කපිල ක්‍රිෂාන්ත
alchemist
නොවැම්බර්/දෙසැම්බර් 2017
අපේ මේ උත්සහය ඉහත සදහන් ඩෙකාටියන් (ඕලන්ද ජාතික රෙනේ ඩෙකාර්ට් 1596-1650) වාක්‍ය පැන නැගීම ඩෙකාර්ට් තුල පරීක්ෂාවට ලක් කිරීමයි. මොකද බටහිර දර්ශනවාදය ග්‍රීක දර්ශනවාදයෙන් වෙන් වෙන සුවිශේෂි කණ්ඩනය මේ වාක්‍යයෙන් සළකුණු වෙන බවට පිළිගැනෙනවා. ඉතින් අපි මුලින්ම ඉහත වාක්‍ය විසින් බටහිර චින්තනය තුල සළකුණු කරන කණ්ඩනය කුමක්දැයි වටහා ගමු.
මූලිකව අපි වටහාගත යුත්තෙ මෙම වාක්‍ය ඩෙකාර්ට්ගේ දාර්ශනික තැටමීම තුල එලියට පැන්න කාරණයක් මිසක් ඔහුගේ දාර්ශනික ව්‍යාපෘතිය වුනේ ඉහත වාක්‍ය සාධනය කරන්න යෑම නෙවෙයි.
15 වෙනි 16 වෙනි ශතවර්ෂය කියන්නෙ මිනිසා සහ ලෝකය පිළිඹදව පැවති විශ්වාසයන් , විචාරයන්, දැනුම අතිශය අර්බුධයට ගිය කාලයක්. එක අතකින් විද්‍යාවේ දියුණුව ,දේශ සීමා පුලුල් වීම, ධනවාදයේ ව්‍යාප්තිය වගේ කාරණාත් මේ නිසා අනෙක් අතින් අතීතයේ සිට පැවත ආ විශ්වාසයන්, ආගමික හර පද්ධතීන් ,පැරණි සිතීමේ විධීන් සමග අනෝන්‍යව එකිනෙක ගැටෙමින් මිනිසාගේ සාම්ප්‍රදායික සිතුම් පැතුම් ,නීති සම්ප්‍රදායන් සහ අභිරුචීන් විශාල අභියොගයකට ලක් වුනා.විශාල වෙනස්කම් අත්පත් කරගත්තා. අපි මේ වෙනස හදුන්වන්නේ ‘පුනරුදය’ නමින්. පුනරුදය විද්‍යාවේ සහ නව සොයාගැනීම් සිදුවුන යුගය කියලා හදුනා ගනිද්දි මිනිස් දැනුමට, විශ්වාස පද්ධතියට ,සිතීමට සිදු වු වෙනස්කම සහ ඒ වෙනස මොන තරම් ඒ විද්‍යාවන්ට සහ නව සොයා ගැනිම් වලට අනෝන්‍යව බලපානවාද කියන කාරණය අපි තීරණාත්මක ලෙස සැලකිය යුතු වෙනවා.
මේ අවධියේ සිතන්නන්ගේ මූලික විධිය උනේ සැක කිරීමෙන්, ඉවත් කිරීමෙන්(නිශේධනයෙන්-Negation) සහ විවාදාත්මකව (polemic) සිතන්නට ගැනීමයි. මේ සිතීමේ ඉරියව්ව විසින් යුරෝපයේ ආත්මීය හරය, ආගමික හරය, දේශපාලන හරය ආදී මේ සියළු දේ ග්‍රහණය කර ගත්තා. මේ සියළු දේට පහර දුන්නා. මේ නිසා මුළු යුරෝපය පුරාම සත්‍ය (Truth) පිළිබදව මහත් සැකයක්/ අවිශ්වාසයක්/ කුතුහලයක් ගොඩ නැගුනා. මේකට පාදක උන තවත් කාරණයක් තමයි නුතන විද්‍යාවන් බොහොමයක් මේ යුගය තුල ඇති වීම. ඒ සමගම ඇති වු විද්‍යාවේ දියුණුව විසින් බොහෝ නව සොයා ගැනීම් සිදු කිරිම නිසා මිනිසාට එතෙක් නොහැකි වු දේ හැකි කරවන එනම් මිනිස් සීමාවන් ඡය ගත්නා නිශ්පාදනයන් සිදුවන ‘සියල්ල හැකි කරවන’ යුගයක් නිර්මාණය වුණා. සියල්ල හැකි කරවන කිසිවක් සත්‍ය නොවේ. සත්‍ය ලෙස පසක් වෙන එකම කාරණය වන්නේ අනවරතව සිදුවෙන උත්සහයන් හා වැරදීම්ය (trail & errors)
ඉතිං මේ දැනුමට සිදුවෙන අනවරත බලපෑම පුනරුද සමයේ චින්තකයන් අතින් දාර්ශනිකකරණයට ලක්වුනා. අවම තරමින් අපට ඩෙකාර්ට්ගේ යුගයේ සිටි ඔහුට බලපෑ චින්තකයින් තිදෙනෙක් සහ ඔවුන්ගේ දාර්ශනික බලපෑම් පහත පරිදි හදුනාගත හැකියි.
ඇග්‍රිපා (Agripa) – මිණිස් ඥාණයේ ඇති අවිනිශ්චිත බව හා නිශ්පල බව.(The uncertainty and vanity of human Wisdom)
සැන්චෙස් (Sanchez) – කිසිවක් දත නොහැක (Nothing is known)
මොන්ටේන් (Montaign)- මිනිසාගේ දැනුම අඩුපාඩු සහිතය.එම නිසා ඔහුගේ සත්‍ය පරිපූර්ණ නොවේ.(Man lacks certain knowledge,for he lacks true being)
ඉතින් ඩෙකාර්ට්ගේ ඉහත වාක්‍ය වැහැරීම සිදුවන්නේ යුරෝපයේ සිදුවූ මේ මහා ඥාණ කාලගෝට්ටිය මැදයි. ඩෙකාර්ට්ගෙ මේ දාර්ශනික ආවේගය අපට හදුන්වන්න පුළුවන් “කිසිවක් නිශ්චිත නොවූ අවදියක නිශ්චිතත්වය සොයා යෑම” කියල. මේ සදහා ඩෙකාර්ට්ගෙ ක්‍රම වේදය වුනේ දේවල් ගැන සැක කරමින් සොයා බැලීමත් ඒ සැක සහිත දේ ඉවත් කරමින් නිශ්චිත දේ සොයා යෑමත්ය. එනම් ඩෙකාර්ට්ගේ සිතීමේ ක්‍රමවේදය අපි හදුනාගත යුත්තේ නිශේධනය (Negation) තුල සිතීමක් වශයෙනි. එනම් එය දේවල් බැහැර කරන සිතන ක්‍රමයකි. උදාහරණයකට “මෙය කොලපාට නොවේ” යැයි කියන විටත් “මෙය කොලපාට නොවන පාටකි” ලෙස කියන විටත් මේ සිතන විධි දෙක අතර වෙනස කුමක්ද? පළමු වාක්‍ය විසින් “මෙය කොලපාට නොවේ”යැයි හදුන්වන පාට මුළුමනින් බැහැර කෙරේ. නමුත් දෙවැනි වාක්‍ය තුල “මෙය” නැමති පාට “පාට විශ්වය තුල” කොළපාටින් වෙන්ව තබයි. ඉතින් පළවෙනි වාක්‍යය නිශේධනය තුල සිතීමට නිදසුනකි. එය මුලුමනින්ම “මෙය” යන්න බැහැර කරයි. එය තර්ක විතර්ක කලහැකි මට්ටමට (කොළපාට වේ/ නොවේ) සීමා මායිම් නිර්ණය කරයි. නිශේධනය(Negation) යනු ඒ පිළිඹද ඍණ අදහසක් ගෙන ඒම නොවේ. නිශේධනය විසින් සරල ගණිතමය ආකාරයට එහි සීමාවන් නිර්ණය කරයි.
නිශේධනයෙන් සිතීමට ඩෙකාර්ට්තුල වූ මේ පෙළඹිම කුමක්ද? එකක් ඔහු පසුකරමින් සිටි ඥෘණ යුගය එනම් 15 වෙනි 16 වෙනි ශතවර්ෂයන් වල පැවති අපි කලින් හදුනාගත් ආකාරයට ඥාණය අතිශය අවිනිශ්චිත ප්‍රශ්ණකාරී චල්‍යකාරී යුගයක් වීමයි.මේ යුගයේදී විය යුතු පරිදිම මේ නිසා ඩෙකාර්ට් දේවල් දිහා බැලුවේ අතිශය සැක (sceptic) සහිතවය. ඒ වාගෙම ඥාණයේ ඇති මේ අවිනිශ්චිත බව නිසා නිශ්චිතත්වය පිළිඹදව ගොඩනැගීම් සිදු කිරීම ඔහුගේ දාර්ශනික ආවේගය වීම නිසා සීමාවන් සළකුණු කලයුතු වීම ඔහුට අනිවාර්ය කෙරුණි.
ඩෙකාර්ටියන් සිතීම අධියර තුනක් ඔස්සේ කණ්ඩනයට ලක්වන අයුරු ඔහුගේ පහත සදහන් හැදෑරීම් වලින් හදුනා ගන්න පුළුවන්.
1632 – The Discourse on method.
1641 – The Meditations
1644 – The principle of philosophyb

The Discourse on method හි ඔහුගේ හදුනා ගැනීම වූයේ “මා දැනුවත්ව පරීක්ෂා නොකරන කිසිදු දෙයක් මට සත්‍ය ලෙස පිළිගත නොහැකිය .මා පිළිගත යුත්තේ මගේ මනසට ඉතා පැහැදිලිව දකින්නට හැකි නිවැරදිව හදුනාගත හැකි කිසිදු අවස්ථාවක මා තුල සැකයක් උපදින්නේ නැති දේවල් පමණි” යන්නය. සිසෙරෝ (Cicero) පවසන පරිදි කිසිදු දහසක් අලුත් නැත.ඒවා අපි තවත් අයගෙන් කොපි කරන අදහස්ය. ඒ වගේම ඒවා මිත්‍යාවන්ගෙන් ,පුරාකෘතිවලින් පිරී ඇත. මේ කිසිදු එකකින් අපහට නිශ්චයක් ගත නොහැකිය.මේ නිසා ඩෙකාර්ටි ඔහු සතු සියලු අදහස් බැහැර කර දමයි. ඔහු සතු සියලු විශ්වාසයන් තීන්දු තීරණ ඉවත දමයි.
මෙසේ සියළු දේ ඉවත් කිරීමේ ඔහුගේ අරමුණු හිස් බවකට යාම නොවේ.එය ඔහු උපමා කලේ බදුනක ඇති ඇපල් වල නරක් වුනු ඇපල් සහ හොද ඇපල් දෙකම ඇති විට අපි මුලින්ම කල යුත්තේ බදුනේ ඇති මුලු ඇපල් තොගයම ඉවත්කොට හොද ඇපල් එකින් එක හොදින් පරීක්ෂා කොට බදුනට දැමීමයි.ඉතිරිවූ නරක්වුන ඇපල් විසි කිරීමයි.මෙසේ ඔහු ඔහු සතු සියලු අදහස් ඉවත් කලේ ඇපල් මෙන් ඒවා හොදින් එකින් එක තෝරා බේරා ගැනීමටයි. මේ තෝරා බෙරා ගැනීම ඔහු නම් කලේ The Meditations -1641 ලෙසය. මෙසේ හොද ඇපල් තෝරා ගැනීම මෙන් මිනිස් අදහස් පරීක්ෂා කිරීමට එක්තරා නිර්ණායකයක් තිබිය යුතුය. එනම් සියල්ල සැක කිරීමට ඔහු තුල සැක නොකරන නිශ්චිතත්වයක් සළකුණුවී තිබිය යුතුය.

Descarts Philosophical Writing පොතට පෙර වදනක් ලියන ඇලෙක්සැන්ඩර් කොයිරේ පවසන පරිදි ඩෙකාර්ට් තුල පැවති මේ නිශ්චිතත්වයන් වන්නේ
1.දෙවියන් පිළිඹද විශ්වාසය (Belief in God)
2.ගණිතය පිළිඹද විශ්වාසය (Belief in Mathematics) ලෙසය.
එසේම හොද ඇපල් මෙන් ඔහු විසින් තෝරාගනු ලබන්නේ ඔහුගේ මණසට හේතූන් ජනනය කරන දේවල්ය. නිසැකවම මේ හේතූන් ගණිතය තුල සාධනය විය යුතුය. එනම් මේවා ගණිතය නිසා ජනනය වෙන හේතූන් (Mathematical Reason) විය යුතුය.මෙසේ ගණිතමය ලෙස පැන නගින හේතූන් තාර්කික(Ratio)ය. එසේම ඒවා අනුපාතිකය (proportion). මේ නිසා දේවල් අතර සම්බන්ධයත් ඒවායේ පිළිවෙලත් ගණිතමය හේතූන් මත ඇතිවේ.
ප්ලේටෝ ට අනුව සත්‍ය පවතින්නේ මනුස්සයාගෙන් පරිභාහිරවය. මේ සත්‍ය පිලිඹද ඥාණය ප්ලේටෝ හදුන්වන්නේ Idea ලෙසය. මේ ඥාණය (Wisdom) ඇත්තේ මිනිසාගෙන් පරිබාහිර විශ්ව ආකෘති(Forms) ලෙසය. මේ විශ්ව ආකෘතීන් වටහා ගැනීම ප්ලේටෝ පතන දාර්ශනික රාජ්‍යයේ (Philosophia). මෙලෙස ග්‍රීක දර්ශනවාදය තුල ප්‍රඥාව /දැනුම/ඥාණය මිනිසාගෙන් පරිභාහිරව තිබේ යැයි ගැනේ.

දැන් අපි නැවතත් ඩෙකාර්ට් වෙත එමු. ඩෙකාර්ට් පවසන්නේ දැනුමේ බීජ ඇත්තේ තමන් තුලම බවය.(The seeds of knowledge in us). එනම් දැනුම වැපිරිය හැකි බීජ ඇත්තේ තමන් තුලමය. මේ බීජ වැපිරීමෙන් “හේතූන්” (Reasons) නැමති අස්වැන්න ලැබේ. එම නිසා මේ බීජ “හේතුව” (Reason) දරා සිටින බීජ වේ. එසේම මිනිසාගෙන් භාහිර දේ ගණන් කිරීම තුල,චලිතය තුල(motion) ,සිදුවන විධික්‍රමය තුල (Mechanism) ගැනීම ඩෙකාර්ට් ගන්නේ ෙභෟතය( Physics)ලෙසය. එම නිසා ඩෙකාර්ට්ට අනුව මිනිසාට ඇතුලතක් සහ පිටතක් ඇත.
මෙලෙස ග්‍රීක දර්ශණ වාදය තුල ආකෘතිමය (Forms ) ලෙස මිනිසාගේ පරිභාහිර තිබූ ප්‍රඥාව ඩෙකාර්ටියන් මැදිහත්වීම තුල මිනිසාගේ ඇතුලත/පිටත ලෙස ද්විඝටනය වේ. මෙය ග්‍රීක දර්ශනවාදය සහ බටහිර දර්ශනවාදය කණ්ඩනය වෙන ප්‍රධාන තැනකි.
දැන් නැවතත් අපි ඉහතින් ගත් ඩෙකාර්ට්ගේ ඉර පිලිඹද උදාහරණය ගමු. ඉර ඈතට කුඩාවට පෙනෙනවා. නමුත් අපි දන්නවා ඉර විශාල බව. ඩෙකාර්ට්ගේ ක්‍රම වේදය අනුව මේ දෙකම අත්හැර මේ පිළිඹදව එකින් එකින් පරීක්ෂාවට ලක් කල යුතුය. මේ ඕනෑම අදියරකදී විනිශ්චය වැරදීමට ඉඩ ඇත. විනිශ්චය මුලාවක් විය හැක. මේ නිසා ඩෙකාර්ට් මේ සියලු තැන් කෙරෙහි සැකයෙන් බලයි. නමුත් ඉර පිළිඹදව සිතන විටත් ඉර පෙනෙන විටත් එය ඉවත් කොට පරීක්ෂා කරන විටත් ඒ පිලිඹදව විනිශ්චයන් ගොඩ නගන විටත් එම නිශ්චයන් මුලාවක් යැයි සැක කරන විටත් මේ සෑම තැනම පවතින පොදු සාධකයක් ඇත. ඒ “මම “ය.
එනම් මේ මුලු සිතීමේ ක්‍රියාවලිය තුලම ඩෙකාර්ට් හදුනාගන්නා මූලික කාරණය වන්නේ “මම “ (I am) නිශ්චිත බවත් ‘මම සිතන’ (I think) බවත්ය. එනම් මේ මුළු සිදුවීමටම මුහුණදෙන මම ක් සිටින බවට ඇති සවිඥාණයයි. මේ ඩෙකාර්ට්ට අනුව මේ ‘මම’ පිළිඹදව විනිශ්චය ඕනෑම මොහොතක නොවෙනස්වන සත්‍යයකි. එනම් මා(I am) පවතීනම් මම සිතමින්(I think) සිටිය යුතුය.’මා සිතමින්’ සිටීනම් ‘මා සවිඥාණික’ (I conscious) විය යුතුය. ඩෙකාර්ට් සිය තාර්කික අනුපාතික සිතීම (Mathematical Reason)තුල එය සාධනය කරන්නේ එසේය.
අපි ආරම්භයේදී සටහන්කල ඩෙකාර්ට්ගේ සුප්‍රසිද්ධ වාක්‍ය පැන නගින මූලාශ්‍රයන් එලෙසය.
I think there for I am
“මම සිතමි.එබැවින් මා සිටිමි”
ඔහු මේ වාක්‍යයට එන්නේ අදියර තුනක් පසු කරමින්ය. ඔහුගේ මුල්ම හදුනාගැනීම වුනේ, දකින මමක් සිටින නිසා ඇවිදින මමක් සිටින නිසා මම පවතී යන්නය. I see (or I am walking) there for I exist). මෙහිදී ඔහුගේ ගැටලුව වූයේ මම දෙනෙත් පියාගත් පසුවත් මා එකතැන සිටිනා විටත් මා සිටින්නේ කොහොමද ?බවයි. I may think I am seeing though I do not open my eyes(or think I am walking although I do not change my place. මීලගට ඔහුගේ හදුනාගැනීම වූයේ “මා සිටින බව අත්දකිමින් සිටින නිසා මම පවතින බවයි. I experience there for I am යන්නය.මෙහිදී ඩෙකාර්ට් පැවැත්ම Existence සහ අත්දැකීම Experience පිළිඹදව නිශ්චිතත්වය (certainty)තුල ගැඹුරින් සිතිය යුතු බව අවධාරණය කරයි. එනම් මේ සිතනවා ය යන අත්දැකීම සවිඥාණික අත්දැකීමක් conscious Experience විය යුතුය. මේ සවිඥාණිකව ගන්නාලද අත්දැකීම තමයි (cogitare) තමයි ‘මම සිතමි’ (I think) –කොගිටෝව (cogito) ලෙස ඩෙකාර්ට් නාමකරණය කරන්නෙ. මේ නිසා ඩෙකාර්ටි සවිඥාණික සිතන්නෙක් conscious being පිළිඹදව අවධාරණය කරයි.
ඉතින් ඩෙකාර්ටියන් සිතන්නා සිතීම තුල සිය පැවැත්ම සවිඥාණික කරන කෙනෙකි. එමෙන්ම එය විනාඩි දහයකට පෙර පැවති සවිඥාණයක් නොවේ. විනාඩියකට මොහොතකට පෙර සවිඥාණයක්ද නොවේ. එසේම අනාගතේ සවිඥාණික වේ යැයි ද නොවේ. එනම් මා සිතන I think නිසා එන සවිඥාණික පැවැත්ම මේ මොහොතේ I am now එනම් වර්තමාන සවිඥාණයකි.






