තරිඳු ශ්‍රී ලොකුගමගේ Tharindu Sri Lokugamage යනු මාස්ටර් ස්ටෝරි ටෙලර් කෙනෙකි, හෙවත් සූර කතන්දරකරුවෙකි.
‘ඇල්බට්වරුද මනුෂ්‍යයෝය’ නවකතාවෙන් ඔහු නූතන සිංහල නවකතාවේ කට ඇතුළට අත දමා ඩයිජෙස්ෂන් සිස්ටම් එක දිගේ අන්තිමටම ගොස්, එතැනින් අල්ලා එය කණපිට ගසා ඇත. ඇල්බට්වරු කියැවීම ගාර්ෂියා මාකේස්, අය්යන්දේ, රුෂ්දි, සර්වන්තේස්, ආදී සියල්ලන් එකට කියවනවා වැනි මෙල්ටිං පොටීය අත්දැකීමකි; වික්‍රමයකි. එය, පොත බිම නොතියා නොව, ඉවර වේයැයි යන ලෝබකමෙන් මා සෙමෙන් කියැවූ පොතකි.
මනුෂ්‍ය සන්තානයේ ගැඹුරුතම තැන් ස්පර්ශ කරන තරිඳුගේ විනිවිදිනසුලු ප්‍රතිභාව සහ ඔහුගේ නවමු මෙන්ම ආකර්ෂණීය භාෂා භාවිතය අතිශයින් පැසසුම් කටයුතුය.
සිංහල සාහිත්‍යයට මෙවැනි අනර්ඝ කෘතියක් ලබාදීම ගැන තරිඳුට මගේ ආචාරය පුද කරමි.
නිලුක කදුරුගමුව- Niluka Kadurugamuwa





