නුවන් ඉෂාර මහගමගේ
ඉන්දියානු අධිකරණයක් විසින් එක්තරා මව්පිය යුවලකට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලබා දුන්නා. මේකට හේතු උනේ මෙ දෙපළ එයාලගෙම දියණියව ඝාතනය කිරීම. හැබැයි මේ සිදුවීමේ විශේෂත්වය ඒක නෙවෙයි.
ඔඩිෂා ප්‍රාන්තයේ අපරාධ අධිකරණය විසින් මේ සිදුවීම අර්ථ දැක්වුවේ ‘Honour kiලිng’ එහෙමත් නැත්නම් ‘තමන්ගේ නම්බුව රැකගැනීම සඳහා කළ මරණයක්‘ විදිහට. මේක ඉන්දියාවෙ බොහෝ ප්‍රාන්තවල තියෙන ඉතාම දුක්ඛිත තත්ත්වයක්. එරට නීතිය මුහුණ දෙන ලොකු අභියෝගයක්.
මේ දියණිය මියයද්දි ඇයට වයස අවුරුදු 15 යි. මේ ළමයා තරමක වයෝවෘද්ධ තැනැත්තෙක් එක්ක සම්බන්ධතාවයක් පැවැත්වීම තමයි මේකට හේතුව. ඒක ඉන්දියාවෙ සංස්කෘතික, ආගමික විශ්වාස සහ සදාචාරාත්මක සීමා බිඳීමක්. පවුලට අවනම්බුවක්.
ඉතින් දෙමව්පියන් විසින් ඇයව ඝාතනය කොට ජලය සිඳී ගිය පොකුණු පතුලක තබා ගිනි තියලා ඒ අලු ගෙනිහින් ගඟකට දානවා. සාක්ෂි වසන් කිරීම යටතේ ඒ වැරැද්දටත් අධිකරණය වෙනම දඬුවම් කෙරුවා.
ඇයි මෙතනදි මරණ දඬුවම දුන්නැත්තෙ? අධිකරණය මෙහිදී පාවිච්චි කෙරුවෙ “Rarest of Rare” සිද්ධාන්තය. මේ සිද්ධාන්තය ඉන්දියාව තුළ මුලින් ම සාකච්ඡා වෙන්නෙ සුප්‍රසිද්ධ ‘බචන් සිං‘ නඩුවෙදි. ඒ ගැන පසුව ලියන්නම්.
ඊට අනුව ‘නම්බුව බේරාගැනීම උදෙසා‘ කරන ඝාතන සහ තවත් වර්ග කිහිපයක් සඳහා මraණ දඬුවම දෙන්නෙ නෑ. (මේකට අනුව තමයි 2024 දි ලොවම කළඹපු වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණයටත් මරණ දඬුවම නොදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුනෙ.)
මේ සාක්ෂි මකන්න ගම්වාසීන් කිහිපදෙනෙක් ම උදව් කරලා තිබුනා. දැරිය සමඟ සම්බන්ධතාවය පැවැත්වූ ගම්වාසියාත් ඒ අතර හිටියා. අධිකරණය ඔහුට වෙනම දඬුවම් කෙරුවා. ඒ මේ දැරියව මීට පෙර අවස්ථාවකදී දූෂණය කිරීමේ වරදට. ඉන්දියානු නීතියට අනුව දැරියට වයස 15ක් නිසා ඇය කැමැත්තෙන් එක් වුවත් එය ස්ත්‍රී දූෂණයක්. (ලංකාවෙත් එහෙමයි)
මේ නම්බුව බේරාගැනීමේ ඝාතන ගැන පර්යේෂකයින් පවසන්නේ අවුරුද්දකට විතරක් ගැහැණු ළමුන් 5000 ක් ලොවපුරා මේ විදිහට මියයන බවයි. ඒ වාර්තාවන සංඛ්‍යාව. ඇත්ත සංඛ්‍යාව 20000 ක් පමණ වන බවයි ඔවුන් කියන්නෙ. ඉන් තුනෙන් දෙකක්ම සිද්ධ වෙන්නෙ ඉන්දියාවෙ සහ පාකිස්තානයෙ. ඉනුත් වැඩි හරිය ඉන්දියාවෙ.
මේ ඔනර් කිliන් වලදි වෙන්නෙ, පවුලේ පිරිමි පාර්ශ්වයට කාන්තාවන්ගේ ලිංගික තීරණ ගැනීමේ අයිතිය ලැබීමක්. ඊට අවනත නොවන ඕනෑම කෙනෙක්ව මraන්න පුරුෂ පාර්ශ්වයට පුලුවන් වීමක්.
මේ සිදුවීම් වලින් පේන්නෙ ඉන්දියාව සමාජයක් ලෙස ඉන්නා තැන. ඒ වගේම කියන්න ඕන සංස්කෘතිය, ආගම, සදාචාරය වගේ දේවල් මිනිස් සමාජයේ පැවැත්මට උවමනායි.
- හැබැයි ඒවා කවුරුහරි කඩ කෙරුවොත්, සදාචාරය රකින මිනිස්සු විසින් කරන කෘෘරකම අයත් වෙන්නෙ මොන සදාචාරයට ද?





