මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමය අතර වාර්ෂිකව පැවැත්වෙන රෝහිණී අලස් – ඇග්නස් ඩි අල්විස් අභියෝගතා දැල්පන්දු ශුරතාවය මෙවර 2025 මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමය විසින් දිනා ගන්නා ලදී.
ඊයේ මාර්තු 3 දින මහනුවර මහ නගරසභා ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති තරගය මුල සිටම් තියුණු මුහුනුවරක් ගත් අතර පළමු අර්ධය නිමවන විට ලකුණු 06-04 ලෙස පෙරමුණ ගැනිමට යහපත් එඩේරාගේ කන්‍යාරාමය ඉදිරියෙන් සිටි අතර තරගය නිමාවන විට ලකුණු 25 -18 ලෙස ලකුණු සටහන් විය.
තරගයේ දක්ශතම විදින්නිය ලෙස යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ චතුකි ලියනගේද, දක්ෂතම ආරක්ෂක ක්‍රිඩිකාව සිතුමිණී මදුරාවලද, මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සවින්ද්‍යා නවරත්න ක්‍රිඩිකාව හොදම මැදපෙළ ක්‍රිඩිකාව ලෙස කුසලාන දිනා ගන්නා ලදී.

අවුරුදු 15පහළ තරගයේ 11 – 10 ලෙස ලබා ගනිමින් ගේට්වේ ජාත්‍යන්තර පාසල ජයග්‍රණය හිමිකර ගැනිමට ඔවුන් සමත් වුවාය.
මහනුවර හිල්වුඩ් හා කුරුණෑගල ම්ලියදේව බාලිකාවියන් අතර ප්‍රදර්ශණ තරගයක් පැවැත්වූ අතර ලකුණු 15- 09 ලෙස හිල්වුඩ් බාලිකාවියන් මෙහි ජයග්‍රහනය හිමිකර ගැනිමට සමත් විය.
ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු ජාතික පුහුණුකාරිණි තිලකා ජිනදාස මහත්මිය මෙම තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්විය.
යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ විදුහල්පතිනි මේරි සුදාරිකා ප්‍රනාන්දු කන්‍යා සොයුරිය, ගේට්වේ ජාත්‍යන්තර පාසල් සහාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා ගේට්වේ මහනුවර පාසලේ විදුහල්පති ග්ලැඩ්වින් කනකසබේ, අධ්‍යක්ෂවරුන් වන අමන්තා අලස්, අශොක හේරත් යන මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එස්. ජයරත්න