කොපියක් නොවෙන ජීවිත හරි සුන්දරයි..

තුළින් පිටතින් තමාවම තමන්ට දකින්න පුළුවන් කම සුන්දරයි..
තමන් අතින් වැරදි වෙන බව තේරුම් ගැනීම ම.. සුන්දරයි..
වැරැද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් ලද මොහොතේ ඒ ප්‍රයෝජනයට ගැනීම ම.. සුන්දරයි..
වතුර හැලියෙත් කිඹුල්ලු දැක්ක.. ඒත් ඇත්තටම
කිඹුල්ලු දැක දැකත් සන්සුන්ව ඉන්න තරම් හිත පාලනය වීමම සුන්දරයි..
අනුන්ගේ දෙයකදී දාර්ශනික වෙන.. තමන්ගේ දේකදි කඩා වැටීම සාමාන්‍යකරණය කර ගන්න තරම් අත්‍යන්තයෙන් මුග්ධ මුත්..
ඒ මුග්ධ බව අත හැරීමෙන් ලබන මානසික සුවය කෝටියකටවත් ගන්න බැරි බව තේරුම් ගිය දවසට.. කෝටියක ලොතරැයියක් ඇදුනම ලැබෙන සතුටට වඩා ස්ථීරයි..සුන්දරයි..
නොසලකා හැරීම්.. අනාදරයට පත් වීම්.. පුද්ගලිකව ගැනීම ම පරාජිත වීමට ලොකුම හේතුවයි.
නිදහස් නිවහල් හිතකින් ලෝකය නෙත් විවර කර බලමු..
ඇත්තෙන්ම ඒ සුන්දරයි.
පාලනය කළ නොහැකි දේ පාලනය නොකර සිටීමෙන් ලැබෙන මානසික සහනය.. කුරුල්ලෙකුගේ පියාපත් තුළ ඔබව සඟවා ගනී.
ඉතිං තුළින් පිටතින් ඔබ, සුන්දර නිදහස් සාමකාමී ප්‍රාණියෙක්..
වීමම සුන්දරයි.

දර්ශනී අබේසිංහ

More From Author

රන් රෝස මලක් සොයා ගිය සඳ ගමනක්

ඒක තමා විය යුතු…..

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348