නුඹයි නිසල අහස

කලාවෙන් කලාවට
වෙනස් වී සිනාවෙන
සදවතට සෙනෙහස පුරාගෙන
දහක් තරු බැල්මන් දරාගෙන
නිසසලව හිදිනා …
සොදුරු රෑ අහසක් වගේ නුඹ
සන්සාරෙ දිගු පෙම් කතාවක
පෙරවදන ලියනා …
මාත් තරුවක් අහිමි අහසට
කවි ලියා හඩනා …

පෙම් සුවද විසුරුවන මල් සිනා පුරෝගෙන
ඈ ඇවිත් නුබගාව දගකාරකම් පාන
බලානොබලා හිදිමි ඇයයි නුබේ සදපාන
නුබ අහිමි තරුව මා…
සංසාරේ එක් වරක් නුබේ වන්නට පතන

අමාවක රෑ පවා සදවතට කවි ලියන
හෙට යලිත් සද ඇවිත් සිනාවේයැයි පතන
නුබයි නිසසල අහස…
ප්‍රේමයේ ගැඹුරු දම් ලොවට හඩගා කියන
මමත් තරුවකි තවත් නුබේ වන්නට පතන

More From Author

බහුචිතවාදියා“ වත්මන් සමාජ යථාර්ථය විනිවිදින අව්‍යාජ නිර්මානයක්

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348