විශ්වාසනීය මිත්‍රත්වය ආශීර්වාදයකි

අපේ යාලුවා වෙන කෙනෙකුට ලං වෙනවා ට අපි පුංචිම කාලේ හරිම විරුද්ධයි. මතකද?.. එයා වෙන කෙනෙක් එක්ක කතා කරනවා වැඩියි වගේ දැනුනා ම එකම යුද්ධයයි.
මාත් ඒ වගේ කෙනෙක්. මගේ යාලුවා වෙන යාලුවෝ එක්ක ඉන්නවා දැක්කම මට ඉස්සර ඇඬෙනවා. එයා මගේ යාලුවා විතරමයි කියලා හිතාගෙන ඉන්න හින්ද වෙන්න ඕන. සමහරවිට මගේ යාලුවගේත් යාලුවා මං විතරම වෙන්න ඇති. ඒ වුණාට එයා මට වඩා සමාජශීලී අයෙක් වෙන්න ඇති. මට අමතරව තව යාලුවෝ එක්ක ඉන්න ඇත්තේ ඒ හින්ද වෙන්න ඕන කියල අද මට හිතෙනවා.
පුංචිම කාලේ පුංචිම හිත්වල තියෙන ඔය වගේ ළඳ බොළඳ අදහස් කාටවත්ම හානිකර නෑ. “ආ.. එයා එහෙම නම් මාත් අලුත් යාලුවෝ හදාගන්නවා” කියලා හිතලා යාලුකම නැති කර ගත්තෙත් නෑ.
මං,.. ඇතුලාන්තයට හිත යොමුකර, වැඩි සද්ද බද්ද නැතුව හිටිය, ලැජ්ජාශීලී, සබකෝලය උපරිමයෙන්ම තිබුණ පාඩුවේ තනියම ඉන්න කැමති චරිතයක් විදියටයි මට මතක.
දැන් ඒ චරිත ලක්ෂණ එසේම නොවුණත්, ටිකක් හරි තියෙනවා කියලත් මං දන්නවා.

කොහොම හරි ඒ හින්දම මට පුංචිම කාලෙත් එච්චර යාලුවෝ හිටියේ නෑ. හිතට ලං වුණ කෙනා එක්ක විතරක් ගනුදෙනු කරන, *** දෙක

වැඩියෙන්ම පන්තියේ කවුරුවත් නැති, විවේක පීරියඩ් ඔක්කොගෙමත්, ගුරුවරු මාරුවන කාලච්ඡේද අතරත්, ඩෙස්කුවට හිස තියාගෙන, පොතක් ඔඩොක්කුවේ තියාගෙන හිටපු ළමා කලයක් තමා මට තිබුනේ.

මං හරිම අහිංසක ගෑණු දරුවෙක් කියලා අද වුනත් මං මාවම හඳුන්වා ගන්නවා. වැඩි සද්ද නැතුවුණාට, ඉගෙන ගන්න දක්ෂ, පාසලේ ක්‍රීඩා කණ්‌ඩායම් නියෝජනය කල, ශිෂ්‍ය නායිකාවක ලෙසට නායකත්ව ලක්ෂණ ද ප්‍රගුණ කල චරිතයක්. මේ කියවන, මගේ පාසලේ සමකාලීන මිතූරියෝ ඊට සාක්ෂි දරනවා ඇති.
අද ඉන්න මා නිර්මාණය කල මගේ පාසල් මාතාවට මගේ හදපිරි භක්තිය ද මේ සමගම සටහන් තබන්නට ඕන.
ලියාගෙන යද්දී සිතිවිලි වෙනතකට ඇදිලා ගියා. ඒ හින්දා ප්‍රස්තූතයෙන් පිට ගිය බවක් දැනුණ හින්දා ලිවීම නතර කරලා ආයෙත් මේක ලියන්න ගත්තේ දවස් ගානකට පස්සේ.
අද මං වැඩිහිටි කාන්තාවක්. පුංචිම ගෑණු දරුවෙකුට වඩා, යමක් කමක් තේරුම් ගත හැකි වයසක කෙනෙක් හැටියට, ළඳ බොළඳ ලෙස හැසිරෙන, පොඩිවුන් දැක්කම හරි දේ මේකයි කියලා කියලා දෙන්න තරම් අත්දැකීම් බහුල කාන්තාවක්.
ඒත්..
යාලුවො තරහා වුණාම එයා කිව්ව දේවල් තව අයට කියන, යාලුවා වෙන අය එක්ක කතා බහ කරලා ඉන්නව දැක්කම දෙගොල්ලොම එක්ක තරහා ගන්න, යාලුවෝ බිඳවන, අය දැක්කම මගේ හිතට දැනුන හැඟීම ලියලා තියන්න ම හිතුනා.
හොඳම යාලුවා කෙරෙහි වත් නැති විශ්වාසවන්ත භාවය ඔබ කෙරෙහි පවතී ද?
කවදාවත්ම නෑ.
හැබැයි,
හොඳම යාලුවා නූනත් කමක් නෑ, කෙනෙක් ගැන තව කෙනෙක් කියපු දෙයක් ඒ කෙනාටම ආපහු කියන, ඉතාම අශෝභන ක්‍රියාව කවදාවත්ම නොකර ඉමු.
හොඳම යාලුවා උනත් කමක් නෑ,..

එයා එක්ක වුනත් අන් අය විවේචනය නොකර ඉමු.
මොකද හොඳම යාලුවෝ අතරත් ඔවැනි දුර්ගුණ සහිත යාලුවෝ ඕනෑ තරම්.
ලස්සන හිනාවකින්,
ආදරණීය කතා ලතාවකින්,
තාවකාලිකව වසා ගත හැකි නමුත්, එම දුර්ගුණ සමාජයට එකතු කරන දුර්ගන්ධය මකා දැමීමට පහසු නොවන බැවිනි.

More From Author

ගර්භාෂයට වෙඩි තැබීම

ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348