ෆාදර් සත්යවේලු මා හදුනාගත්තේ දෙව් මැදුරු ඇතුලේ දේශනා පවත්වද්දී නොවේ.ආගම් විස්වාසයන් එකල අපගේ මාර්තෘකා වුයේද නොවේ.
කොළඹ වීදීවල හෝ ප්රගතිශීලී දේශපාලන සමාජ ක්‍රියාකාරීන්ගේ රැස්වීම්වල සත්යවේළු පියතුමා බහුලව දැකිය හැකි තැන්වීය.
සරත් මම පූජකයකු වෙන්න තීරණය කලේ දෙවියන් දැක නොව ,ජේසූස් වහන්සේගේ ආදරයේ වටිනාකම හදුනගත් නිසායැයි” ඔහු මට කීවේ මීට අවුරුදු විසිපහකට පමන ඉහතදීයි. මා කිතුනුවකු නොවූ බැවින් ඒ ගැන වැඩිදුර දැනගැනීමේ උවමනාවක් එකල මට නොවුනි. එසේම ඔහුත් කිසිදිනක ඔහුගේ ආගම් විස්වාසයන් ගැන අපිට කීමට ආවේද නැත.

ඔහු අයත්වන්නේ බ්‍රිතාන්‍යන් විසින් මීට අවුරුදු දෙසීයකට එහතදී ලංකාවේ ඔවුන්ගේ කෝපී සහ තේවගාවන්හී වැඩට රැගෙනා ආ පිඩිත වතු දෙමළ ප්‍රජාවටයි. සිංහල ස්වෝත්තමවාදීන්ගේ සංහාරයට සහ වෙනස්කොට සැලකීම් වලට මුලින්ම ලක්වූවෝ ඔවුන් වෙති.
ලංකාව බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස ලැබු 1948 න් පසු ගෙනා පුරවැසි පනතින් ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි කෙරිනි. ඊට හේතුවූයේ වතු දෙමළ ජනයා අතුරින් නියෝජිතයින් හත් දෙනෙකු නිදහස් ශ්‍රී ලංකාවේ පලමු පාර්ලිමේන්තුවට පැමිණීමය.
අනතුරුව 1965 දී එවකට අගමැතිනී සිරීමා බංඩාරනායක සහ ඉන්දීය අගමැති ශ්රාස්ත්රී අත්සන් කල ගිවිසුමෙන් විශාල වතු දෙමළ ජනතාවක් ලංකාවෙන් පිටුවල් කිරීමට යෙදිනි.

1956 දී සත්යවේළු වතු දෙමළ දරුවෙකු ලෙස උපදින්නේ ” සිංහල පමනක් ලංකාවේ ජාතික භාෂාව කල යුගයේදීයි. 1972 ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ඇතිවූ සාගතයේ වඩාත්ම පීඩිතයින් වූයේත් තේ වගා ආශ්රිත වතු දෙමළ ප්‍රජාව වේ.
වර්ගවාදයට ,සියලූම ආකාරයේ වෙනස්කොට සැලකීම් , අයුක්තියට එරෙහි වීමට ඔහුට ඔහුගේ ජීවන අත්දැකීම් හේතුවීය .
ලංකාවේ සුළුතර ජන ප්රජාවකට අයත් ඔහුට තරම් මට වාර්ගීක නොසලකාහැරීම් ගැන වේදනාවක් දැනුනේ නැත. ඒ මා ලංකාවේ බහුතර සිංහල වර්ගයට අයත් වූ නිසාවෙන් ය. එහෙත් පසුකාලීම වාර්ගීක නොසලකාහැරීම් හී කෲරත්වය කොතරම් දැයි සත්‍යවේල් වැනි අය ලගින් ඇසුරු කිරීමෙන් මට දැනුනි.
ඇතැම් සිංහලයින් නාසීවාදීන්මෙන් තමන් ආර්යයන් යැයි කියති .දෙමළ ජනයා පහත්කොට සලකති . එබැනින් එකල දෙමළ ජනයා සිංහලයින්ට ඇති බය පක්ෂපාතීත්වය හැඟවීමට සිංහලයින්ට නෝනා / මහත්තයා කියති . දෙමළ ජනයා තමන්සේම මනුශ්‍යයින් යැයි නොසිතන සිංහලයින් මනුශ්‍යත්වයට නිගා දෙති
දේශපාලන රැදවියව සිට මගේ මව් රට අතහැර මෙහි පැමිණි පසුද අපගේ මිත්‍රත්වය මගහැරුනේ නැත. මෙහිදී මා ජේසූස් හදුනාගෙන කිතුනුවකු වූ පසු සතීට ඒ ගැන කියූ විට ඔහු ” සරත් අපි හමුවුනේ පල්ලිවල නෙවී , අයුක්තියට එරෙහිව නැගීසිටීම් වලදී.ඔබ වැනි අයගෙන් තමා අපිට ජේසූස් දැකිය හැක්කේ යැයි මට කිව්වා මතකය .
ඒ ඇයිදැයි මා විමසූ විට ඔහු කීවේ” අද ඔබලා අහම්බෙන් ජීවත් වුවත් , එදා ඔබලා අයුක්තියට එරෙහීව අනෙකා වෙනුවෙන් සටන් කලේ එයින් තමන්ගේ ජීවිතය පවා නැතිවීමට ඉඩ තිබෙන බව දැන ගෙනය ” එය ජේසුස් ගේ ජීවන දර්ශනය ද වීයැයි ඔහු කීවේය.
කිතුනුවකු ලෙස මාද ඒ සත්‍ය වටහාගෙන ඇත. අපට ජේසූස් දැකිය හැක්කේ, අලංකාර මංදිරවල , විශාල ගොඩනැගිලිවල හෝ මහා හයියෙන් ගැයෙන ගීතීකා , මාහා සාරගර්භ යාතිකා හෝ දේශන තුල නොව , ඉන් පිටත අයුක්තියට , අසාධාරණයට , කුස ගින්නට එරෙහීව සටන් වඳින , කතාවෙන් නොව ක්‍රියාවෙන් තමන්ට සේම අනෙකාට ආදරය කරන මිනිසුන් තුලින් ය.
ඊශ්‍රායලය පලස්තීන ජනයාට එරෙහීව කරන ජන සංහාරයට එරෙහීව , කුසගින්න යුධ අවියක් කරගැනීමට එරෙහීව , ළදරු ආහාර සහ ඖෂධ රැගෙන රුවල් නැවකින් ඝාසා කරායන ග්‍රේටා ඇතුලු පිරිස දුටු මට ඔවුන් ගැන ඇතිවු ආදරයක් ඇතිවීය . ඒ සමගම ලංකාවේ පුද්ගලයින් දෙදෙනෙකු මට සිහිවීය .ඉන් එක් අයෙක් ෆාදර් සතී වූ අතර අනෙකා වූයේ මහාචාර්ය සුචරිත ගම්ලත් ය.

ලංකාවේ සිංහල ස්වෝත්තමවාදී ආන්ඩු උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව ගෙනගිය ජන සංහාරක යුද්ධයේදී” අත්‍යාවශ්‍ය ආහාර , ඖෂධ ,ඉන්ධන, පොහොර ” අවහිර කිරීම්ද විය.කිරිපිටි ,ළදරු ආහාර , කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා පවා තහනම් භාන්ඩ ලැයිස්තුවවට අයත් වීය.
එහෙත් වව්නියා හමුදා මුරපලෙන් දකුණට කිසිදු භාන්ඩ හිගයක් නොවීය. දකුණේ බොහෝ අයට ලංකාවේ ආන්ඩුව උතුරේ ජනයාට එරෙහිව ” බඩගින්න යුධ අවියක් ” කරගෙන ඇති බව දැනුනේ නැත. ඝාසා තීරයේ ඊශ්‍රායලය පවත්වාගෙන යන මානව ඛේදවාකය යුක්ති සහගත කරන අන්තවාදීන් මෙන් අන්තවාදීන් ලංකාවේද සිටියහ..
උතුරට සැපයුම් අවහිර කිරීමට එරෙහිවූවන් අතර ප්‍රමුඛයකු වූයේ සිංහලයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත්ය ඔහු උතුරේ දරුවන්ට ආහාර සහ ළදරු කිරිපිටි එකතු කිරීමට කටයුතු කෙරුවේ දකුණේ සිංහල ජාතීවාදීන්ගේ මරණ තර්ජන පවා නොතකමිනි.
මේ සටහන ලීවේ ග්‍රේටා ඇතුළු පිරිස ඝාසා බලා පිටත්වූ මොහොතේදීය
ග්‍රේටා ඇතුළු පිරිස මුහුදෙහි ගිල්වා මරන බවට ඊශ්‍රායල් ඇමති කෙනෙකු පවසා තුබුනද , ඊශ්‍රායල් ෆැසිස්ට් ආන්ඩුවට එම මිනිස් ඝාතනය කල නොහැකී වීය. ඊට හේතුවූයේ අහි අනිටු ප්‍රතිථල ඔවුන් තක්සේරු කල හෙයින් විය හැක.
පලස්තීන ජන සංහාරයටට ඇමරිකාවෙන් සහ බටහිර බලවතුන්ගෙන් ලැබෙන කොන්දේසී විරහිත සහායෙන් සියලු ලෝක සම්මතයන් නොසලකන ඊශ්‍රායලයට ග්‍රේටා ඇතුලු පිරිස මරාදැමීම සරල කටයුක්තක් නොවුනේ ඒහෙයින් ය. කෙසේ වෙතත් ජාත්‍යන්තර මුහුදේදී ග්‍රේටා ඇතුලු පිරිස පැහැරගැනීමට ඊශ්‍රායලය ක්‍රියා කලේය.
එහෙත් මරනය දැකදැක ග්‍රේටා ඇතුලු පිරිස ඝාසාවෙත රැගෙන ගියේ හූදු අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ පමනක් නොවේය . ඔවූහූ මනුශ්‍යත්වය සහ ආදරයද එහි රැගෙන ගෙයේය.
දැන් ලෝක පරිමානව ජනතාව ෆැසිස්ට් ඊශ්‍රායලයේ පලස්තීන ජන සංහාරයට එරෙහීව , පලස්තීන ජනයාගේ නිදහස උදෙසා වීදියට බැස්සවීමට ග්‍රේටා ඇතුලු ඒ මානව හිතවාදීන් සමත් වී ඇත. ලෝක පරිමානව සහකම්පනයක් ඇති ජනයාගේ බලපෑම ඊශ්‍රායලයල්- ඇමරිකන් ආන්ඩු ප්රමුඛ ලෝකයේ පැස්සිට් සංධානයේ මිලේච්චත්වය පරාජය කර , යුදෙව් සහ පලස්තීන ජනතාවගේ නිදහස , ආරක්ෂාව සහතික කරනු ඇත.
මෙහි මුල් සටහන ලියූ 07.06 .2025 දින ෆාදර් සතීගේ උපන්දිනය වීය . ඔහුට සුභ පතන අතර මා ග්‍රේටා ගැන කියූ විට ඔහු මට කීවේ” සරත් බයිබලයේ මාතේව් 25 කියවන්න.
ග්‍රේටා කරන්නේ ජේසූස්ට කලයුතු යුතුකමක්
” යුරෝපයටත් වඩා ග්‍රේටාගේ හදවත විශාලයි” කිව හැක්කේ ඒ හෙයින් ..
මේ වනවිට ග්‍රේටා අතුළු ක්‍රියාකාරින් පිරිසක් ඊශ්‍රායලය විසින් පිටුවහල් කර ඇත. ප්‍රංශයේ යුරෝපා පාර්ලිමේන්තු මංත්‍රීවරියක් වන පලස්තීන සම්බවයක් ඇති හසන් ඇතුළු පිරිසක් ඊශ්‍රායලයේ බලහත්කාරයට යටත් නොවීමට තීරණය කර ඇත.

තියාගෝ අවිලා මේ වනවිට උපවාසයක් ආරම්භ කර ඇති අතර , රීමා හසන්ද උපවාසයට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ. එසේම ඊශ්‍රායල් පැසිස්ට් ආන්ඩුවේ සිරගෙවල් හී ඔවුනට අවමන් සහගත සැලකිලි ලැබෙන බවද වාර්තාවේ.
මේ අතර ඊශ්‍රායලය විසින් ග්‍රේටා ඇතුළු ක්‍රියාකාරීන් 12 දෙනාට වසර සියයක ඊශ්‍රායලයට ඇතුල්වීමේ ගමන් තහනමක් පනවා තිබේ.
ග්‍රේටා ඇතුළු පිරිසට ඊශ්‍රායලයට ඇතුළු වීමේ ආශාවක් නොතිබූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ ඊශ්‍රායලය විසින් “කුසගින්න අවියක් කරගැනිමින් ” ඝාසා හී ගෙනයන වර්ගසංහාරයට එරෙහීව , ළදරු ආහාර සහ ඖෂධ රැගෙන ඝාසාව වෙත යැමට වේ. ඊශ්‍රායලය විසින් ඔවුන්ව ජාත්‍යන්තර මුහුදේදී පැහැරගෙන ඊශ්‍රායලය වෙත රැගෙනගොස් තිබුනි.
” ඊශ්‍රායල් වර්ණභේදවාදී රාජ්‍යයට තවත් වසර සියයක් පලස්තීන භූමිය මත බලහත් කාර වාඩිලාගැනීම් කරලීමට සහ පලස්තීන ජන සංහාරයේ යෙදීමට “ලෝකය ඉඩදිය යුතුද .
නැත එයට ඉඩදිය යුතු නැත. වර්ණභේදවාදී , පැසිස්ට්වාදී ඊශ්‍රායලයේ පලස්තීන ජන සංහාරය වැලැක්වා ඊශ්‍රායලයට සහ පලස්තීනුවන්ට සාමය සහ ආරක්ෂාව සැලසීම ලෝ වැසි මානව හිතවාදීන්ගේ වගකීමක්, වගවීමක් සහ යුතුකමක් වී ඇත..

සරත් මද්දුමාගේ-Sarath Maddumage
(ලංකාවේ හිටපු වෘත්තීය සමීතී , දේශපාලන ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීයෙක්.දේශපාලන සිරකරුවෙක්.)





