මව්පිය යුවලකට ජීවිතාන්තය දක්වා සිරදඩුවම

නුවන් ඉෂාර මහගමගේ ඉන්දියානු අධිකරණයක් විසින් එක්තරා මව්පිය යුවලකට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලබා දුන්නා. මේකට හේතු උනේ මෙ දෙපළ…

දිනෙන් දින ඉහළ යන ළමා ගර්භණීත්වය

අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය වන සංකේතය වන ළමයා වූ කලී තීරණාත්මක සාධකයකි. 1989 නොවැම්බර් මස 20 වන දින එක්සත්…

ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය

නීතීඥ චමෝදි දයානන්ද ඉතාමත් සංකීර්ණ ජිවිත ගතකරන සමාජයක් තමයි අපිට අද දකින්නට තිබෙන්නේ. මේ සංකීර්ණත්වය තුළ ගොඩනැගෙන සමිබන්ධතාද ඉතා සංකීර්ණ…

ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන් වෙනුවෙන් හඬක් 

සමන්සිරි හේරත් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ජනගහන අනුපාතය 1946 සිට 1981 දක්වා පිරිමි ජනගහනය  වැඩිව  කාන්තා  ජනගහනය අඩුව පැවතියා . ක්‍රමානුකූලව 1981 සිට ජනගහන පරතරය වෙනස්  වෙන්නට පටන්  ගත්තා. දැන් අපේ රටේ පුරුෂ ජනගහනය අඩුවෙලා. ස්ත්‍රී ජනගහනය වැඩිවෙලා. දළ වශයෙන්  ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% එකකට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමිවෙලා තියෙනවා . කාන්තා අයිතිවාසිකම් පිළිබඳව යම් කාන්තා හිංසනයක්, ප්‍රවෘත්තියක් නිර්මාණය කරන  ආකාරයට  සමාජගත වුනොත් කතාබහට ලක්වෙනවා .…

පුර්නිමාගෙ කේන්තිය,

ඉස්සර පූර්ණිමා කියන චරිතයට ටිකක් තදට කේන්ති යනවා. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ කියන තරමට නොවෙයි. හැබැයි, කේන්ති ගියොත් හිතේ…

2025.03.05 ට යෙදුන රෝසා ලක්සමිබර්ග්ගේ 154 වන ජන්ම දිනය…………….

2025.03.05 දිනට යෙදුණ රෝසා ලක්සමිබර්ග්ගේ 154 වන ජන්ම දිනය වෙනුවෙන් දයාපාල තිරානගම 2021.03.05 දින ඇයගේ 150වන ජන්ම දිනය නිමිත්තෙන් ලියු…

ජාත්‍ය‍යන්තර කාන්තා දිනය හා ක්ලාරා සෙට්කින්

මාර්තු මස 08 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව නිතැතින් ම කියැවෙන ප්‍රමුඛ නාමයකි ක්ලාරා සෙට්කින්. ජාත්‍යන්තර විප්ලවවාදිනියන්…

වත්මන් ගැහැණිය සහ නූතන ගැහැණිය ලෝක සාහිත්‍යය ඇසුරින්

ගැහැණිය කියන්නෙ මනුශ්‍යයාගේ ජීවිතය හැඩගැස්වීමේ අතිශය බලවත් සහ අනන්‍යය වූ චරිතයකි. යුගයකින් යුගයකට, සමාජ සංවර්ධනයක් හා සංස්කෘතික විපර්යාසයන්ට අනුකූලව, ගැහැණියගේ…

තවත් එක් ගැහැණියක්……

  මුළු පරිසරයම   අඳුරින් වෙලිලා  කෑලි කැපිය හැකි  කළුවර   අතීතය වගේම  මහ දුකක් ඇස්  පිය මත ගුලි ගැහිලා….  හැමෝම මේ  නිදගත් මොහොතේ  මගේ සිත පමණක්   අවදිවෙලා…  නිදිමත අතිත මතකයන්  පලවාහැර දමලා…  පියවී  ඇති නෙතුපියන්  අතරින් ගලායන  උණුම උණු කඳුළු බිඳු  මුහුණ දිගේ ඇදී ගොස්  කොට්ටය මත  නොයෙක් නොයෙක්  දිශාවන් පුරා විසිරි ගිහිල්ලා  හරියට මගේ ජීවිතය වගේ…..  ” දැන් නිදාගනින් දුවේ “  ආදරණිය කටහඬින්  කණ වැටුණු සැනෙන්  මට දැණුනේ ඇයත්  මං එක්කම නිදිනැතිව  හඬාවැටෙන බවයි  තනියට ඇගේ සිතත් ඒ මතම අම්මේ මං දන්නවා මගේ ජීවිතය නුඹට මහ දුකක් බව…. විවාහය බිඳ වැටිලා.. කුරිරු මිනිසෙකු ලඟ දිවි ගෙවමින් දුක ම ජීවිතයම කරගත් මම නුඹ ලඟට ආපහු ඇවිල්ලා…. මගේම කුසින් බිහිකරපු දියණයත් සමඟම….. එදා මම දීග යන දවසේ නුඹ හැඬුවත් දන්නවා මම නුඹ තරම් කව්රුත් සතුටු නොවුනු බව මිහිමත තාත්තාවත් නැති මගේ අනාගතය…. මගේ ජීවිතයේ සතුට හා රැකවරණය තවත් මිනිසෙකුගෙන් ලැබෙන බව නුඹට දැනුණ නිසා ……මහමෙරක් පැතුම් සිත පුරා ඉතිරිලා… අළුත් කැදැල්ලකට… සෑම ගැහැණියකගේ ජීවිතයේ  සතුට සිනහව  උණුසුම රැකවරණය ……. හා ආරක්ෂා වත් බලාපොරොත්තුවුන ගැහැණු අතර මමත් තවත්  එක් ගැහැණියක් වුණා…. එහෙත්… ගතවු කාලය….. සුන්දර කතාබහ වෙනුවට රළු දරුණු විස වදන්… දයාදර උණුසුම වෙනුවට රත් පැහැගත් අතැඟිලි  වල හැඩතල සිරුර පුරා පුපුරලා…. සෙනෙහසක දැවටීම වෙනුවට කතානොකරන දින සති ගෙවන්නට සිදුවෙලා…… මට මාවම අහිමි කරලා විවාහය……. ජීවිතයේ නීරසම කාලය බවට පත්වෙලා ඔහුගේ එකම සතුටේ බාදකය මා බව මට වැටහුණා පා පහරින් එළියට වීසිවුනු ජීවිතය යළිත් මගේ අම්මත් සමග…… මට වැඩියෙන්ම දුක මගේ අම්මා මා නිසා විඳින වේදනාවයි ….. මේ කිසිත් නොදන්නා  නරුමයකුගේ ලෙයින් උපන් දියණියකගේ හෙට  දවසේ අනාගතයයි…… මේ රාත්‍රිය ….අළුත්, වේදනාවෙන් ඇරඹෙන මේ රාත්‍රිය  දිගුයි.. උදෑසනක්  යළිත් හමු නොවන ලෙස  වේදනාවෙන් ගෙවන මේ රාත්‍රිය අවිනිශ්චිත ජීවතය අවසන් වනතෙක් විඳින්නට…ම නොගැලෙපෙන මිනිසෙකු ජීවිතයට ලන්කරගත් වැරැද්දට………. සුධර්ම රත්නායක  2025 මාර්තු 08

ලලනාවන්ට උපහාර පිණිස        

පුරාණ කියවීමට අනුව, ආභස්සර බඹ ලොවින් සෞම්‍ය ආලෝක සංඥාවක් දිගේ මෘදු මොලොක්  පෘථිවි තලය මතට පාදූර්භූත වූ ඉතා සියුමැලි ගැහැනිය කබොල් වූ දූලි පොළොවෙහි පැලූණු පතුලින්  හි‌ටගෙන කොරල රැඳි දෑතින් බිඳුනු හදවත පිළියම් කරන්නී ද?! සුචරිතය යනු හුදෙක් හුදෙකලා  වචනයක් නොව කාලානුරූපීව විවිධ වටිනාකම්  කෙමෙන් එකතු වෙමින්  පරිණාමය වන්නකි. එසේනම්  මානව ශිෂ්ඨාචාරයේ ශිෂ්ඨත්වය ගොඩ නැගෙනුයේ කෙසේද ඒ දයාවෙන් එකට අත්වැල් බැඳ සෞන්දර්යවාදී ගමනක යෙදෙන ස්ත්‍රීන්‍ හා පුරුෂයින් ගෙනි. තමන් සිත් ගත් ගැහැණු සතා හට බලය පෙන්වා  බලහත්කාරකම් කරන පිරිමින්ගෙන් හෝ නිවට නියාලුව ඒ සියලු වද වේදනා  උහුලා සිටින ගැහැණුන්ගෙන් ශීලාචාර ශිෂ්ටාචාරයක් බිහි නොවේ. විනීත බව, ශීලාචාරය, සුචරිතය ගැහැණුන්ගෙන් පමණක්   අපේක්ෂා  කළ ප්‍රාග්  යුග පසුකොට ලෝකය වේගයෙන් ඉදිරියට පැමිණෙමින් ඇත. “මිනිසුන් “යන පොදු නිර්ණායකය යටතේ සියල්ලන් හැඳින්විය හැකි අවධියක වුවද ගැහැණුන්ගේ දිනය  තවමත් මෙතරම් උත්කර්ෂයට නැංවනුයේ මන්ද? මවගේ ගර්භාෂයෙන් මිදී මෙලොවට පය තැබූ දා සිට බොහෝ වාරයක් දැරියන්ගේ සවනට  ඇසෙන ” ගැහැනු ළමයි කෙසේ හැසිරිය යුතුද?” යනාදී ප්‍රාථමික ගණයේ අවවාද අනුශාසනා  ඉදිරි ලෝකයට තවදුරටත් වලංගු නොවනු ඇත. එකම ලෙසින් රළු සුමටතා ඇති මහපොළොව විඳින හා විඳවන, එකම ප්‍රණ වායුව ආශ්වාස කරන,…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348