1982 දී මා පාසලේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේ. ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර ඇතුළු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදීම නිසා ඔවුනට ලංකාවේ ආණ්ඩුව විසින් වසර විසිපහක ක්‍රිකට් තහනමක් පැනවුවා.ඊට අමතරව ඔවුන් එහිදී උපයූ මුදලට 100% බදු ගැසීමටත් තීරණය කර තිබුනා.

ඊට හේතුව ලෙස වාර්තාවුයේ වර්ණභේද වාදී දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ තහනමක් තිබියදී එහි ක්‍රිකට් තරඟවලට සහභාගී වීම.
එවක ලංකාවේ තිබුනේ ඇමරිකන් ගැති ඒකාධිපති ආණ්ඩුවක් . වර්ණභේදවාදය කුමක්ද යන්න ගැන අපට අවබෝදයක් තිබුනේ නැහැ. මා අයත්වන්නේ ලංකාවේ මහ ජාතිය යැයි හදුන්වන සිංහල ජනවර්ගයට නිසා, කිසිදිනක මා වාර්ගීක හේතූන් මත අවමානයට ලක්වී නැහැ.
ඒ වගේම අපගේ සහෝදර දෙමළ ජනයාව දෙමළවීම නිසාම අවමානයට පත්වෙන්නේ යැයි අවබෝධයක් මට තිබුනේත් නෑ.
1983 පෙර දෙමළ නිදහස් අරගලකරුවන් සංනද්ධ අරගලයකට අවතීර්ණ වී තිබුනද , සිංහල අධිපතිවාදී ආන්ඩු දෙමළ ජනයාට මරාගෙන මැරෙන බෝම්බකරුවන් වීමට පෙලබූවේ

1983 දෙමළ ජන සංහාරයයි ඒ තැනට දෙමළ ජනයා තල්ලුකලේ 1948 සිට රට පාලනය කල සිංහල අධිපතිවාදී දේශපාලනය බව මට තේරුම් ගැනීමට බොහෝ කලක් ගතවීය.
ඊට එක හේතුවක් වූයේ අප කුඩාකල සිටම පාසල් පතපොත කොටින්ම කිවහොත් බෞද්ධ පොත්වල පවා දෙමළ ජනයා අපිරිසිදු ජන කොට්ඨාසයක් බවට හැගවෙන කතා තිබීම පමනක් නොවේ.
( දකුණින් ගොළු මුහුඳ උතුරින් හැඩි දෙමළු) මා කිසිදිනක ජාතීවාදියකු නොවුනත් , වර්ගවාදය කුමක්දැයි මට අවබෝධක් තිබුනේ නැත.
දූපත් වැසියකු මෙන්ම දිළිදුකමින් මිරිකි , ළමා නිවාසයක ළදරු වියේ සිට නව යොවුන් විය අවසානය දක්වා තාප්පයකින් වටවූ ජීවිතයක් ගෙවූ මට එවැනි අවබෝධක් කෙසේ ලබන්නද ?
තරුණ කාලයේ සාහිත්‍ය කෘති තුලින් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී රාජ්‍යය ගැන යම් අවබෝධක් ලබාගැනීමට හැකිවීය. ” සුනිල් මාධව ලියූ ”

හඩනු මැන නිදහස ” නවකතාව කියවූ මා හද සසලවීය. වර්ගවාදය කොතරම් කුරීරූදැයි මා සිතූ නමුත් දූපතින් පිට පමනක් නොව ලංකා දූපත ඇතුලේද දෙමළ ජනයාට එරෙහීව
කුරීරු වර්ගවාදයක් තිබෙන බව මට අවබෝධ වූයේ 2000 වර්ෂයේදී පමනය . ප්‍රමාද වී හෝ එසේ තේරුම් ගැනීමට හැකිවීම යහපතක් ය .. ඊට මග පෑදුනේ මා වෘත්තීය සමීතී ක්‍රියාධරයෙක් ලෙස , රටේ වාමාංශික , ප්‍රගතිශීලී, මානවහිතවාදී ජනයා ඇසුරු කිරීමට අවස්ථාවක් මට ලැබූ හෙයින් ය.
සාමාන්‍ය ලාංකීක සිංහල පුරවැසියකු ලෙස හුදු රැකියාව සහ පවුල් ජීවිතය විඳිනවාට එහාගොස් අපගේ සහෝදර සුළුතර දෙමළ ජනයාගේ අයිතීන් පිලිගන්නා යුධ විරෝධියකු වීම දක්වා මගේ ජීවිතය පරිවර්තනය විය.
විසිවන සියවසේ අගභාගය වනවිට දකුණු අප්‍රිකානු වර්ණභේවාදය බිඳවැටී එරට මුල් ජනයාට පාලනය හිමිවීය. එහෙත් කනගාටුව කරුණ විසි එක්වෙන සියවසේ මුල් කාර්තුව වන විට මේ යුගයේ අති භිහිසුනු වර්ණබේදවාදී ආන්ඩුවක මනුශ්‍යත්වයට එරෙහි අපරාධයන් සජීවීව නැරබීමට තරම් අපි අවාසනාවන්තයින් වීමය .
එදා වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවට පැනවූ සම්බාදක එම වර්ගවාදී රාජ්‍යයට පැනවීමට ලෝක බලවතුන් සහ එක්සත් ජාතීන් අපොහොසත් වී ඇත.
ඒ වෙනුවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ඊට කොන්දේසී විරහිත පූර්ණ සහාය ලබා ලබාදී ඇත.
වර්ණභේදවාදී ඊශ්‍රායල් රාජ්‍යය පලස්තීනුවන්ට එරෙහිව ගෙන යන වර්ග සංහාරයේ කෲරත්වය කොතෙක්දැයි 13.05.2025 දින ප්‍රවුවන්ෆෙල්ඩ් නගරයේ පැවැති සාකච්චාවකදී පැහැදිලිකලේ මහාචාර්ය

Sumaya Farhat-Naser. සාකච්චාව සංවිධානය කර තිබුනේ Schweizer Standpunkt දෘෂ්ටිමය , දේශපාලන සහ මුල්‍යමය වශයෙන් ස්වාධීන වූ මාධ්‍ය ආයතනයක්.
ඒ නිසාම ඔවුන්ට කිසිදු පාර්ශවීය බැදීම් නැතුව ස්වාධීන චින්තනයකින් වැඩ කිරීමට හැකියාව තිබේ . ඔවුන් කරනුයේ ස්වේච්ඡා සේවයකි.
නිදහස් මත ගොඩනැගීම, නීතිය, ආචාර ධර්ම, වගකීම සහ ස්ථාවර ක්‍රියාමාර්ග සඳහා; සෘජු ප්‍රජාතන්ත්‍රවාදය, ෆෙඩරල් විසඳුම්, පොදු යහපත සහ සමාජ
වෙළඳපොළ ආර්ථිකය සඳහා;
ජාත්‍යන්තර නීතිය, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය තහවුරු කිරීම සහ පිළිපැදීම සඳහා මැදිහත් වීමට හැකිවී තිබේ.
මහාචාර්ය සුමායාගේ කතාවේ සාරංශය ගත්විට මෙසේයි.
- යුදෙව් ජනයා දශක ගනනාවක් පුරාවට යුරෝපයේ අවමං සහගත සැලකිලිවලට ප්‍රාන්ත වූ ජන වර්ගයකි.
- නාසී ජර්මනියේදී යුදෙව් සංහාරය එහි උච්චතම අවස්ථාව වෙයි.
- යුද්ධයෙන් නාසීන් පරාජය කර යුදෙව් ජනයා සදහා පලස්තීන ජනයාගේ නිජබිමතුල ඊශ්‍රායලය පිහිටුවීමේදී පලස්තීනුවන් 65% ක් පමන පලවාහැරි අතර ඔවුන් අසල්වැසි රටවල් හී සරණාගතයින් වී තිබේ.
- පලස්තීනුවන්ට පලවාහැර ඔවුන්ගේ භූමිය අත්පත්කර ගැනීම හදුන්වා ඇත්තේ ” වනචාරීන්ගෙන් භූමිය නිදහස් කරගැනීමක් ” වශයෙනි.
- එය සමාන වන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ආසීයානු , අප්‍රිකානු මහද්වීප යටත්කර කොළණි පිහිටුවීමේදී එය ” එහි ජනයා ශිෂ්ඨකිරීමක් යැයි” කීමට වේ.
- ඊශ්‍රායලය පලස්තීන ජනයාට එරෙහීව ගෙනයන වාර්ගීක ශුද්ධ කිරීම , වෙනස්කොට සැලකීම එසේ කරගෙන යැමට හැකිවී ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ලබාදෙන කොන්දේසී විරහිත සහාය හේතුවෙනි.
- ඊශ්‍රායලයේ වර්ණ භේද වාදය කොතරම් කුරිරූ දැයි කිවහොත් ඔවුන් පලස්තීන ජනයාගේ සැම ක්‍රියාකාරකමක්ම පාලනය කරයි. ඔවුන්ට නිදහසේ ගමන් කිරීමේ. සංවිධානය විමේ අයිතිය උදුරාගෙන තිබේ.
- ජල සැපයුම් දෙකක් එහි පවතී, යුදෙවන්ට සහ බටහිර ඉවුරේ බලහත්කාරයෙන් වාඩිලා සිටින ජනයාට පැය විසිහතර පුරාවට ජලය සැපයුවද , පලස්තීනූවන්ට ජය සති තුනකට පමනක් ඉතා සීමිත ජල ප්‍රමානයක් ලැබේ. නිවස හී ජල ටැංකි ඇති අය පලස්තීනුවන් ලෙස හදුනාගත හැකි අතර නොමැති අය යුදෙවන් වෙයි
- මාර්ග පද්ධතිද එසේ වෙයි .යුදෙවන් ගමන්කරනා මාර්ග හී පලස්තීනුවන්ට ගමන් කිරීම තහනම් වෙයි.
- සුමායාගේ පුතා වෛද්‍ය වරයකු වන අතර හදීසි ඇමතුමකදී කිලෝමීටර් 40 ක් රිය පැදවීමට අවම වශයෙන් පැය පහක් ගතවේ. ඒ මුරකපොලු රැසක් පසුකර යෑමට ඇති නිසාවෙනි.
- පලස්තීනවන්ගේ වාහන සහ යුදෙව් වාහන හදුනාගත හැකිවන පරිදී අංක තහඩු සුදු සහ කළු ලෙස වර්ගකර තිබේ.
- පලස්තීන දරුවන්ට පාසල් යෑමට , පලස්තීනවන්ට රැකියාවට තම ගොවිපලට යාමට හැකි වෙලාවන් සහ කුමන මුරකපොලු විවෘත වන්නේදැයි ප්‍රකාශයට පත්වන තුරු උදේ5 සිට සුදානම් විය යුතුවේ.
- නීතිය ක්‍රියාත්මක කිරීමේදී පලස්තීනුවන්ට සහ යුදෙවන්ට දෙයාකාරයක් වෙයි.
- අත්අඩංගුවට පත්වූ පලස්තීනුවකු මිය ගියද ඔහුට ගෞරවය සමුගැනීමක් දීමට ඔහුගේ හෝ ඇයගේ දේශය තම සමීපතමයන්ට බාරදීම ලෝක සම්මතයක් . එය නඩුව ඉවරවනතෙක් ඊශ්‍රායලයේ හිරගෙවල් වල උරවල ගොඩ ගසන ඇටකටු අති විශාලයි.
- එසේම පලස්තීන ළමුන්ට, කාන්තාවන්ට සහ පිරිමින්ට සිදුවන ලිංගීක හිංසන , වඳ හිංසන බොහෝයි. නාසී වදකාගාර හී මෙන් කුසගින්නේ තැබීමෙන් මියයන පලස්තීනුවන්ද සිටී.
- ඊශ්‍රායල් සිරගෙවල් වලින් නිදහස් කරන රැදවියන් දුටු පමනින් එය හදුනාගත හැකියි.
- ඝාසා හී ජන සංහාරය දියත් කිරීමට සුදානම් උමතු නෙතනියාවූ පාලනයට ප්‍රාන ඇපකරුවන්ගේ නිදහස නොව වැදගත් වන්නේ මරනය යයි.
- ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ඝාසා හී ඉදිකිරීම් සැලසුමේ කොන්ත්‍රාත් තුව ඔහුගේ බෑනාට දී තිබේ.
- ඝාසා හී තෙල් සහ ගැස් නිධි අත්පත්කර ගැනීමත් පලස්තීනුවන්ට පලවා හැරීමේ , සමූල ඝාතනය කිරීමේ සැලසුමේ කොටසක් වේ.
- ඝාසා හී පොලොවෙන් මීටර් 30 යට ඇති උමං දශක ගනනාවක් පුරා පවතින අතර එහි සිටින ජනයා ගෑස් ගසා හෝ මුහුදු ජලයේ ගිල්වා මරාදැමීමේ ඇමරිකානු ඊශ්‍රායල් සැලසුමක් වෙයි.
- එකසත් ජාතීන්ගේ සහන සේවා අවහිර කිරීම් නිසා ඝාසා හී මෙන්ම බටහිර ඉවුරේ ජනයාට එරෙහිව ඊශ්‍රායලය ” කුසගින්න යුධ අවියක් “කරගෙන තිබේ
- මේ වනවිට ඝාසාවේ කුසගින්නෙන් පුද්ගලයින් 300 ක් මියගොස් ඇති අතර ඉන් 200 ක් ළමුන් වේ.
- ඊශ්‍රායලයේ පරමාධිපත්‍ය හිමි යුදෙවන්ට පමනක් යැයි නීතී සම්මතකර ඇති බැවින් ඊශ්‍රායලය තුල ජීවත්වෙන පලස්තීනුවන්ට මිනිස්සුන් සේ සමාන සැලකුම් නොලැබේ.
- යුදෙව් නොවන කාන්තාවක් හෝ පිරිමියෙකු විවාහ කරගතන්නා යුදෙව් ජනයාට ඊශ්‍රායලය තුල ජීවත්වීමේ හිමිකම අහුරා තිබේ.
- පලස්තීනුවන්ගේ භූමියේ වාඩිලාගෙන සිටින බොහෝ යුරෝපයෙන් එහි ගියවුන් යුදෙව්වන් නොවුවද , කිසිදු ආගමක් නොඅදහන ඔවුන් දෙවියන්ගේ මහිමයෙන් තමන්ට නිවසක් ලැබී ඇති බව පමනක් පිලිගනී.
- බටහිර ඉවුරේ පලස්තීනුවන් පලවාහැර ඔවුන්ගේ ගිවිපොල , නිවාස අත්පත් කරගැනීමට ඊශ්‍රායලය අතුරු හමුදා නිර්මාණය කර තිබේ. ඔවුන්ට නවීන ගිණි අවි , යාන වාහන ඇමරිකාව සපයා තිබේ. උමතු ජන කංඩායමක් වන ඔවුන්ට කිසිදු සහකම්පනයකින් තොර පලස්තීනුවට වෙඩි තැබීමට හැකිවී තිබේ
- ඔවුන්ගේ අපරාධයන්ට ඊශ්‍රායල් හමුදා හී රැකවරණය ලැබේ.
- ඊශ්‍රායලය තුල උන්මත්තයින් සේ ජීවත්වෙන ජනයා සියෝන් වාදීන් වෙයි.
- ඔවුගේ අමානූශිකත්වය නිසා යුදෙව් ජනයා ඊශ්‍රායලය හැර යන තත්වයක් උදාවී තිබේ.
- 2023 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල් හමුදාකරුවන් 15,000 පමන මරාදමා ඇති අතර එය ඊශ්‍රායල් හමුදාවට අනුව විශාල සංඛ්‍යාවක් වෙයි.
- පලස්තීන ජනයාට එරෙහි වෙනස්කොට සැලකීම් වලට එරෙහි ව ක්‍රියාත්මක වෙන යුදෙව් සංවිධාන හැටක් පමන තිබේ . තුවාල ලබන ඊශ්‍රායල් හමුදාවන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම , විද්වත් ජනයාගේ සහාය උමතු ඊශ්‍රායල් පාලකයින්ට නොලැබීම ඒ අතර වෙයි.
- ඊශ්‍රායලය පුහුනුව ලැබූ අතුරු හමුදා බටහිර ඉවුරේ පකස්තීන ජනයාගේ දේපළ පැහැරගැනීමට සැරසෙන අවස්ථාවන් හී එහි ගොස් ඒවා ව්‍යවර්ත කීරීමට සංවිධානය වූ යුදෙව් ජනයාද වෙයි
- යුරෝපයේ සහ ඇමරිකාවේ ජීවත්වෙන තරුණ යුදෙව් ජනයා ඊශ්‍රායල්ය ගෙනයන පලස්තීන වාර්ගීක ශුද්දයට එරෙහි වෙයි.
- ඊශ්‍රායලය සහ පලස්තීනයට සාමය උදාකරගත හැක්කේ මෙවැනි මානවවාදී මිනිසුන්ගේ මැදිහත් වීමෙන් පමනක් වෙයි.
- පලස්තීන පාලන අධිකාරිය ක්‍රියාකරන්නේ ඊශ්‍රායල උමතු පාලකයින්ගේ රූකඩ මෙන් වෙයි. පලස්තීන නිදහස වෙනුවෙන් ක්‍රියාකරන බොහෝ දේශපාලන පක්ෂක්වෙයි. සාමකාමී දේශපාලන විසදුම් ඉල්ලන බොහෝ ක්‍රියාකාරීන් ඊශ්‍රායලයේ ඉලක්ක වෙයි. ඇතැම් අයට දෙවරක් ජීවිතාන්තය සිරදඩුවම් සමග වසර හාරසීයයක සිර දඩුවන් ලබාදී තිබේ.ඊශ්‍රායලය තුල පලස්තීන දේශපාලන සිරකරුවන් 14 000 ක් රදවා සිටී.
- හමාස් සංවිධානයේ මධ්‍යස්ත මත දරන්නන්ද ඊශ්‍රායලයේ ඉලක්ක වෙයි.
- ඊශ්‍රායලය පලස්තීනුවන් බෙදීම සදහා හමාස් සංවිධානය ශක්තිමත් කිරීමට කටාර් රාජ්‍යය හරහා විශාල ලෙස මුදල් දී තිබේ
- වසර 18 ක් පුරා පලස්තීනුවන්ට තම කැමැත්ත අනුව මහජන නියෝජිතයි තෝරාගැනීමේ අයිතිය ඊශ්‍රායලය විසින් අවහිර කර තිබේ.
- බටහිර ඉවුරේ පලස්තීන සරණාගත කදවුරු 7 ක් මේවනවිට ඊශ්‍රායලය විසින් විනාශ කර තිබේ . එහිසිටි 40,000 කට වැඩි සරණාගතයින් අවතැන්වී සිටී. එක්සත් ජාතීන්ගේ සහන සේවා තහනම් කිරීම නිසා එයින් ජීවිතය ගැටගසා ගත් ලක්ෂ ගනනක් වූ ජනයාට කුසගින්නේ මිය යැමට සිදුවී තිබේ.
- පලස්තීනයේ බදු එකතුකිරීම ඊශ්‍රායලය විසින් සිදුකරන අතර , එයින් පලස්තීන පාලන අධිකාරියට අයත් කොටස නිසි ලෙස නොගෙවීම නිසා පලස්තීන පාලන අධිකාරීයේ මහජන සේවාවන් හී සෞඛ්‍ය , අධ්‍යාපනය සේවය කරන්නන්ගේ වැටුප් ගෙවීම ගැටළුවක් වී තිබේ.
- එසේම විදේශ සිට පලස්තීනුවන්ට මුදල් යැවීම පහසු නැත්තේ මුදල් යැවූ තැනැත්තා පසුගිය වසර 10 ක් ඇතුලත ඊශ්‍රායලය විවේචනය කර ඇත්නම් ඒ මුදල් ලබා නොදේ.
සාකච්චාව ඇසුරින් හෙලිදරව් වූ දෑ බොහෝයි. ඊට සහභාගීවූවන්ටද ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලැබුනි. ඔක්තෝම්බර් 7 ප්‍රහාරය ගැන ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඇය කීවේ එය අනුමත නොකරන නමුත් එය පාවීච්චි කරමින් සමස්ත

පලස්තීන ජනයාට එරෙහීව ගෙනියන වර්ග සංහාරය එයින් යුක්ති යුක්ත කල නොහැහැකි බවයි. යුදෙව් කීවත් විවිධ කංඩායම් ඊශ්‍රායලය තුල සිටින්නේදැයි ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දුන් ඇය , සියලු දෙමා මනුශ්‍යයින් බවත් ඒ අතුරින් උන්මත්ත්ස්කයින් සේ හැසිරෙන්නේ සියෝන් වාදීන් බවත් කීහ.
චීනය සහ රුසියැව වැනි රටවල් ඝසා හී මානව ඛේදවාචකය ගැන කතාකලත් ඒවා හූදු කතාමිස ඉන් එහාට ඒ වෙනුවෙන් පෙනීසිටීමට ඔහුන් සුදානම් නැත්තේ ඔවුන්ගේ ප්‍රමුඛතා අතර දිළිදු පලස්තීන ජනයාගේ ජීවිත අදාල නොවන බැවින් යැයි පැවසීය.
මහාචාර්ය සුමාය කිතුනුවෙක් .
එහෙත් උමතු සියෝන්වාදී කිතුනුවන් වර්ණභේදවාදී ඊශ්‍රායල් රාජ්‍යයට සහාය වෙන බව ඇය කියයි.
සුමායා කියන පරිදි ජෝ බයිඩන් මෙන්ම ට්‍රම්ප් තමන් කිතුනුවෙක් සියෝන්වාදීයෙක් වීම ගැන ඔවුන් ආඩම්බර වෙයි.
සාකචාවෙන් අනතුරුව මාගේ නිගමනය වූයේ සියෝන්වාදය අධිරාජ්‍යවාදය සහ නාසීවාදයේ සංකලනයක් වූ විනාශකාරී දෙයක් බවයි. එය මනුශ්‍යත්වයට එරෙහීව අමනුශ්‍යත්වය රජකිරීමට වෙර දරයි එය පරාජය කල හැක්කේ ලොව පුරා මනුශ්‍යත්වය අගයන ජනතාවටයි.

(ලංකාවේ හිටපු වෘත්තීය සමීතී , දේශපාලන ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීයෙක්.දේශපාලන සිරකරුවෙක්.)





