘදු මොලොක්  පෘථිවි තලය මතට පාදූර්භූත වූ ඉතා සියුමැලි ගැහැනිය කබොල් වූ දූලි පොළොවෙහි පැලූණු පතුලින්  හි‌ටගෙන කොරල රැඳි දෑතින් බිඳුනු හදවත පිළියම් කරන්නී ද?! සුචරිතය යනු හුදෙක් හුදෙකලා  වචනයක් නොව කාලානුරූපීව විවිධ වටිනාකම්  කෙමෙන් එකතු වෙමින්  පරිණාමය වන්නකි. එසේනම්  මානව ශිෂ්ඨාචාරයේ ශිෂ්ඨත්වය ගොඩ නැගෙනුයේ කෙසේද ඒ දයාවෙන් එකට අත්වැල් බැඳ සෞන්දර්යවාදී ගමනක යෙදෙන ස්ත්‍රීන්‍ හා පුරුෂයින් ගෙනි. තමන් සිත් ගත් ගැහැණු සතා හට බලය පෙන්වා  බලහත්කාරකම් කරන පිරිමින්ගෙන් හෝ නිවට නියාලුව ඒ සියලු වද වේදනා  උහුලා සිටින ගැහැණුන්ගෙන් ශීලාචාර ශිෂ්ටාචාරයක් බිහි නොවේ. විනීත බව, ශීලාචාරය, සුචරිතය ගැහැණුන්ගෙන් පමණක්   අපේක්ෂා  කළ ප්‍රාග්  යුග පසුකොට ලෝකය වේගයෙන් ඉදිරියට පැමිණෙමින් ඇත. “මිනිසුන් “යන පොදු නිර්ණායකය යටතේ සියල්ලන් හැඳින්විය හැකි අවධියක වුවද ගැහැණුන්ගේ දිනය  තවමත් මෙතරම් උත්කර්ෂයට නැංවනුයේ මන්ද? මවගේ ගර්භාෂයෙන් මිදී මෙලොවට පය තැබූ දා සිට බොහෝ වාරයක් දැරියන්ගේ සවනට  ඇසෙන ” ගැහැනු ළමයි කෙසේ හැසිරිය යුතුද?” යනාදී ප්‍රාථමික ගණයේ අවවාද අනුශාසනා  ඉදිරි ලෝකයට තවදුරටත් වලංගු නොවනු ඇත. එකම ලෙසින් රළු සුමටතා ඇති මහපොළොව විඳින හා විඳවන, එකම ප්‍රණ වායුව ආශ්වාස කරන,…

තිතක් දියතේ ජානකී

උදය ආර්. තෙන්නකෝන් සිතා ගත හැකිපතා ගෙන නැතිලෝක දහමකිවෙලාවක් නැති සිතේ අහළකපහළ වී නැතිඅවේලාවක අඳුරකිකලාවක් වූ අකල් වැස්සටගසා ගෙන ගියහද…

අද බිළිඳිය හෙට යුවතිය සුරතලිය……

අද බිළිඳිය හෙට යුවතිය සුරතලියඅද දියණිය හෙට පතිනිය මෑණියයසිත සනසන සුව සලසන  සොයුරියයඇය මවමය ලොව මැවුමය අනගිමය!ලොව නවතී නැත පැවතුම  ඈ නැති කල  ඇත්ත එයයිසුව පහසුව මුදු තෙත් බව කොහි තිබේද ඈ නැත්නම් ඇත්ත එයයිරජ මැදුරෙද දුගී පැලෙද එළිය කොහිද  ඈ  නැත්නම් ඇත්ත එයයිඅද සමරා  ‘ඇගේ දිනය’ අගේ කරමු එකමුතුවී විය යුත්ත එයයි!බුදු හිමියන් එදා තැන දුන්නා ඉතිරියටබුදු සිරිතේ  ඇත පෙන්නා ලොව සැමටකත යනු කෙතකි යහ ගුණ දන්නා අයටසිත පතුලින් සෙත්  පතමි අද දින ඔබ සහ අපට!. ඒස්. අමුණුගම

කාන්තා දින අභිමුව කාන්තාව

ලොවට ජීවනාලිය සපයන ඇය කාන්තාවයි. උත්තරීතර වූ මාතෘත්වයට පත් විය හැකි එකම මනුෂය ප්‍රාප්තිකයා වන්නේ ඇයයි. සමාජයේ තීරණාත්මක පෙරළියක් ඇති කරනු වස් දියණියක්, සොහොයුරියක්, බිරිඳක්, මවක් ලෙස විවිධ භූමිකා රඟ දක්වන කාන්තාව සමාජයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන බලවේගය යි. වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය වන්නේ  කාන්තාවන් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට මුළු ජනගහනයෙන් 51.5% ක් කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව 48.5%කි. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යන්න මෙවැනි කාන්තා දිනයක අභිමුව සිට සාකච්ඡා කිරීම වැදගත් වේ. මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින් ද, ස්ත්‍රිය එම බීජය රෝපණය කරමින් ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ.…

Categories

LDM Columns