දැවුනු චිතකයේ දුම්රොටු සුළඟ ඇවිදින් බදාගන්නේ
කඳුළු අතරින් බොඳව දකිනා අඳුරු සිත්තම් මවන්නේ
නිවුනු සෝ ගිනි තැවුල්
සංකා කැරකෙමින් යලි තුරුලු වන්නේ
නැඟුණු සිතුවිලි වාන් දමනා ඉමක් නැති වග
කවුද දන්නේ?
දිවිය ලෝකයේ
දොරටුව ට ඇරලවන්නද මේ හදන්නේ
දිවියෙ අරුමය නිමා කෙරුවම සුළඟ විතරද තනි රකින්නේ
මෙ දිය දම නොදැනීම අපගේ දයිවයට සරදම් කරන්නේ
අපිය අවසන තනි තනිව යන ගමනෙ උත්තර බඳින්නේ!
එස්. අමුණුගම