අනු රත්නායක
නිවි මැරි ගිය
කළු පාට අගුරු
කෑල්ලක්
නොවෙමි මම
දැවි දැවී සුසුම්ලන
අළු යට සැගවුනු
රක්ත ගිණි
පුපුරක්ය
හිරිගඩු පිපෙන
රාත්‍රියක
සීතලට උණුහුමකි
ඔබ යනෙන මාවතට
එළිය දෙන
ආලෝකයකි
ඉතින්,
ඇයිද මේ අවමන්
නොතේරෙන ගැරහුම්
දිනෙක මා නිවී යාවි
ඔව් දිනෙක මා
මියැදේවී
නුඹේ දෑසින් වැටෙනා
ඒකම ඒක
කදුළු බිදුවකින්