තුල්සිරි අන්ද්‍රාදි
ලෙනින් මිනීමරුවකු බව ඔප්පු කරනු පිණිස සොල්ෂෙනිට්සින්ගේ පොතක් පරිවර්තනය කරන මෙන් චින්තන ධර්මදාස ඇරයුමක් කර ඇත. මාක්ස්වාදයට එරෙහි මරා ගෙන මැරෙන සිය මෙහෙයුමේදී තමන්ගේ සකල සබ්බ සේතම වුව යෙද්වීමට ඇති සූදානම ප්‍රකාශ කරමින් එම පර්වර්තනය මුද්‍රණය කිරීමේ සම්පත් දායකත්වය ද ඔහු බාර ගෙන ඇත. ඔහු මිනීමැරීමට ඒ තරම් ම විරුද්ධ ය ! පුදුමයකට මෙන්, කෙළ කෝටිගණන් මරා දැමෙන යුධ නොකිරීම ගැන ඉන්දියාවට එරෙහිව ආඩපාලි කියන ඕෂෝ නමැති කුප්‍රකට තක්කඩියා මොහුට මහත් ආස්වාදය සපයන්නෙකි. “ක්‍රිෂ්ණා” නමැති තඩි පොත අරඹමින් එම ඕෂෝ වදාරා ඇත්තේ මෙසේ ය:
“බොහෝ අය සිතන්නේ මහාභාරත යුද්ධය වළක්වාලූයේ නම් ඉන්දියාව දැවැන්ත බලපෑමක් අත් කර ගන්නට තිබූ බවය. වර්ධනයේ සහ ශ්‍රේෂ්ඨත්වයේ ඉහළම මුදුන් ස්පර්ශ කර ගන්නට තිබූ බවය. එහෙත් සත්‍යය වන්නේ ඉඳුරා ම එහි විරුද්ධ පැත්තය. ක්‍රිෂ්ණාගේ දක්ෂතාවෙන් යුතු තවත් අතලොස්සක් දෙනා අප සතු විණි නම් සහ මහාභාරතය වැනි තවත් යුද්ධ අප කර තිබුණේ නම්, අද අප වර්ධනයේ මුදුනතම සිටින්නට තිබිණි.

මහාභාරතයේ සිට වසර පන් දහසක් පමණ ගත වී ඇත. මෙම වසර පන් දහස තුළ අපි එකම ප්‍රාන යුද්ධයක්වත් කර නැත. කුරුෂේත්‍රයේ වීර වික්‍රමාන්විත යුද්ධය හා සසඳන කල අප එතැන් සිට කර ඇති යුද්ධ ළදරු යුද්ධය. ඒවා අත්‍යන්තයෙන් ම කුඩාය. නොවැදගත් ය. ඇත්ත වශයෙන් ම ඒවා යුද්ධයන් යැයි හැඳින්වීම පවා වැරදිය. ඒවා කමකට නැති සටන් සහ කලකෝල්හාලයන්ය. අප යම් ප්‍රධාන යුද්ධයන් කර තිබුණේ නම් අද අප මෙම ග්‍රහලොව වඩාත් ම ධනවත් සහ වඩාත් ම වර්ධිත රාජ්‍යය වන්නට තිබිණ. එහෙත් අපේ වත්මන් තත්ත්වය ඊට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධය. අපි ඉණිමගේ පහළම සිටිමු.” (පිටුව 13 ඉංග්‍රිසි පිටු දෙකක්ම පහත ඇත.)
සොල්ෂෙනිසින්ගේ පොතේ මුල් පරිච්ඡෙහයේ එන, ඊට පෙර සිට ම බොහෝ දෙනා ගෙනහැර දක්වා ඇති කරුණක් අල්ලා ගෙන පොතේ වෙළුම් තුනේ ම ඇත්තේ ඒවා තහවුරු කරන කරුණු යැයි ධර්මදාස පොට පටලවා ගෙන ඇත. පොතේ 99% ක් ම ඇත්තේ ස්ටාලින් යටතේ ගුලාග් නමැති සිර කඳවුරුවල පවත්ව ගෙන ගිය භීෂණය සහ එහිදී යොදා ගැනුණ ක්‍රම පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීම්ය.
බලයෙන් පහ කෙරුණ සාර්වදී සහ ධනපති බලවේගවල ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහ ලෙනින් විධිවිධාන යෙදූ බව ඇත්ත ය. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ” කොල්ලකාරී ධනවාදයට එරෙහ්ව මාක්ස්වාදය නමැහි මගේ පොතේ 263 වැනි පිටුවේ සිට354 වැනි පිටුව දක්වා ඇත.

එක් පරිච්ඡෙදයක් “බොල්ෂෙවික් භීෂණය” නමි; අනෙක ” ලෙනින්ගේ පාලනය සහ ස්ටාලින්ගේ පාලනය” නමි.
ස්ටාලින්ගේ පාලනය වනාහී ලෙනින්වාදයේම දිගුවකි” යන තේමාව සොල්ෂෙනිට්සින්ගේ නිර්මාණයක් නොවේ; ඊට බොහෝ පෙරාතුව බාහිර විචාරකයෝ එලෙස කියාසිටියහ. මාක්ස්වාදයෙන් පලා යාම සඳහා සමහර මාක්ස්වාදීමත් එය යොදා ගත. ඒවා එක්තැන් කළ පොතක් පහත දක්වාලමි.
කෙසේ වෙතත් සොල්ෂෙනිත්සින්ගේ වෙළුම් තුනම් පළ කිරීමට මම ද එකඟ ය.


