සමන් පුෂ්පකුමාරගේ හේගල් :  විස්තරාත්මක හැදින්වීමක් ඔස්සේ කලාව සහ කලාව සහ කලා විචාරය වෙත  ආපසු යාම 3-iii කොටස

“කලින් පැවති යුග හා ජාතීන් විසින් සෙවුනා සහ එයින් පමණක් හැකි වූ ආධ්‍යාත්මික වුවමනා සපුරාලීම කරන්නට කලාවට තව දුරටත් නොහැකි ය… කලාව එහි ප්‍රශස්තත ම අභිවෘත්තිය (vocation) ලෙස සැලකීම අද අප ඉදිරියේ තිබෙන්නේ අතීතයට අයිතිව තිබූ දෙයක් හැටියට ය. එය අද අපට ඇරයුම් කරන්නේ බුද්ධිමය විමංසනයකට, කලාව යනු කුමක් දැයි දාර්ශනිකව අවබෝධ කර ගැනීමට විනා නැවත කලාව නිර්මාණය කිරීමේ පරමාර්ථය වෙනුවෙන් නොවේ.”

හෙගල් විසින් සෞන්දර්යවේදය සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් අද කියවීමේ ප්‍රමුඛ ප්‍රවණතාව වී තිබෙන්නේ ඔහු ‘කලාවේ මරණය’ හෝ ‘කලාවේ අවසානය’ හැඟවුම් කළ බවත්, වැදගත් මානව ක්‍රියාවලියක් ලෙස කලාව රොමෑන්ටික කලාවේ හායනය සමඟ අවසන් වූ බවත් පිළිගැනීමකි.
හෙගල් සැබවින් ම කියා ඇත්තේ පරිවර්තනයේ දුෂ්කරතාවක් ඇති බව කියවෙන මෙය යි.

හෙගල්ගේ සෞන්දර්යවාදය පිළිබඳ ගයෝජි මාකූස් වැනි ඇතැම් අර්ථකථකයින් ඔහු ‘කලාවේ මරණය’ හෝ ‘කලාවේ අවසානය’ හැඟවුම් කළ බවක් ඉන් පැවසෙන්නේ යැයි නොපිළිගනිති. එය පිටු 1200 ක් පුරා දිවෙන හෙගල්ගේ සෞන්දර්යවිද්‍යාව කෘතියේ අද වඩාත් ජනප්‍රිය උධෘතය වී තිබේ.
1820 ගණන් අවසාන භාගයේ බර්ලින්හි ඒ දේශනවලට සවන් දුන් ෆීලික්ස් මෙන්ඩල්ෂොහොන් නම් ජර්මානු රොමෑන්ටික යුග සංගීතඥයා හා සංගීත සංරචකයා, සිය සොහොයුරියට ලියූ ලිපියක පවසන්නේ, බීතෝවන්ගේ මරණයෙන් අවුරුදු ස්වල්පයකට පසු හා ගතේ හා තොවාල්ඩ්සෙන් දෙදෙනා තවමත් මිහිපිට ජීවත් වී සිටිද්දී කලාව සම්පූර්ණයෙන් අභාවයට (mausetot) (stone dead) පත්වී යැයි පැවසීම අමු පිස්සුවක් බව ය.
හෙගල්ගේ ප්‍රකාශය නිශ්චිත වශයෙන් ම අමුතු හා අපූර්ව ප්‍රකාශනයක් බැව් නිසැක ය.

එනමුත් කලාව වෙනුවෙන් වූ දැවැත්ත පද්ධති අතරින් දැවැන්තතම පද්ධතිය හෙගල්ගේ බව කර්ටිස් එල්. කාටර් පෙන්වා දෙයි.
එහි ලා කලාව මිනිස් අත්දැකීමට, ස්වභාවධර්මයට, සංස්කෘතියට හා අන් විශ්ව පද්ධතීන් වැනි වෙනත් අංශයන්ට දක්වන සම්බන්ධතාව විභාග වේ.

දාර්ශනිකයකු විසින් කලාවට තිළිණ කළ විශිෂ්ටතම දායකත්වය හෙගල්ගේ බව කාටර් පවසයි. යුග වශයෙන් කලාව තුළ සිදු වූ වෙනස්කම හෙගල්ගේ විභාගයට ඇතුළත් ය. ඔහු එය සැබැවින් ම වැදගත් මානව ක්‍රියාවලියක් ලෙස හඳුනා ගත්තේ ය. හෙගල්ගේ යට කී අදහස පවා සැබවින් ම කලාව සම්බන්ධයෙන් ඔහු සතුව පැවතුණු අතිශයින් සමීප කල්‍යාණ සබඳතාව සමඟ බැඳුණක් බව ය, කාටර් පවසන්නේ.
ඔහුට අනුව ද කලාවේ මරණය හෙගල් නිවේදනය කළ බව පැවසීම ශුෂ්ක මතයකි. කලාවේ මරණය පිළිබඳ විවාදාත්මක හා අපූර්ව අදහස විභාග කරනු වෙනුවට ශ්‍රී ලංකාව තුළ ද එම ශුෂ්ක අර්ථකථනය අධිනිශ්චිත වනු ඇත්තේ කලාව දේශපාලනය, න්‍යාය, මතවාදය යනාදියට ද්විතීය කිරීමෙහි රිසි පිරිස් අතිනි.
ඇන්ඩි වෝල්ගේ බ්‍රිල්ලෝ පෙට්ටි නම් පොප් කලාව (Pop Art) නරඹා විමතියට පත්ව ‘නූතන චිත්‍ර කලාවේ අවසානය’ පිළිබඳ මතය ඉදිරිපත් කළේ විසිවෙනි සියවසේ කලා ඉතිහාසය හා විචාරය පිළිබඳ ඇමරිකානු දැවැන්තයා වූ ආතර් ඩාන්ටෝ විසිනි.
ඒ ශුෂ්ක මතයක් ලෙස හෝ චිත්‍ර කලාව මිහිදන් කිරීමේ වුවමනාවක් ලෙස නොවේ. ඔහු කියා සිටියේ ඇන්ඩ් වෝල් ඇමරිකානු වෙළෙඳපළින් ගෙනා ඇසුරුම් පෙට්ටි කලාගාරය තුළ අට්ටි ගැසූ පසුව ‘නූතන චිත්‍ර කලාවේ ආඛ්‍යානය’ අවසන් වූ බවත්, එතැන් පටන් කලාව සඳහා සද්භාවවේදය (Ontology) වුවමනා බවත් ය.

කලා විචාරයෙහි ලා නව-හෙගල්වාදියකු වූ ඩාන්ටෝ ඒ ඔස්සේ අනුප්‍රාප්තික විචාරය සිදු කරන විට ද පැබ්ලෝ පිකාසෝ ජීවත් වූ බවත්, අද වන විට බැස්කියාගේ වීථි කරුටු හා හිපොප් භාෂික චිත්‍ර සෙ‍සාන් හා පිකාසෝගේ චිත්‍රවලට සමතැන් ගන්නා මිලට අලෙවි වන බවත් සඳහන් කළ මනා ය.

‘what art is’ නම් කලාවේ සන්ධිස්ථානීය මරණා’පර කෘතියෙහි ලා ආතර් ඩාන්ටෝ මෙසේ කියයි.
“The Nation” සඟරාවේ කලා විචාරකයා ලෙස විසිපස් වසරේ මගේ උත්සාහය වූයේ බොහෝ නිව් යෝර්ක් විචාරකයන්ගේ කන්සවර්ටිව් රුචියට වෙනස් ලෙස කලාව විස්තර කිරීම ය. මගේ පර්යාවලෝකය අනුව සෞන්දර්යවේදය කලා බිමේ (art scene) කොටසක් නොවී ය. විචාරකයකු ‍ලෙස මාගේ කාර්යය වූයේ කලා කෘතිය කුමක් ගැන ද? ඉන් අදහස් කරන්නේ කුමක් ද? මගේ පාඨකයින්ට එය පැහැදිලි කරන්නට වටින්නේ මන්ද? යන බව පැහැදිලි කිරීම ය. එය අහම්බයකින් මෙන් කලාවේ අවසානය (end of art) පිළිබඳව හෙගල්ගේ සාකච්ඡාවකින් මා උගත් දෙයකි… මරා (Marat) නාන බාල්දියේ සිටිනු ඩේවිඩ් චිත්‍රණය කළේ ය. සමේ රෝගය නිසා මරා එහි බොහෝ වේලාවක් සිට තිබේ. ඔහු ඉදිරියේ කොර්දේගේ කිණිස්ස හා ඉහිරුණු ලේ ස්වල්පය ඇත. මරා මැරී වැටී සිටියි. මම මළවුන්ගේ ලෙනෙහි ජේසුස් ක්‍රිස්තුස්ට මරා සමාන කළෙමි. චිත්‍රයෙන් හැඟවෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් මෙන් මරා ද මරණයෙන් නැවතත් නැඟිටින බව ය.”

එරික් ඉලයප්ආරචිචි

More From Author

අම්මත් අඬයි පුතුනේ වැඩියෙන් ඊට

සොල්ෂෙනිට්සින්ගේ පොතේ සැබෑ අන්තර්ගතය කුමක්ද ?

Leave a Reply

Categories

LDM Columns