එක්සත් ප්‍රජා සහයෝගිතා මධ්‍යස්ථානය අභිමානවත් ව්සිවෙනි 20 වැනි සංවත්සර සනිටුහන් කරයි.

එක්සත් ප්‍රජා සහයෝගිතා මධ්‍යස්ථානය ආබාධ සහිත ප්‍රජාව සවිබලගැන්වීමේ අරමුණින් “කැතරින් ලියනගේ” නම් වූ විදේශ ජාතික කාන්තාවගේ අදහසකට අනුව ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් 2005 වසරේදී ආරම්භ කරන ලදී
ප්‍රතිලාභීන් 489 ක් වැනි ප්‍රමාණයක් සදහා සේවා සපයන අප ආයතනය, රාජ්‍ය නොවන සංවිධාන කාර්‍යාලයේ අංක L .105104 යටතේද, ආභාධ සහිත පුද්ගලයන්ගේ මහලේකම් කාර්‍යාලයේ අංක MSS/NSPD/R 178 යටතේද, ලියාපදිංචි වු ලාභ නොලබන දේශීය රාජ්‍ය නොවන සංවිධානයකි.
අපගේ සෙවාවන් වැඩිදුරටත් පුලුල් කරම්න් 2013 වසරේදී හික්කඩුව සහ 2016 වසරේදී මාතර යන ප්‍රදේශ මූලික කරගනිම්න් එම ප්‍රදේශ වල පදිංචි විශේෂ අව්‍යශතා සහිත දරුවන් හා ප්‍රජාව ඉලක්ක කර අධ්‍යාපනික, සංවේදන, පුද්ගල සංවර්ධන හා වෘත්තීය පුහුණු වැඩසටහන් දියත් කරමින් සිටින අතර අපගේ සේවාවන් ලබා ගන්නා ප්‍රතිලාභීන් හට එම සේවාවන් කිසිදු මුදලක් අයකිරීමකින් තොරව නොමිලයේ සැපයීම සිදුකරනු ලබයි.
ආභාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරකිමින් අන්තර්කරණය වූ වටපිටාවක් තුළ ඔවුන් ස්වාධීන පුද්ගලයින් ලෙස සවිබල ගැන්වීම එක්සත් ප්‍රජා සහයෝගිතා මධ්‍යස්ථානයේ අපගේ පරමාර්ථය වන අතර, ආබාධ සහිත බව නොහැකියාවක් නොවන බව පසක් කරම්න්, ඔවුන් නිවසට සහ සමාජයට බරක් නොව සම්පතක් බව ඔවුන්ගේම හැකියාවන් තුළින් පිළිබිඹු කිරීම එක්සත් අපගේ අරමුණයි.
මෙසේ සිදුකල සේවාවන් අගයමින් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා දීපවියාප්ත්ව පැවැත් වු “ ස්වාභිමානී” 2020 ජාතික සම්මාන ප්‍රදානයේදී හොඳම ළමා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය වශයෙන් දිවයිනේ ප්‍රථමයා ලෙස ඇගයීමට හා සම්මානයට පාත්‍ර වීම එක්සත් ප්‍රජා සහයෝගිතා මධ්‍යස්ථානය අප ලැබූ මහඟු ජයග්‍රහණ අතරින් එකකි.
එයින් නොනැවතී අන්තර්කරණය වූ වටපිටාවක් තුළ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් ඉලක්ක කරගනිමින් ඒක පුද්ගල අධ්‍යාපනික සැලස්මක් ඔස්සේ විදිමත් අධ්‍යාපනයකට ළමයා හුරුකරවීමත්, පාසල් යන වයසේ පසුවන එහෙත් පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් පාසල් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර ඒ සදහා මගපෙන්වීමත් එක්සත් ආයතනය සපයන සේවාවන් අතර වේ.
කථන චිකිත්සක හා භෞත චිකිත්සක සේවාවන් අවැසි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා එම සේවාවන් නොමිලේයේ සපයමින්, උග්‍ර අභාධ සහිත දරුවන් හට අවශ්‍යය සංවේදී කුසලතා සංවර්ධනය සදහා නිවෙස් වෙත ගොස් විශේෂ සේවා සැපයීමද , වෘත්තීය පුහුණු කිරීම්, පෞරෂ සංවර්ධන වැඩසටහන් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරමින් වැඩසටහන් පවත්වා උපකරණ ලබාදීම ද ඒ අතර කැපී පෙනෙන අංගයන් වේ.
එම සේවා තවදුරටත් පුළුල් කරමින් පාසල් තුල සිටින පැහැදිලි ආබාධ සහිත බවක් පෙන්නුම් නොකරන නමුත් විවිධ හේතූන් මත අධ්‍යාපනික දුර්වලතා සහ දුබලතා මත අඩු සාධනීය තත්ත්වයන් පෙන්නුම් කරන දරුවන් වෙනුවෙන් පාසල් පද්ධතිය තුල අන්තර්කරණ අධ්‍යාපනික වැඩසටහන් හා ව්‍යාපෘති දියත් කිරීම ද මේ වන විට සිදු කරනු ලබයි.

  • 2025.04.01 වැනි දින දක්වා පුරා විසිවසක් තුල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා ප්‍රජාව වෙනුවෙන් සේවාවන් සපයමින් සිදු කරනු ලැබූ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් එක්සත් ප්‍රජා සහයෝගිතා මධ්‍යස්ථානය දිනෙන් දින දියුණු වේවායි ප්‍රර්ථනා කිරීමට නොහැකි වුවත්, ඔබේ දරුවන් වෙනුවෙන් දිගුකල අපගේ දයාවේ දෑත් මතුවටත් එලෙසම පවතිනු ඇති බව මෙයින් සනිටුහන් කරමින්, මේ කාලය සමරනු වස් අප විසින් සංවිධානය කල විශේෂ වැඩසටහන එක්සත් ප්‍රජා සහයෝගිතා මධ්‍යස්ථාන භූමිය තුල දී 2025.04.06 වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මෙයින් දන්වා සිටිමු.
  •  එක්සත් ප්‍රජා සහයොගිතා   මධ්‍යස්ථානය ගාල්ල.

More From Author

බටලන්ද ඝාතකාගාර සහ සමූහ මිනීවළ: ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට සහ කම්කරු පන්තියට එරෙහි අපරාධවල පන්ති මූලයන්

ක්‍රිෂ්ණන් ගුරු-මූර්ති (චැනල් 4 නාලිකාව)

Leave a Reply

Categories

LDM Columns