අන්තිමට නිහඩබවම කතාකරන්න ගත්තතම

ප්‍රභාත් ජයසිංහගේ කවිපොත කවි 50 අඩංගු පොතක් . කවි පොතකට කවි පනහක් ඇතුලත්ව්මම කියවන්නෙකුට දරාගන්න අමාරු වැඩක් උනත් ප්‍රභාත්ගේ කවි ලිව්මම යනු තමාව වදවේදනාවට පත්කරගැනිමයි. අපි කවිය යනුවෙන් කියවන්න ගන්නේ කවියාගේ වේදනාවයි. නැතහොත් කවියාගේ ප්‍රමෝදයයි. එය අපට අල්ලාගත හැකිනම් එහි කෙලවර ඇත්තේ වේදනාවයි. ප්‍රභාත් වදයට ලක්කරන්නේ භාෂාවයි. කවියෙක් වනවා යනු භාෂා මර උගුලක හසුවන්නෙකි.

කවිය යනු හැගිම් කාරකයක් බැවින් න් එය නියෝජනය කරන්නේ තවත් එවැනිම හැගවුම් කාරකයක් සමගය , එය නම් කරන්නේ කතිකාව ලෙසයි. කවිය යනු එම කතිකාවයි. ප්‍රභාත්ගේ කවි කියවම්න් අප කරන්න කරන්න උත්සාහ ගන්නේ ඒ තුලින් අප ⁣නැවත වතාවක් සොයාගැනිමට උත්සාහ ගැනිමයි. කවිය අප කියවන ව්ට අපට එහි අර්ථය එන්නේ භාෂාවෙන් නොවෙයි. භාෂාවේ වචන අතර පරතරය තුළිනුයි. එවිට අපට බලෙන් පටවනු ලැබු උත්තරාරෝපිත රසයන සංකල්පය විසංයෝජනය කල හැක.භාෂාව යනු වෙනස්කම් අතර එකතුවක් බැවින් සිතිම අදාල කරගත හැක්කේ මේ පරතරයන් තුලිනි. එසේම කවියේ පදනම වැටී ඇත්තේ හිස්කම තුළයි.

ප්‍රභාත් ජයසිංහ කවිය තුල අපව වෙනස් කරන්න හදන මෙහෙයුම අපුරුය.මිනිස් සම්බන්ධතාවයන් බිදවැටීම්, මිනිස් ආත්මීයත්වය , ආදර සම්බන්දතාවල බිදවැට්මීවල ආත්මීය වේදනාවන් ම්නිස් ජිවිතවල ඇති පරාරෝපණයන් කදිමට විවරනය කරන්නට ප්‍රභාත් විදින වේදනාව කෙබදුදැයි අපට කියවා ගැනිමේ අවස්ථාව ඔහු අපට උදාකරදී ඇත.

හැඟුම්බර දෑසක

පැටලුනොත් දෑසක්

ලිහාගන්න එක ඒ පැටලිල්ල

ලේසි නෑ හිතන තරමට.

අප අනෙකාගේ බැල්මට ලක්වීම gaze . සහ අනෙකාව සොයන්න උත්සාහ කිරිමේදී අපි අපේ ආශාව අනෙකා තුලින් සෙවීම තුල ඒ තුල ඇති අපිව පරිපුර්ණත්වය පත්කල නොහැකි ඇය තුල ඇති ස්වයංභාදව සහෘදයාට කියන අන්දම බලන්න.

අහම්බෙන් වගේ

එතකොටයි දැක්කේ

ඈ ලඟ මගී අසුනේ

ළමා මුහුණක්

විශේෂ අවශ්‍යතා සහිත

හැගිම් මකා හළ ළමා මුහුණක්

ඒක

පොත් දහස් ගණනක කතාවක්.

ආදරය යනු පවතින නොපවතින දෙයක්. ආදරය⁣ට ඇති බාධාව ඇත්තේ ආදරය තුලම වීම එහි ඇති විශේෂත්වයයි. බාධාවක් නොමැති නම් අපම බාධාවක් නිර්මාණය කරගත යුතුය.එවිට අපේ ආශාව නොනැසි පවත්වා ගතහැක. බලන්න

පටලවාගන්න එන්නේ නෑ

මට ඕන

ඔබ හොදින්ද කියා අහන්න

එච්චරයි.

ආදර සම්බන්ධතා වල බිදවැටීම් , තුල ඇති හිස්කම සහ ඔවුනොවුන්ගේ ජිව්ත අනෙකාගේ පැවැත්මට කොතරම් දුරට වේදනාකාරීද? අතිතකාමය තුල තමන් විදි ප්‍රමෝදයත් ආදරවස්තුව අහිමිවීම තුල ලබන වේදනාත්මක සතුටුවීම කෙබදුද?

මතක් වෙයි මට

ඔබ

එය

ඒ ව්දිහටම කී බව

වසර දෙකකට ඉස්සර

තනිවම

මූදූ තෙර

නිවාඩුවක් ගත කර පැම්ණි පසු.

ලංකාවේ කවිය යනු බටහිර චින්තනයේ ආභාෂය තුලින් පැන නැගුණු එකක් නොවීම නිසා ලංකාවේ ගොඩක් කව් ලියවෙන්නේ මැද පන්තියටය. කවියේ අනාගත සුබ සිහින දැකිමට නම් කාව්‍යය විචාරවලදී කල යුතුව ඇත්තේ කවිය දාර්ශනික කිරිමට උත්සාහ කිරිමයි.කවියා සතු අනුභුතිය අග නාගරික එකක් නම් එය ආත්මීය වශයෙන් සිංහල මිනිසාට බොහෝ⁣ සෙයින් දුරස්ථය.

ලංකාවේ බොහෝ කවියන් උත්සා කරම්න් ඉන්නේ වාසතවක යථාර්තය නිරෑපනය කිරිමටයි.එසේම ස්ත්‍රී ශරීරය වස්තු කරණය කිිිරිමත් එය ආත්මීය තලයකට ගෙන නොනැගිමත් ලාංකීය කවියේ ඇති දුර්වලතාවයක්. ප්‍රභාත් ජයසිංහ එම සිමාකම් අතර හිද කරන මේ කවිය දිහා බලන්න.

යහපත්ව කියන

කලාව පක්ෂපාතියි

රැවැති ඇත්තන්ට

සුන්දර දේට

කොතරම් යථාර්තවාදී චිත්‍රපටයක උනත්

පෙම් යුවළ රෑපත් නැද්ද

පෙම් යුවළ රෑපත් නැති චිත්‍රපට ඇද්ද

රෑබර නළගනන් නැති නැටුමක් වෙද්ද

මිහිරි තනු නැතිව ගී ගැයෙන්නේ කොහේද.

කතිකාව තුල ගොඩ නැංවීමක් , අපේ ආශාව එය ව්‍යුහ ගතවි ආකාරයත් කොතරම් අපුරැද ?

අපේ අවරෝදනය කරන ලද ආශාවන් නැවත පොළාපනිණු ලබන අවස්ථා තුළ අපට අවින්ඣනික වු එම දේවල්ම , අතිත නොස්ටැල්ජික මතකයන් හා ඒකාත්මික වීම කොතරම් අපුූර්වද බලන්න.

ජිව්තෙන් හරියට

මතක ඩින්ගක් සමග

පොර බදම්න් ගෙවන

අයිස් බර්ගයක තුඩ වගෙ

නොපෙනෙන කොටස තරමට

එල්ලගෙන මෘත මතක බර

මිනිස් ව්ෂය කියන්නේ ආශාවන් මත ගොඩනන්වනු ලබන්නක් .ආශාව තමයි මිනිස් ව්ෂය නිර්මාණය කරන්නේ.

මිනිසා සංකේත ලෝකයට ඇතුළත්ව එහි නියාමයන්ට යටත්ව සංස්කෘතික ජිව්තයකට ගමන් කිරිමත් ඒ තුලින් ශිෂ්ටත්වය කරා ඒමට පුළුවන්වීමත් , මිනිසා සංස්කෘතික වීමට පෙර ගතකළ ජීව්තය අතර පැල්ම , මිනිස් ජීව්ත ව්ගලිතවීම තුල ඇතිවන අතෘප්තිමය වේදනාවත් . අතීත කාමය තුල ලබන වේදනාත්මක සතුටුවිම දිහා බැලිමට ප්‍රභාත් කරන ඇරයුම බලන්න.

පුරුදු යයි කියන්නේ වර්තමානෙට……

ඉන් හුඟක් දුරයි ඈතයි අතීතය…….

ආසයි යන්න ඒ පුරැදු කඳු වැට් පසුකොට ඈත……..

පුරැදු උපදින්න පෙර තිබු මගේ අතිතයට…..

දිනපොතක ලියා ඇති දෑ අතිශය ⁣පෞද්ගලික දේවල් වන අතර කෆ්කාගේ දින පොත තුලින් අප තුල නැති අපි ආස කරන කෆ්කාගේ ජීව්තය තුල මොන යම් හෝ සුවිශේෂි දෙයක් ඇතැයි යන්නද දිනපොත තුල යම් අශ්ලීල ආශාවක් අප සොයන්නේ ඇයිද යන්නත් කෆ්කා යම් විනෝදයක් ව්දිණු ලැබුවේ යැයි සිතා අපි ඔහු විදින විනෝදය දිනපොත තුලින් සොයන්න උත්සාහ ගනි . එයම මිනිස් ආශාවයි . අප සොයන්නේ අපේ අශාව නොව අනෙකාගේ අශාවයි.

ගැටවර ව්යේදී එම් එස් ගෙ ගීත රසව්දපු , මැදි වයසට එලබෙත්ම එම් එස් වෙනුවට අමරදේවලා නන්දා මාලනිලා ගේ ගීත වලට ආස කරන්නෙත් , පසුව ඇතිවූ සමාජ දේශපාලනය චලනයන්ගේ ව්‍යුහාත්මක ඛණ්ඩනය පුද්ගල චරිතවල ව්නෝදය පැහැර ගන්නා ආකාරයත් පවුල නැමති දෘෂ්ටිවාදී උපකරණ ම්නිසුන්ගේ සමාජ ජීව්ත තුලට කොතරම් බලපෑම් කරනවාද යන්න ප්‍රභාත් ජයසිංහ අපට ගෙනඑන ආකාරය කියවන්නාව තෝන්තු කරවයි .

ඇත්ත අන්තිමට නිහඬ බවම කතා කරන්න ගත්තම මොනවගේ වෙයිද , එය ඇත්තටම විරැදාභාෂයක් .ඉතින්ප්‍රභාත් ජයසිංහගේ මේ ආරෝව අප ඇත්තටම බාරගත යුතු නොවන්නේද ?

More From Author

“දේශප්‍රේමී අසභ්‍යත්වය: ඇරොන් පූචිගියන් සහ ඇරිස්ටොඵනීස්ගේ ප්‍රහසන නාට්‍යය”

තව සිංහයෙකු හමුවකට පසු – සුගත් වටගෙදරගේ විචාරයක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348