මිනිස් භාවය තුල කණ්ඩායම් වශයෙන් ජීවත් වීම, අතීතයේ හෙවත්, ප්‍රාග් මානව ඉතිහාසයේ සිටම හඳුනාගත් මානව චර්යා ධර්මතාවයකි.

මිනිසා තනිව ජීවත් වීම මත කාංසාව, විෂාදය වැනි තත්වයන්ට පත් වීම වර්තමානයේ බහුලවම දකින්නට ඇති මානසික රෝගී තත්ව හෙවත් මානසික අසමතුලිත තත්වයන් වේ.
ඔබගේ සමීපතමයන් මෙවන් තත්වයන් මත පීඩා විඳින බව, පීඩා විඳිමින් සිටින බව කාරණය ඔඩු දුවන තෙක්ම ඔබේ අවධානයට ලක් නොවී තිබේනම් ඒ ඔබේ මානව චර්යා ධර්ම පිළිබඳව ඇති අවධානය ගිලිහී යාම විය හැකිය.
කණ්ඩායමක් ලෙස කටයුතු කරන වේලාවෙන් පරිබාහිරව තනිව ගත කරන කාලය තුල ඔබේ අවධානය වචනයෙන් නොඉල්ලන නමුත්, ඒ ලැබෙන තෙක් බොහෝ වේලා, බොහෝ කල් සාවධාන වන උක්ත කී මානව තෙමේ, ඔහුගේ සාවධාන තත්වය බිඳී යන මොහොතේ පටන්, දුක් ගැනවිලි සහිත, කලහකාරී, දුක්ඛිත, නිතර හඬා වැටෙන පුද්ගලයෙකු බවට පරිවර්තනය වේ.
ඒ ඇයි?
එකී මානවයා
📌තම සමීපතම සහකරු හෝ සහකාරිය ගේ ආදරය, අවධානය, අහිමි වූ අයෙකි.
📌තම ලෙයින් සුපෝෂිත දරුවන්ගෙන් ස්ථිරවම හෝ තාවකාලිකව හෝ ඈත්ව ජීවත් වීමට සිදු වූ අයෙකි.
📌තම දුක් ගැනවිලි ආඩපාලි අසා සිටීමට යාලු මිත්‍ර සමාගමක් අහිමි අයෙකි.

📌තම ජීවිතය බෙදා හදා ගැනීමට තෝරා ගත් මුදු , තමාව නිර්දය ලෙස මගහරින, නෑසූ කන්ව සිටින, බඩබැඳගත් ප්‍රේමයක නොසලකා හරින ලද අයෙකි.
📌තම දෙමාපිය, සහෝදර සමාගම තුල හුදෙකලා අයෙකි.
📌තම ඇතුලු හදවතත් සමඟ පමණක් කටයුතු කිරීමට ක්‍රමයෙන් වර්ධිත තත්වයක් ඇතිකර ගත්, අහිංසක මුත් මානසික අසමතුලිත තත්වය මත දැඩි තීරණ කෙරේ එළඹිය හැකි අයෙකි.
කුමක්ද කල යුතුද?
📍පළමුවත් ආදරය දෙන්න.
📍දෙවනුවත් ආදරය දෙන්න.
📍තෙවනුවත් ආදරය දෙන්න.
📍සිව්වෙනුවත් ආදරය දෙන්න.
📍පස්වෙනුවත් ආදරයම දෙන්න.
මේ කිසිම අවස්ථාවකට ඊට වඩා සුව ඔසුවක් නොමැත.

දර්ශනී අබේසිංහ.

(මානසික සෞඛ්‍ය පිළිබඳව වෛද්‍යවරයෙකු හෝ උපදේශකයෙකු නොවෙමි.)

More From Author

2025 පළාත් පාලන ඡන්ද විමසීම

අපේ වටිනාකම තීරණය වන්නේ පාට මත නොවෙයි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348