මහේෂ් මුණසිංහ
ක්‍රිෂ්ණන්
ඔබට මේ කරන දේවල් වල වටිනාකමක් තියෙනවා කියල හිතනවාද? ඔබ මොනවා හරි දෙයක් සාක්ෂාත් කරගන්නවාද? ඔබේ පෞද්ගලික ආරක්ෂාව දැන් අනතුරේ, එහෙම නේද?
ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්:
ඔහ්, ඔව්. මට කුඩා දරුවන් දෙදෙනෙක් ඉන්නවා, එහෙත් මගේ පිළිතුර නම් මගේ ජීවිතයේ කිසිවෙකු ඔබ ඇතුළු අනිත් හැමෝටම වඩා වැදගත් කියලා නැහැ,
ක්‍රිෂ්ණන්.
ඔබ ගාසා තීරයේ නම් ඔබේ පවුල සමූලඝාතනය කරන විට, මා වැනි කෙනෙකු අවදානම් ගැනීම ගැන ඔබ ඉතා සතුටු වේවි, මන්ද අවම වශයෙන් ඔබට වෙන දේ දකින්නවත් කෙනෙක් ඉන්නවා. එය සදාචාරාත්මක අවශ්‍යතාවයක්, එය සදාචාරාත්මක කැඳවීමක්. එහෙව වුණාම මට පැහැදිලි, සැහැල්ලු හෘද සාක්ෂියකින් නිදා ගත හැකිය.
ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්:
මම කල්පනා කරනවා ලෝක නායකයින් මේ රටේද (බ්‍රිතන්‍යයේ) ඇතුළුව, මේ දිනවල ඔවුන්ගේ දරුවන් දෙස බලන්නේ කෙසේද, ඔවුන්ගේ ආහාර සපයා දෙන්නේ කෙසේද, ඇමේසන් හෝ වෙනත් ඕනෑම තැනකින් ඔවුන්ගේ විවිධ දේවල් මිලදී ගන්නේ කොහොමද කියලා. ඔබට එය නැවැත්වීමට බලය ඇති බවත් ඔබ එය නොකරන බවත් දැන දැනත් ඔබේ ජීවිතය ගත කරන්නේ කොහොමද?
බලහත්කාරයෙන් පදිංචිව සිටින පලස්තීන ප්‍රදේශ සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු, ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් (Francesca Albanese) සමඟ බ්‍රිතන්‍යයේ චැනල් 4 (Channel 4) ක්‍රිෂ්ණන් ගුරු-මූර්ති (Krishnan Guru-Murthy) පසුගිය මාර්තු 18 දා කළ සාකච්ඡාවෙන්.





